27 April 2024
#දේශීය

සිරුරට ගිනි තබා ගනිමින් අයෙකු මරුට

කයිට්ස් , පුංකුඩතිව් ප්‍රදේශයේ ඊයේ (28) දහවල් කාලයේදී සිරුරට ගිනි ඇවිලි පිළිස්සුම් තුවාල සහිත අයෙකු මිය ගොස් ඇති බව පොලිසිය පවසයි.

පොලිසිය පැවසුවේ මෙම පුද්ගලයා හා ඔහුගේ අනියම් බිරිද අතර ඇති වු ආරවුලක් දුර දිග ගොස් ඔහු විසින්ම ශරීරයට පෙට්ට්‍රල් දමාගෙන ගිනි තබාගෙන ඇති බවයි.

එහිදී පිළිස්සුම් තුවාල සහිත පුද්ගලයා යාපනය රෝහලට ඇතුලත් කිරීමෙන් අනතුරුව මිය ගොස් ඇති බව පොලිසිය පවසයි.

මිය ගිය පුද්ගලයා වයස අවුරුදු 51 ක් වු පුංකුඩතිව් ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. සිද්ධිය සම්බන්ධයෙන් කයිට්ස් පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.

Leave a comment

Your email address will not be published. Required fields are marked *