ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම තාක්ෂණික විසඳුම් සපයන්නෙකු වන ටෙක්සෝන් (Techzone), ලෙනොවෝ (Lenovo) සමාගම සමඟ එක්ව කෘතිම බුද්ධියෙන් (AI) සන්නද්ධ නවතම පරිගණක සහ උපාංග ඇතුළත් සුවිශේෂී ප්‍රදර්ශනාගාරයක් (Lenovo Exclusive Store) මහනුවර නගරයේදී අද (05) විවෘත කරන ලදී. මධ්‍යම පළාතේ පාරිභෝගිකයන්ට සහ ව්‍යාපාරික ප්‍රජාවට ලෝකයේ නවතම තාක්ෂණය ඉතා සමීපව අත්විඳීමට මෙහිදී අවස්ථාව සැලසේ. කෘතිම බුද්ධිය මගින් ක්‍රියාකාරීත්වය ප්‍රශස්ත කරන ලද ලැප්ටොප්, ඩෙස්ක්ටොප් සහ අනෙකුත් උපාංග රැසක් මෙම වෙළඳසැලේදී ප්‍රදර්ශනය කෙරේ.
මෙම සමාරම්භක අවස්ථාව සඳහා ලෙනොවෝ ඉන්දියා ආයතනයේ විදේශ ව්‍යාපාරික අධ්‍යක්ෂ නවීන් කෙජ්රිවාල් (Naveen Kejriwal) සහ ටෙක්නොසිටි (Technocity Pvt Ltd) සභාපති ෆැමී ඉස්මයිල් (Famy Ismail) යන මහත්වරුන් ඇතුළු දෙස් විදෙස් නියෝජිත පිරිසක් සහභාගී වූහ. නවීනතම AI තාක්ෂණය සහිත ආරක්ෂණ පද්ධති සහ සන්නිවේදන මෙවලම්වලින් සමන්විත මෙම උපකරණ, දේශීය පාරිභෝගිකයාට නව පරපුරේ පරිගණක අත්දැකීමක් ලබා දීමට සමත් වනු ඇතැයි උත්සවය ඇමතූ නිලධාරීහු ප්‍රකාශ කළහ.
“ලෝක මට්ටමේ නවෝත්පාදන මධ්‍යම පළාතේ ජනතාවට සමීප කිරීම අපේ අරමුණයි,” යනුවෙන් ටෙක්නොසිටි සභාපති ෆැමී ඉස්මයිල් මහතා මෙහිදී පැවසීය. ලෙනොවෝ සහ ටෙක්නොසිටි අතර පවතින දීර්ඝකාලීන සබඳතාවය ශ්‍රී ලංකාව තුළ එම සන්නාමය කෙරෙහි පවතින විශ්වාසය තවදුරටත් තහවුරු කිරීමට සමත් වී තිබේ. මහනුවර පිහිටි මෙම නව ප්‍රදර්ශනාගාරය හරහා පාරිභෝගිකයන්ට අලෙවියෙන් පසු විශිෂ්ට සේවාවක් සහ තාක්ෂණික උපදෙස් සෘජුවම ලබා ගැනීමට ද අවස්ථාව සැලසේ.
ලොව පුරා ස්මාර්ට් තාක්ෂණය ව්‍යාප්ත කිරීමේ ලෙනොවෝ දැක්මට අනුව ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික සහ පාරිභෝගික ක්ෂේත්‍රය AI තාක්ෂණයෙන් සන්නද්ධ කිරීම මෙම පියවරේ ප්‍රධාන ඉලක්කයකි. මැදපෙරදිග පවතින යුදමය වාතාවරණය හමුවේ ගෝලීය සැපයුම් දාමයන්ට අභියෝග එල්ල වී තිබුණද, මෙවැනි ජාත්‍යන්තර ප්‍රමිතියෙන් යුත් වෙළඳසැලක් මෙරට විවෘත කිරීම දේශීය තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයේ ප්‍රගමනයට මහත් දායකත්වයක් වනු ඇත.














