කොරෝනා වෛසරයෙන් පිඩාවට පත් ජනතාව ආර්ථ්ක වෛරසයෙන් පිඩා විඳින්නට ඉඩ නොදිය යුතු බව හිටපු අග්‍රාමාත්‍ය, එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.
ඒ මහතා මාධ්‍ය වෙත නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර සිටියේ පවතින තත්ත්වය සම්බන්ධයෙන් පුළුල් හා විවෘත ඇසකින් බැලිය යුතු බවයි. එසේම අදට වඩා හෙට ගැන සිතිය යුතු බව වික්‍රමසිංහ මහතා සිය නිවේදනයේ සඳහනර තිබේ.
එහිදී ආර්ථිකය ගොඩ ගැනීමට හැකි යෝජනා කිහිපයක් වගකිවයුතු පාර්ශයවන්ට පෙන්වා දී ඇති අතර එම යෝජනා වන්නේ,
1. ආණ්ඩුවට ලැබෙන්නේ සිමා සහිත ආදායම් නිසා කලින් සම්මත කල අතුරු සම්මත ගිණුම මෙම් අර්බුදයට සෑහෙන්නේ නෑ. ඒ නිසා කාලයට ගැලපෙන පරිද්දෙන් අතුරු සම්මත ගිණුම සශෝධනය කල යුතු වෙනවා.
2. ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සිය සැලසුම් අප්‍රේල් මාසයේ මැද දී ප්‍රකාශයට පත් කිරීමට නියමිතයි. මෙහීදි අපට උපරීම සහයෝගයක් ලබා ගත හැකි පසුබිමක් අප සකස් කර ගත යුතුයි.
3. පවත්නා තත්ත්වයක්, ඉදිරියේ උදාවිය හැකි තත්ත්වයත් සැලකිල්ලට ගෙන මා ඉහත පෙන්වා දුන් කේෂ්ත්‍ර ආවරණය වන පරිදි පොදු ආර්ථික සැලැස්මක් සලස් කල යුතුයි.
එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා විසින් මාධ්‍ය වෙත යොමු කල සම්පුර්ණ ලිපිය පහත පරිදි වේ.
දිලිනි සමන්මලි