• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

මාර්ග සංවර්ධනය පිළිබඳ ජනපති දුන් පොරොන්දු ඒ ආකාරයෙන් ඉටු කරනවා – මහාමාර්ග අමාත්‍යංශය ලේකම්

25 November 2021
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

“සෞභාග්‍යයේ දැක්ම” ප්‍රතිපත්ති ප්‍රකාශනයෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ජනතාවට දුන් පොරොන්දු ප්‍රකාරව සියලුම මාර්ග නියමිත කාලයට සංවර්ධනය කිරීමට පියවර ගන්නා බව මහාමාර්ග අමාත්‍යාංශයේ ලේකම් ආර්.ඩබ්.ආර්. පේමසිරි මහතා පවසයි.

ඒ මහතා මේ බව පැවසුවේ “ශ්‍රී ලංකාවේ මාර්ග පද්ධතිය ගැන අලුත්ම තොරතුරු” යන මැයෙන් අද (25) පෙරවරුවේ ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ජාවට එක්වෙමිනි.

දිවයිනේ සියලුම අතුරු මාර්ග හා ප්‍රවේශ මාර්ග සංවර්ධනය කොට ප්‍රධාන මාර්ග පද්ධතිය හා සම්බන්ධ කිරීම කඩිනම් කර ඇති බව ද ලේකම්වරයා කියා සිටියේය.

ජනතාව ඉමහත් උනන්දුවකින් බලා සිටින මධ්‍යම අධීවේගී මාර්ගයේ මීරිගම සිට කුරුණෑගල දක්වා කිලෝමීටර් 41කින් සමන්විත කොටස නුදුරේදීම ජනතා අයිතියට පත්වන බවත්, කොවිඩ් වසංගතය හමුවේ දැඩි කැපවීමකින් උදාකරගත් එම අවස්ථාව විශාල ජයග්‍රහණයක් බවත් ලේකම්වරයා පෙන්වා දෙයි. වසර 2024 වන විට මධ්‍යම අධිවේගී මාර්ගයේ සංවර්ධන කටයුතු සම්පූර්ණ කිරීමට හැකි වන බව ද ඒ මහතා කියා සිටි.

මාර්ග සංවර්ධනයේ දී අදාළ ප්‍රසම්පාදන ක්‍රියාවලිය අන්තර්ජාතික නියමයන්ට අනුව සිදු කෙරන අතර ඉදිකිරීම් වලදී ද ජාත්‍යන්තර ප්‍රමිතිය ආරක්ෂා කරගැනීම සඳහා ඉදිකිරීම් හා පුහුණු කිරීම් ආයතනය නියම කළ තාක්ෂණික පිරිවිතරයන්ට අනුව ම කටයුතු කරන බව ද පේමසිරි මහතා පවසයි.

කොළඹ නගරයේ මාර්ග තදබදයට හේතු වන ප්‍රධාන මංසන්ධි සියල්ල පුළුල් කර, නවීන තාක්ෂණයෙන් යුත් ආලෝක සංඥා පද්ධති සවි කිරීමට සැලසුම් කර තිබේ. භෞතික අවහිරතා ඇති ස්ථානවල ගුවන් පාලම් වැනි විකල්ප ක්‍රම භාවිතා කරමින් මාර්ග තදබදයට විසඳුම් ලබාදීමට සැලසුම් කර ඇති බවත් ප්‍රධාන නගර ආශ්‍රිතව විකල්ප මාර්ග ඉදිකිරීමට ද යෝජනා කර ඇති බව ද ලේකම්වරයා පැවසීය.

කොළඹ – පුත්තලම ප්‍රධාන මාර්ගය සංවර්ධනය කිරීමට සැලසුම් කර ඇති අතර එහිදී හලාවත නගරයට සහ මාර්ග කොටසට වැසි ජලයෙන් වන බලපෑම වළක්වා ගැනීමට ද සැලසුම් සකස් කර තිබේ. ජල, විදුලි, ටෙලිකොම් වැනි සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමේදී නිම කරන ලද මාර්ගයන්ට වන හානි අවම කරගැනීමට මෙතෙක් පැවති ක්‍රමවේදයට බාහිරව මාර්ග සංවර්ධන අධිකාරිය අදාළ ආයතන සමග අන්තර් සම්බන්ධතා පවත්වා ගනිමින් සැලසුම් සාකච්ඡා කිරීමට පියවර ගෙන තිබේ. ඒ අනුව අනිකුත් ආයතන ක්‍රියාත්මක කරන සංවර්ධන ව්‍යාපෘතිවලදී යොදාගත හැකි ආකාරයට මාර්ග දෙපස මීටර් දෙක බැගින් වපසරියක් වෙන් කෙරෙන බව මාර්ග සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් සර්ධා වීරකෝන් මහතා කියා සිටියේය.

ත්‍රිකුණාමලය කින්නියා, කුරුඤ්ඤන්කේනි කළපුවේ පාලම් පාරුවක් පෙරළි යාමෙන් පාසල් දරුවන් ඇතුළු හයදෙනෙකු ජීවිතක්ෂයට පත් වූ සිද්ධිය දැඩි සංවේගයට හේතුවක් බව පැවසූ ලේකම්වරයා මාර්ග සංවර්ධනය අධිකාරියට අයත් නොවූව ද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ උපදෙස් පරිදි කුරුඤ්ඤන්කේනි පාලම මාස නවයක් ඇතුළත ඉදිකිරීමට උපදෙස් දුන් බව ද පැවසීය.

Post Views: 2
Previous Post

සමෘද්ධිය තුළින් කිළිනොච්චි ජනතාවගේ ආර්ථිකය ශක්තිමත් වී තිබෙනවා – ධිවර ඇමැති

Next Post

ආණ්ඩුව අද අප්‍රසාදයට පත් වෙන්න ප්‍රධානතම හේතුව මහින්දානන්දයි – හිටපු ජනපති මෛත්‍රිපාල

editor

editor

Next Post

ආණ්ඩුව අද අප්‍රසාදයට පත් වෙන්න ප්‍රධානතම හේතුව මහින්දානන්දයි - හිටපු ජනපති මෛත්‍රිපාල

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

4 June 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
සජබයේ කලහකාරී හැසිරීමත් සමගින් ගාල්ලේ මහ නගර සභා බලය මාලිමාවට යයි

සජබයේ කලහකාරී හැසිරීමත් සමගින් ගාල්ලේ මහ නගර සභා බලය මාලිමාවට යයි

20 June 2025
ඉරාන-ඊශ්‍රායල ගැටුමට ඇමරිකාව සම්බන්ධ වෙනවාද ? තීරණය ඉදිරි සතියේ

ඉරාන-ඊශ්‍රායල ගැටුමට ඇමරිකාව සම්බන්ධ වෙනවාද ? තීරණය ඉදිරි සතියේ

20 June 2025
කෙහෙළියගේ දියණියට ඇප

කෙහෙළියගේ දියණියට ඇප

20 June 2025
කර්මාන්ත හා සේවා දියුණු කිරීමට දිස්ත්‍රික්කයට වගකියන මන්ත්‍රීවරයෙක්!

කර්මාන්ත හා සේවා දියුණු කිරීමට දිස්ත්‍රික්කයට වගකියන මන්ත්‍රීවරයෙක්!

20 June 2025

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

සජබයේ කලහකාරී හැසිරීමත් සමගින් ගාල්ලේ මහ නගර සභා බලය මාලිමාවට යයි

සජබයේ කලහකාරී හැසිරීමත් සමගින් ගාල්ලේ මහ නගර සභා බලය මාලිමාවට යයි

20 June 2025
ඉරාන-ඊශ්‍රායල ගැටුමට ඇමරිකාව සම්බන්ධ වෙනවාද ? තීරණය ඉදිරි සතියේ

ඉරාන-ඊශ්‍රායල ගැටුමට ඇමරිකාව සම්බන්ධ වෙනවාද ? තීරණය ඉදිරි සතියේ

20 June 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved