27 April 2024
#විදෙස්

ඉන්දියාවේ ගොඩනැගිල්ලක් කඩාවැටිමෙන් දස දෙනෙකු මරුට

ඉන්දියාවේ, මහාරාෂ්ට්‍රයේ භිවාන්දී නගරයේ තෙමහල් ගොඩනැගිල්ලක් කඩාවැටීමෙන් 10 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව ඉන්දිය මාධ්‍ය වාර්තා කරයි.

එම වාර්තා සඳහන් කලේ අද (21) අලුයම මෙම සිදුවීම සිදුව ඇති අතර සුන්බුන් අතර සිරවී සිටි කුඩා දරුවෙකු ඇතුළු 31 දෙනෙකු මේ වනවිට බේරාගෙන ඇති බවයි.

25 දෙනෙකු පමණ කඩාවැටුණු ගොඩනැගිල්ලේ සුන්බුන් අතර සිරවී සිටිනු ඇති බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි. සහන කණඩායමක් සුන්බුන් අතරේ සිරවී සිටි පුද්ගලයින් බේරා ගැනීමට මෙහෙයුම් දියත් කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරයි.

මෙම ගොඩනැගිල්ල ඉතා පැරණි එකක් වන අතර එය අබලන් තත්ත්වයේ පැවැති බව නිරික්ෂණය වී තිබුණි බව ඉන්දිය මාධ්‍ය වාර්තා සඳහන් කරයි.

Leave a comment

Your email address will not be published. Required fields are marked *