27 April 2024
#දේශීය

සමෘද්ධිය තුළින් කිළිනොච්චි ජනතාවගේ ආර්ථිකය ශක්තිමත් වී තිබෙනවා – ධිවර ඇමැති

යුද්ධයෙන් පීඩාවට පත් කිලිනොච්චි දිස්ත්‍රික්කයේ බොහෝ පිරිසක් සමෘද්ධිලාභීන් ලෙස තම ආර්ථිකය පවත්වා ගෙන යන අතර ඔවුන්ට සමෘද්ධි ව්‍යාපාරය මගින් හඳුන්වා දී ඇති ස්වයං රැකියා ව්‍යාපෘති හරහා තම ජීවනෝපාය ශක්තිමත් කරමින් සිටින බව ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා පවසයි.

අමාත්‍යරයා මේ බව පැවසුවේ පසුගිය 20 වනදා දින කිලිනොච්චියේ පැවැති සමෘද්ධි ව්‍යාපාරයේ ප්‍රගතිය පිළිබඳ සොයා බැලීම සඳහා පැවති වැඩමුළුවකට සහභාගි වෙමිනි.

2010 වසරේ සිට මෙම ප්‍රදේශයේ දිළිඳු පවුල් සඳහා සමෘද්ධි ආධාර ලබාදීමට කටයුතු කළ අතර ප්‍රදේශයේ සමෘද්ධි නිලධාරීන් විසින් ජනතාවගේ ආර්ථිකය ඉහළ නැංවීම සඳහා දියත් කළ ස්වයං රැකියා වැඩපිළිවෙළ හරහා සමෘද්ධිලාභීන් මේ වන විට තම ආර්ථිකය ශක්තිමත් කරගෙන ඇති බවත්, ඊට අමතරව සමෘද්ධි නිලධාරීන් ද වර්තමානය වන විට තමන්ගේ රාජකාරිය හරියාකාරව ඉටු කරමින් ශක්තිමත්ව හා උනන්දුවෙන් තම ජනතාව වෙනුවෙන් කැපවී සිටින බවත් එය අගයකළ යුතු බව අමාත්‍යවරයා එහිදී පැවසීය.

මෙම අවස්ථාවට කිලිනොච්චි දිස්ත්‍රික්කයේ සමෘද්ධි නිලධාරීන් මෙන්ම ප්‍රදේශයේ රාජ්‍ය නිලධාරීන් විශාල පිරිසක් එක්ව සිටියහ.

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *