• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

දරුවන්ට ඖෂධ නෑ… හැබැයි ආණ්ඩුව මැති ඇමති සූදුවේ – විපක්ෂනායක සජිත්

26 October 2022
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

වර්තමානයේ සෑම ක්ෂේත්‍රයක්ම කඩා වැටී ඇති බවත් මේ දිනවල රිච්වේ ආර්යා ළමා රෝහලේ පවා ඖෂධ හිඟයක් ඇතිව තිබෙන බවත් එවැනි තත්ත්වයක් පවතිද්දී පවා ජනාධිපති අගමැති ප්‍රමුඛ ඇමති මණ්ඩලය තාන්න මාන්න ලබා ගෙන වරප්‍රසාද භුක්ති විදිමින් සිටින බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

විපක්ෂනායකවරයා මේ බව පැවසුවේ පසුගිය 23 හඟුරන්කෙත පැවැති රැස්වීමකට සහභාගී වූ අවස්ථාවේදිය.

සමගි ජන බලවේග රජයක් යටතේ රජසැප බලාපොරොත්තු වන්නේ නම් ඔවුන්ට ආණ්ඩුව හැරයාමට හැකි බවත් රජ සැප විදිය හැක්කේ ජනතාවට පමණක් බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

හොඳින් සතුටින් සිටින අපේ රටේ ජනතාව හිඟන තත්ත්වයට පත්ව ඇති බවත් මෙය ඉබේ වූ දෙයක් හෝ ජනතාව විසින්ම සිදු කර ගත් දෙයක් නොවන බවත් එය රාජපක්ෂ පවුල විසින් ඇති කළ ව්‍යසනික තත්ත්වයක් බවත් ඔවුන්ගේ අරමුණ වී ඇත්තේ තමන්ගේ පවුල පමණක් රජ වී පොහොසත් වී ඉහළයට ගොස් සුඛිත මුදිත වී සෙසු පුද්ගලයන් වහලුන් සේ සිටුනු දැකීම බව හෙතෙම පැවසීය.

දින 365ම රාජපක්ෂ නාමය කියවිය යුතු බවට වන මතයක් ගොඩ නැගූ බවත් එහි ප්‍රතිඵලයක් ලෙස වර්තමානයේ බල තන්හාව වැඩි වී කිහිලි කරු දෙකක් උපයෝගී කර ගෙන නැගිටීමට උත්සාහ කරන බවත් පැවසීය. එවැනි බල තන්හාවක් තමන්ට තිබුණේ නම් ජනතා අරගලය සහ ජනතාව පාවා දී බොරු කියා, මිනිසුන් අන්දවා රාජපක්ෂලාට වහල් වී ජනාධිපතිකම් ලබා ගැනීමට හැකියාවක් පැවති බවත් එසේ ජනතාව රවටා තනතුරු තාන්නමාන්නකම් ලබා ගන්නවාට වඩා ජනාධිපතිවරණයකට ඉදිරිපත් වී ජනතා වරමින්ම එවැනි දේ ලබා ගැනීම සතුටක් බව විපක්ෂ නායකවරයා අවධාරණය කළේය.

විදුලි බිල, ජල බිල, ආහාර මිල, උද්ධමනය ආදී සෑම දෙයක්ම ඉහළ ගොස් ඇති අවස්ථාවක වැටුප් පමණක් අඩු වී ඇති බව පැවසූ විපක්ෂ නායකවරයා කියා සිටියේ මේ රටේ පාසල් දරුවන්ගේ කෑම පෙට්ටි පවා හිස් වී ඇති බව යි. පාසල් දරුවන්ට ආහාර වේලක් ලබා දිය නොහැකි තත්ත්වයට රටේ ආර්ථිකය කඩා වැටී ඇති නමුත් රට විනාශ කළ රාජකුමාරයන් සුරසැප විදින බවත් පැවසීය.

දැනට පවතින බදුවලට අමතරව ඉදිරි අයවැයෙන් තවත් බදු ගැසීමට සූදානම් බවත් සමහර විට අප ගන්නා හුස්මට වුව බදු ගැසිය හැකි බවත් පැවසූ විපක්ෂ නායකවරයා වැඩිදුරටත් කියා සිටියේ රටේ වටිනා සම්පත් විදෙස් රටවලට කුණුකොල්ලයට විකුණා දැමීමට වත්මන් රජය කටයුතු කරන බවයි.

Post Views: 1
Previous Post

මාතලේ ජල මුලාශ්‍ර විනාශ වේ

Next Post

අපේ සියලුම ආයතනවල තිබෙන සම්පත් රටේ තාරුණ්‍ය වෙනුවෙන් ප්‍රයෝජනයට ගන්න -අමාත්‍ය රොෂාන්

editor

editor

Next Post

අපේ සියලුම ආයතනවල තිබෙන සම්පත් රටේ තාරුණ්‍ය වෙනුවෙන් ප්‍රයෝජනයට ගන්න -අමාත්‍ය රොෂාන්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

30 April 2025
ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

20 February 2025
බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

21 March 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
එළවලු මිලට වෙච්ච වැඩේ

එළවලු මිලට වෙච්ච වැඩේ

16 May 2025
30න් පහළ විශිෂ්ටයින් අතරට 3ක් ලංකාවෙන්

30න් පහළ විශිෂ්ටයින් අතරට 3ක් ලංකාවෙන්

16 May 2025
ජීවිත නැති කරනවාට වඩා බලය අත හැරීම ගෝඨාභය තෝරාගත්තා

ජීවිත නැති කරනවාට වඩා බලය අත හැරීම ගෝඨාභය තෝරාගත්තා

16 May 2025
දිනන දකුණ සහ මම

දිනන දකුණ සහ මම

16 May 2025

Recent News

එළවලු මිලට වෙච්ච වැඩේ

එළවලු මිලට වෙච්ච වැඩේ

16 May 2025
30න් පහළ විශිෂ්ටයින් අතරට 3ක් ලංකාවෙන්

30න් පහළ විශිෂ්ටයින් අතරට 3ක් ලංකාවෙන්

16 May 2025
ජීවිත නැති කරනවාට වඩා බලය අත හැරීම ගෝඨාභය තෝරාගත්තා

ජීවිත නැති කරනවාට වඩා බලය අත හැරීම ගෝඨාභය තෝරාගත්තා

16 May 2025
දිනන දකුණ සහ මම

දිනන දකුණ සහ මම

16 May 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

එළවලු මිලට වෙච්ච වැඩේ

එළවලු මිලට වෙච්ච වැඩේ

16 May 2025
30න් පහළ විශිෂ්ටයින් අතරට 3ක් ලංකාවෙන්

30න් පහළ විශිෂ්ටයින් අතරට 3ක් ලංකාවෙන්

16 May 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved