27 April 2024
#දේශීය

මෙරට විදේශගත ශ්‍රමිකයින් ගෙන්වා ගැනීමට පියවර ගන්නා බව යුධ හමුදාපති පවසයි

මෙරට විදෙස්ගතව සිිටිනු ලබන ශ්‍රමිකයන් හැකි ඉක්මනින් මව්බිමට ගෙන්වීමට ගත හැකි සෑම පියවරක්ම ගන්නා බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

යුධ හමුදාපතිවරයා මේ බව පැවසුවේ පෞද්ගලික රුපවාහිනි මාධ්‍ය ආයතනයක් වෙත අදහස් දක්වමින්. එහිදී ඔහු පවසා සිටියේ මෙම ක්‍රියාවලිය ලබන 18 වැනිදායින් පසුව එම කටයුතු දියත් කිරීමට සූදානම් බවයි.

මේ වන විට විදේශගතව සිටින ශ්‍රමිකයින් ඉතා අසීරු තත්ත්වයකට මුහුණ දී ඇති බවත් ඇතැම් පිරිස්හට රැකියා මෙන්ම ඉන්න ස්ථාන පවා අහිමි වී ඇති බවත් හෙතෙම පැවසිය.

පසුගිය ඔක්තෝබර් 04 වනදා පසුව විදෙස්ගත ලාංකිකයන් ගෙන ඒම වෙනස් වු බව ද හෙතෙම පැවසිය.

කෙසේ වෙතත් ඊළඟ පැය 48න් පස්සේ අනිවාර්යෙන්ම ඔවුන්ව ලංකාවට ගේන්න කටයුතු කරන අතරම රටේ දැනට තියෙන තත්ත්වයත් කොවිඩ් ආසාදනයවෙන සංඛ්‍යාවත් යන සියලු කරුණු කාරණා සැළකිල්ලට ගෙන සුදුසුම ක්‍රමවේදයක් යටතේ මෙම ගෙන්වීමේ කටයුතු සිදුකරන බව යුධ හමුදාපතිවරයා වැඩිදුරටත් කියා සිටියේය.

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *