තඹුත්තේගම, යාය 05 රාජාංගනය ප්‍රදේශයේ නිවසක පුද්ගලයෙකු සැකකටයුතු ලෙස මියගොස් ඇති බවට තඹුත්තේගම පොලිසියට තොරතුරක් ලැබී ඇත.
මෙලෙස මියගොස් ඇත්තේ එම ප්‍රදේශයේම පදිංචිව සිටි 54 හැවිරිදි පුද්ගලයෙකි.
සිද්ධිය සම්බන්ධයෙන් තඹුත්තේගම පොලිසිය විසින් විමර්ශන ආරම්භ කර ඇති අතර, මෘත ශරීරය පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා අනුරාධපුර රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර තිබේ.
















