27 April 2024
#දේශීය

පාසල් ආරම්භ කල පසු ගුරුවරු නිත්‍ය ස්ථානයේ සේවයට යායුතුයි – අමාත්‍ය ලේකම්

සියලුම ජාතික පාසල් වල ගුරු භවතුන් වෙත රටෙහි පවතින Covid – 19 වාතාවරණය හමුවේ පාසල් වසා පවතින කාල සීමාව තුළ, තම නිත්‍ය සේවා ස්ථානයේ සිට වෙනත් පාසලක් වෙත තාවකාලික අනුයුක්ත ලබා එම අනුයුක්ත කාල සීමාවන් අවසන් කළ ගුරුභවතුන් නැවත පාසල් ආරම්භ කළ පසු තම නිත්‍ය සේවා ස්ථානයේ සේවයට වාර්තා කළ යුතු බව අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා පවසයි.

තවදුරටත් එකී අනුයුක්ත සේවා කාලය දීර්ඝ කර ගැනීමට අවශ්‍ය නම්, පාසල් ආරම්භ කළ පසු තම නිත්‍ය සේවා ස්ථානයේ විදුහල්පතිගේ නිර්දේශ සහිතව නැවත ඉල්ලීමක් අධ්‍යාපන අධ්‍යක්ෂ (ගුරු ස්ථාන මාරු) වෙත ඉදිරිපත් කළ යුතුය.

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *