27 April 2024
#දේශීය

ජම්පටාවිදියේ නිවසින් මෙරට 22වන කොවිඩ් ආසාදිත මරණය වාර්තා වෙයි

මෙරට 22වන කොවිඩ් ආසාදිත මරණය වාර්තාවන බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි.

කොළඹ, ජම්පටාවිදියේ නිවසකදී මියගොස් සිටි 68 හැවිරිදි කාන්තාවකි.ඇයගේ දේහය සම්බන්ධයෙන් සිදු කල පිසිආර් පරික්ෂණයෙන් ඇයට කොරෝනා වෛරසයට වැලදී ඇති බව තහවුරු වු බව වසංගත රෝග විද්‍යා අංශය දැනුම් දෙයි.

ඇය මියයෑමට ආසන්නතම හේතුව කොවිඩ් නිව්මෝනියා තත්ත්වය ලෙස වාර්තා වේ.

මෙම මියගිය කාන්තාවගේ පවුලේ සාමාජිකයෙකු කොරෝනා ආසාදිතයෙකු ලෙස මීට පෙර හඳුනාගෙන ඇති අතර අනෙකුත් සාමාජිකයන්ද නිවාස නිරෝධායනයට ලක්කර ඇති බව සඳහන්ය.

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *