27 April 2024
#දේශීය

මාතලේ ජල මුලාශ්‍ර විනාශ වේ

මාතලේ දිස්ත්‍රික්කයේ පවතින ජල මුලාශ්‍ර ආශ්‍රිතව ඇතැම් පිරිස් විසින් සිදුකරන අනිසි ක්‍රියාකාරකම් හේතුවෙන් ජල මුලාශ්‍ර විනාශ විමක් සිදුවන පරිසර සංවිධාන නිියෝජිතයෝ පවසයි.

මාතලේ දිස්ත්‍රික්කයේ ජනතාව බිමට ගන්නා ප්‍රධාන මාර්ග ලෙස ළිද(ආරක්ෂිත/ආනාරක්ෂිත)ප්‍රධාන නල ජලය,ග්‍රාමිය ජල ව්‍යාපෘති,නල ළිද,බෝතල් කළ ජලය,වැව්,ගංගා ඇළ දොළ ආදි සහ වෙනත් මාර්ගයෙන් තම ජල පහසුකම් සපුරා ගන්නා අතර මේවාටද දැඩි ලෙස බලපැම්එල්ල වෙමින් පවතින බවය.

මිට අමතරව ඉවක් බවක් නොමැතිව සිදු කරන ඉඩම් කට්ටි කිරිම තුළින් ඒ ඒ ප්‍රදේශවල සිඝ්‍ර ලෙස නල ළිං ගැසිම නිසා භූගත ජලය මේ වන විට අඩු මට්ටමක පවතින බවද පරිසර සංවිධාන නියෝජිතයෝ පවසයි.

මාතලේ නගරය ආශ්‍රිතව ජල සම්පාදන මණ්ඩලය මගින් සුදු ගග ආශ්‍රෙයන් ලබා දෙන පානිය ජලය ද ගගෙහි අඩුවිමක් දක්නට ලැබෙන බවත් ගග දෙපස ඇති ජල මුලාශ්‍ර මේ වන විට විනාශ වෙමින් පවතින බවද ඔවුහු වැඩිදුරටත් පවසයි.

 

 

මාතලේ මහේෂ් කිර්තිරත්න

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *