• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ත්‍රිවිධ හමුදාව ආපදා සහන සැලසීමේ නිරන්තර මෙහෙයුම් දියත් කරයි

7 October 2023
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

මාතර අත්තුඩාව ප්‍රදේශයේ ඉදි කරන ලද ගල් බැම්ම බිඳී යාමේ අවදානමක් ඇති වූ බැවින් ශ්‍රී ලංකා යුද හමුදා 61 වන බල සේනාවේ සෙබළුන් 100කට අධික ප්‍රමාණයකගේ සහභාගිත්වයෙන් ඊයේ (06) දින රාත්‍රිය මුළුල්ලේ සිට අද පෙරවරුව දක්වාම අඛණ්ඩව එම බැම්ම ශක්තිමත් කිරීමේ මෙහෙයුමක් දියත් කර ඇත.

දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණික තත්වය හේතුවෙන් නිල්වලා ව්‍යාපෘතිය යටතේ මාතර නගරයට ගංවතුර තත්වයන් ඇති වීම වැලැක්වීම සඳහා ක්‍රියාත්මක කර තිබේ.

මේ වනවිට මාතර දිස්ත්‍රික්කයේ මාලිම්බඩ, අකුරැස්ස, කඹුරුපිටිය, තිහගොඩ, අත්තුඩුව, මාතර කොටුව සහ ගල් බැම්ම යන ප්‍රදේශවල පවුල් 2500කට අධික ප්‍රමාණයක් අවතැන්ව සිටින අතර ඔවුන්ට කඩිනම් සහන සැලසීම සඳහා යුධ හමුදාපති ප්‍රමුඛ ශ්‍රී ලංකා යුද හමුදාව, නාවික හමුදාව හා ආපදා සහන සැලසීමේ කණ්ඩායම් ක්‍රියාත්මක වෙමින් පවතී.

ආපදා සහන ක්‍රියාවළියේ ප්‍රධානතම අභියෝගය වී ඇති අවතැන් වූ පුද්ගලයන්ට ආහාර පාන සැපයීම සඳහා ශ්‍රී ලංකා යුධ හමුදාව විසින් මාලිම්බඩ, අකුරැස්ස, තිහගොඩ හා මාතර කොටුව යන ස්ථානවල ආහාර සැකසුම් මධ්‍යස්ථාන හතරක් පිහිටුවා ඇති අතර, යුධ හමුදා WMZ සන්නද්ධ රථ, යුනිකෝන් (Unicorn) රථ හා බර වාහන යොදාගනිමින් ජලයෙන් යටවී ඇති ප්‍රදේශවල පුද්ගලයින්ට අවශ්‍ය ආහාර පාන බෙදා හැරීම සිදුකරනු ලබයි.

මේ අතර ගාල්ල, මාතර හා කළුතර දිස්ත්‍රික්කවල ආපදා අවදානම් සහිත සෑම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයකටම අවශ්‍ය සහාය සඳහා ශ්‍රී ලංකා යුධ හමුදා වෛද්‍ය කණ්ඩායම් සූදානම් කර ඇති අතර, සෙබලුන් 500කට අධික යුධ හමුදා බලඇණි 2 බැගින් මාතර හා ගාල්ල දිස්ත්‍රික්ක සඳහා අනුයුක්ත කර ඇත.

කළුතර දිස්ත්‍රික්කයේ ආපදා සහන කටයුතු සඳහා අතිරේක 58 සේනාංකය හා ගැමුණු හේවා බලකාය සූදානම් කර ඇති අතර, අවශ්‍ය වූ විට යෙදවීම සඳහා ශ්‍රී ලංකා යුධ හමුදාවට අයත් WMZ රථ 3ක් හා මෝටර් බෝට්ටු 6ක් සූදානම් කර ඇත.

තවද ශ්‍රී ලංකා යුධ හමුදා විශේෂ බලකායේ හා කොමාණ්ඩෝ බලකායේ කිමිඳුම් කණ්ඩායම් කෙටි දැනුම්දීමකින් අවශ්‍ය කටයුතු සඳහා කැඳවීමට කටයුතු සූදානම් කර ඇත.

කළුගඟ, නිල්වලා ගඟ, ගිං ගඟ ඇතුළු දකුණු පළාතේ අනෙකුත් ගංගා ආශ්‍රිත පදිංචිකරුවන් හදිසි ජල ගැලීම් හෝ ගංවතුර තත්වයන් පිළිබඳ අවධානයෙන් පසුවන ලෙස දැනුම් දෙනු ලබයි.

ශ්‍රී ලංකා යුධ හමුදා 61 වන බලසේනාවේ මූලිකත්වයෙන් දකුණු පළාතේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ ඇතුළු අනෙකුත් වගකිවයුතු රාජ්‍ය ආයතන සමග සම්බන්ධව ආපදා සහන මෙහෙයුම් දියත් කරනු ලබන අතර අවශ්‍ය වූවහොත් සේවයට යෙදවීම සඳහා 58 වන බලසේනාවේ සෙබළුන්ද මේ වන විට සූදානම් කර ඇත. තවද, නාවික හමුදා භට පිරිස් හා බෝට්ටු මෙන්ම අවශ්‍ය වූවහොත් සේවයේ යෙදවීම සඳහා ගුවන් හමුදා භට පිරිස් ද සූදානම් කර ඇත.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ, ජාතික ආරක්‍ෂාව පිළිබඳ ජනාධිපති උපදේශක සාගල රත්නායක, ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන්, ජනාධිපති ලේකම් සමන් දිසානායක, ආරක්‍ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න සහ ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා විසින් යුධ හමුදාපති ප්‍රමුඛ ත්‍රිවිධ හමුදාපතිවරුන් සහ පළාත් පාලන ආයතන ප්‍රධානීන් වෙත නිරන්තරයෙන් අවශ්‍ය උපදෙස් ලබා දෙන අතර එම නිලධාරීන්ගේ පූර්ණ අධීක්ෂණය යටතේ මෙම සහන සැලසුම් කටයුතු අඛණ්ඩව සිදු වෙමින් පවතී.

Post Views: 3
Previous Post

රට පිළිබඳ බලාපොරොත්තුවක් නැති නිසයි බුද්ධිමතුන් රටින් යන්නේ – මන්ත්‍රී කාවින්ද

Next Post

නෙළුම්තොට්ටුම ප්‍රදේශයේදී වන අලියකු කළ පහරදීමකින් පුද්ගලයකු ජීවිතක්ෂයට

editor

editor

Next Post

නෙළුම්තොට්ටුම ප්‍රදේශයේදී වන අලියකු කළ පහරදීමකින් පුද්ගලයකු ජීවිතක්ෂයට

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

4 June 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
92 පෙට්‍රල්, සුදු ඩීසල් සහ භූමිතෙල් මිල ඉහළ නගියි

92 පෙට්‍රල්, සුදු ඩීසල් සහ භූමිතෙල් මිල ඉහළ නගියි

30 June 2025
BREAKING NEWS: හිටපු අමාත්‍ය ගාමිණී ලොකුගේ මිය යයි

BREAKING NEWS: හිටපු අමාත්‍ය ගාමිණී ලොකුගේ මිය යයි

30 June 2025
King Khan ලංකාවට ?

King Khan ලංකාවට ?

30 June 2025
කොළඹ උද්ධමනය වැඩි වෙලා

කොළඹ උද්ධමනය වැඩි වෙලා

30 June 2025

Recent News

92 පෙට්‍රල්, සුදු ඩීසල් සහ භූමිතෙල් මිල ඉහළ නගියි

92 පෙට්‍රල්, සුදු ඩීසල් සහ භූමිතෙල් මිල ඉහළ නගියි

30 June 2025
BREAKING NEWS: හිටපු අමාත්‍ය ගාමිණී ලොකුගේ මිය යයි

BREAKING NEWS: හිටපු අමාත්‍ය ගාමිණී ලොකුගේ මිය යයි

30 June 2025
King Khan ලංකාවට ?

King Khan ලංකාවට ?

30 June 2025
කොළඹ උද්ධමනය වැඩි වෙලා

කොළඹ උද්ධමනය වැඩි වෙලා

30 June 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

92 පෙට්‍රල්, සුදු ඩීසල් සහ භූමිතෙල් මිල ඉහළ නගියි

92 පෙට්‍රල්, සුදු ඩීසල් සහ භූමිතෙල් මිල ඉහළ නගියි

30 June 2025
BREAKING NEWS: හිටපු අමාත්‍ය ගාමිණී ලොකුගේ මිය යයි

BREAKING NEWS: හිටපු අමාත්‍ය ගාමිණී ලොකුගේ මිය යයි

30 June 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved