වර්තමාන රජය කෙරෙහි ජනතාව තුල මතුව ඇති අප්‍රසාදය තාවකාලික බවත් පැවති යුද්ධය හා රට තුලට පැමිණි කොරෝනා උවදුර මර්දනය කල ආකාරයට මෙම අප්‍රසාදය ජයග්‍රහණය කිරීමට ජනාධිපතිවරයාට හැකියාව ඇති බව තමන් තුල දැඩි විශ්වාසයක් පවතින බවද ප්‍රකාශ කළේය.
අමාත්‍යවරයා මඩකලපුව දිස්ත්‍රික්කයේ සිදු කල සංචාරයේදී පවසා සිටියේ උතුරු මුහුදේ ඉන්දියාවේ ධීවරයින් විසින් සිදු කරනු ලබන ධීවර කටයුතු හා ආක්‍රමණයන් නතර කිරීමට ගන්නා තීන්දු වලදී ඉන්දියාව අප සමග ගැටළු ඇති කර ගත්තද උතුරු මුහුදේ සිදු කරන බොටම් ට්‍රෝලින් ක්‍රමය නතර කිරීමට ජනාධිපතිවරයා හා අග්‍රාමාත්‍යවරයා පූර්ණ සහයෝගය ලබා දී ඇති බව ද පැවසීය. ඉදිරියේදී අප රජයේ අයවැය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමෙන් පසු මඩකලපුවේ තිබෙන ගැටළු වලට විසදුම් ලබා දීමට අපේක්ෂා කරන බවද පැවසීය.
වර්තමාන විපක්ෂ නායකවරයා නිවාස අමාත්‍යවරයා ලෙස කටයුතු කරන කාලයේ මඩකලපුවේ ඉදිකල නිවාස ව්‍යාපෘතිය අතරමග නතර වෙලා තිබෙන බවත් එතුමා රටේ ජනතාව මුලා කරමින් නිවාස සාදන මුවාවෙන් භාණ්ඩාගාරය හිස් කර තිබෙන බවත් ඉදිරි අයවැයෙන් මෙම නිවාස ව්‍යපෘතියේ ඉතිරි වැඩ නිම කිරීමට අපේක්ෂා කරන බවද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.