• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

කෝප් කමිටුව සදහා එහි සභාපතිවරයාගේ පුත්‍රයා සහභාගී වී ඇත්තේ ස්ථාවර නියෝග අනුවයි – ඇමැති ප්‍රසන්න

16 November 2023
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

කෝප් කමිටුව සදහා එහි සභාපතිවරයාගේ පුත්‍රයා සහභාගී වී ඇත්තේ ස්ථාවර නියෝග අනුව බව ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක අමාත්‍ය ප්‍රසන්න රණතුංග පවසයි.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ අද (16) විපක්ෂ නායක සජිත් ‍ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී මතු කළ පැනයකට පිළිතුරු දෙමිනි.

පසුගිය දා පාර්ලිමේන්තුවේ පැවති කෝප් කමිටුව සදහා එහි සභාපති රංජිත් බණ්ඩාර මහතාගේ පුත් කනිෂ්ක බණ්ඩාර මහතා සහභාගී වූ බව විපක්ෂ නායකවරයා පෙන්වා දුන්නේය. කෝප් සභාපතිගේ පුතාට කෝප් කමිටුවේ වාඩි වීමට ඇති අයිතිය කුමක්දැයි ප්‍රේමදාස මහතා මෙහිදී ප්‍රශ්න ක‍ළේය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ” අපි දැක්කා කෝප් එකේ රූපරාමුවල හේෂා මන්ත්‍රිතුමා සහ මරික්කාර් මන්ත්‍රීතුමා පිටුපස තවත් පුද්ගලයෙක් වාඩිවෙලා ඉන්නවා. මම ඔහුව අදුරන්නේ නැහැ. මට විදේශ රටකින් මැසේජ් එකක් එනවා, කෝප් සභාපතිතුමාගේ පුතා කනිෂ්ක බණ්ඩාර මහතා කෝප් එකේ වාඩිවෙන්නේ කොහොමද කියලා. මට කෝප් එකේ ගිහින් කතා කරන්න බැහැ. නමුත් කෝපා එකේ මට වාඩි වෙන්නත් කතා කරන්නත් අවසර දුන්නා. මම අහන්න කැමතියි කෝප් එකේ සභාපතිතුමාගේ පුතාට කෝප් එකට එන්න තිබෙන අයිතිය කුමක්ද? මොන පදනමකින්ද එතුමා එකේ වාඩි වුනේ?
එමෙන්ම රංජිත් බණ්ඩාර කෝප් කමිටු සභාපතිවරයාට කෝප් කමිටු සභාපති ලෙස කටයුතු කිරීමට හැකිදැයි විමසමින් විපක්ෂ නායකවරයා මෙසේද කීය.

“කෝප් කමිටුවේ සභාපතිතුමා ලෙස කටයුතු කරන රංජිත් බණ්ඩාර මැතිතුමා කැන්ඩි ක්‍රිකට් කැම්පස් ප්‍රජක්ට් එකේ උපදේශකයෙක් ලෙස කටයුතු කර තිබෙනවා. ඊට අදාළ සියලුම ලිපි ලේඛන මම හැන්සාඩ්ගත කරනවා. ඔහුට තව දුරටත් කෝප් කමිටුවේ සභාපති ලෙස පළමුව ශ්‍රී ලංකා ක්‍රිකට් ගැන විමසීම් ගැන කටයුතු කිරීමට කටයුතු කරන්නට පුළුවන්ද? එතුමාට තවදුරටත් කෝප් එකේ සභාපති ලෙස කටයුතු කරන්න පුළුවන්ද?

ශ්‍රී ලංකා ක්‍රිකට් එකේ ට්‍රේන් සෙන්ටර් එකක් හදන වැඩසටහනට බිස්නස් මැනේජ්මන්ට් ස්කූල් ඔෆ් කලම්බෝ කන්සල්ටන්සි ඒජන්සි එකක් ලෙස පත්කරන්න කියන කාරණාව තියෙනවා. කවුද මේකේ ප්‍රධාන නිළධාරියා. ඒකේ සභාපති මහාචාර්ය රංජිත් බණ්ඩාර මැතිතුමා. ඒකේ සේවය කරමින් කොහොමද ශ්‍රී ලංකා ක්‍රිකට් එකේ ට්‍රේන් සෙන්ටර් එකේ කන්සල්ටන්සි ඒජන්සි එකෙ විදිහට පත් කරන්නේ.”

කතානායක මහින්ද යාපා අබේවර්ධන –

පිටස්තර කෙනෙකුට කෝප් එකේ වාඩි වෙන්න අයිතියක් නැහැ. ඒක හරි. නමුත් එතුමා කියලා තියෙනවාලු තමන්ගේ ප්‍රවෘත්ති ලේකම් තමයි පුතා කියලා.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස –

මමත් මහජන මන්ත්‍රීවරයෙක්. මම විපක්ෂ නායක. මට පුළුවන්ද ලේකම්ලා අරගෙන කොප් කමිටුවලට යන්න. මට කෝප් එකේ කතා කරන්න බැහැ.

කතානායක මහින්ද යාපා අබේවර්ධන –

ඔබතුමාට එම අවස්ථාව නොදීපු එක ගැන වැරදියි.

ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක අමාත්‍ය ප්‍රසන්න රණතුංග –
මෙතුමා චෝදනා කරන මන්ත්‍රීතුමා මේ සභාවේ නෑ. ඒ සභාවේ නැති අවස්ථාවකදී මන්ත්‍රීවරයෙක් සම්බන්ධයෙන් කතා කරන එක සාදාචාර නෑ. එතුමා ඉදිරිපත් කළා ඔබතුමා උත්තරයක් දුන්නා. මෙකේ මූලික කටයුතු වෙන්න ඕනේ. විපක්ෂ නායකතුමා ඔබතුමා එකග වෙනවා නම් වරප්‍රසාද ප්‍රශ්නයක් හැටියට අහන්න. ඒක වරප්‍රසාද කමිටුවට දාන්න. ගරු කතානායකතුමනී, මූලික කටයුතු වලට යමු කියලා මම ඉල්ලීමක් කරනවා.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස –
කාගේ හරි පුතෙක් ඇවිල්ලා මේ කමිටුවල වාඩි වෙලා ඉන්න පුළුවන්ද? ක්‍රිඩා ඇමතිතුමාගෙන් මම අහන්න කැමැතියි ශ්‍රී ලංකා ක්‍රිකට් ගැන ප්‍රශ්න කරන්න පුළුවන්ද මේ වගේ සභාපතිවරයෙක්ගේ නායකත්වයෙන් යුත් කමිටුවකට. ක්‍රිඩා ඇමතිතුමා මේකට උත්තර දෙන්න.

ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක අමාත්‍ය ප්‍රසන්න රණතුංග –
ස්ථාවර නියෝග අනුවයි කටයුතු කරලා තිබෙන්නේ. නැත්තම් වැරැදි මතයක් යනවා රටට අපි වැරැදි දෙයක් කළා කියලා.

Post Views: 10
Previous Post

ශ්‍රී ලංකාවේ නව්‍ය ව්‍යාපාර බල ගැන්වීමට ICTA හා බ්‍රැන්ඩික්ස් අතර අවබෝධතා ගිවිසුමක්

Next Post

DFCC බැංකුව Havelock City සාප්පු සංකීර්ණයේ ඩිජිටල් ස්වයං-බැංකුකරණ පහසුකම් ස්ථාපිත කරයි

editor

editor

Next Post

DFCC බැංකුව Havelock City සාප්පු සංකීර්ණයේ ඩිජිටල් ස්වයං-බැංකුකරණ පහසුකම් ස්ථාපිත කරයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ආයෙත් වරාය BLOCK වෙයි ද?

ආයෙත් වරාය BLOCK වෙයි ද?

11 July 2025
Next Sri Lanka තුලින් තරුණ තරුණියන්ට සුබ ආරංචියක් !

Next Sri Lanka තුලින් තරුණ තරුණියන්ට සුබ ආරංචියක් !

11 July 2025
පොහොසත් වෙන්න ඕනෙද? එහෙනම් මෙහෙම කරන්න

පොහොසත් වෙන්න ඕනෙද? එහෙනම් මෙහෙම කරන්න

11 July 2025
ඇඟලුම් ක්ෂේත්‍රයේ ඍජු රැකියා 350,000ක් අවදානමක ?

ඇඟලුම් ක්ෂේත්‍රයේ ඍජු රැකියා 350,000ක් අවදානමක ?

11 July 2025

Recent News

ආයෙත් වරාය BLOCK වෙයි ද?

ආයෙත් වරාය BLOCK වෙයි ද?

11 July 2025
Next Sri Lanka තුලින් තරුණ තරුණියන්ට සුබ ආරංචියක් !

Next Sri Lanka තුලින් තරුණ තරුණියන්ට සුබ ආරංචියක් !

11 July 2025
පොහොසත් වෙන්න ඕනෙද? එහෙනම් මෙහෙම කරන්න

පොහොසත් වෙන්න ඕනෙද? එහෙනම් මෙහෙම කරන්න

11 July 2025
ඇඟලුම් ක්ෂේත්‍රයේ ඍජු රැකියා 350,000ක් අවදානමක ?

ඇඟලුම් ක්ෂේත්‍රයේ ඍජු රැකියා 350,000ක් අවදානමක ?

11 July 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ආයෙත් වරාය BLOCK වෙයි ද?

ආයෙත් වරාය BLOCK වෙයි ද?

11 July 2025
Next Sri Lanka තුලින් තරුණ තරුණියන්ට සුබ ආරංචියක් !

Next Sri Lanka තුලින් තරුණ තරුණියන්ට සුබ ආරංචියක් !

11 July 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved