ඕමානයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය “තානාපති සමඟ කතා කරන්න” (Talk with the Ambassador) නමින් ප්‍රජා සත්කාරක සංසදයක් ආරම්භ කර ඇති බව විදේශ අමාත්‍යංශය පවසයි.
ඕමානයේ වෙසෙන ශ්‍රී ලාංකික විදේශගත ප්‍රජාවේ සාමාජිකයින් වෙත ළඟාවීම සහ ඕමාන සුල්තාන් රාජ්‍යයේ ශ්‍රී ලංකා තානාපති අමීර් අජ්වාඩ් සමඟ සෘජුව කතා කිරීමට මෙන් ම සිය ගැටළු පිළිබඳ සාකච්ඡා කිරීමට එම ප්‍රජාවට පහසුකම් සැලසීම මෙම සංසදයේ අරමුණයි.
මෙම සංසදය සෑම මසක ම අවසන් බ්‍රහස්පතින්දා පෙරවරු 09.00 සිට පස්වරු 2.00 දක්වා පැවැත්වීමට නියමිතය. මෙහි දී ඕමානයේ වෙසෙන ශ්‍රී ලාංකිකයන් හට පහත සඳහන් ගාස්තු රහිත දුරකථන අංකය මගින් සෘජු ව තනාපතිවරයා ඇමතීමට හැකියාව ලබා දී ඇත.
80007877
“තානාපති සමඟ කතා කරන්න” (Talk with the Ambassador) ප්‍රථම සංසදය 2021 නොවැම්බර් මස 25වන දින පෙ.ව. 9.00 සිට ප.ව. 2.00 දක්වා පැවැත්වෙන බව තානාපති කාර්යාලය මෙයින් දන්වා සිටී.