• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

හොරුන්ව අධිකරණයට යොමු කරන්නවත් කෝප් එකට බලයක් නැහැ. – මන්ත්‍රී ඉරාන්

24 October 2021
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

ලංකාවේ රාජ්‍ය ආයතනවල ලක්ෂ ගණනින් මුදල් සොරකම් හා වංචා කළ අයට විදේශ රටවල අධිකරණවල බරපතල වැඩ සහිතව සිර දඬුවම් දෙන විට වංචා පවිමසීමට පාර්ලිමේන්තුවෙන් පත් කර තිබෙන කෝප් කමිටුව ට සොරුන් හා වංචාකරුවන් අධිකරණයකට යොමු කිරීමට පවා බලයක් නොමැතිවීම් කනගාටුවට කරුණක් යැයි පාර්ලිමේන්තු මන්ත්‍රී ඉරාන් වික්‍රමරත්න මහතා පවසයි.

ආණ්ඩුව කාගේ වූවද රට හදන්නට නම් සොරුන්ට හා වංචා කරුවන්ට දඬුවම් දීමේ ක්‍රම වේදයක් රටට අව්ශ්‍ය යැයි පාර්ලිමේන්තු කෝප් වාර්ථාව පිළිබඳව පැවති පාර්ලිමේන්තු විවාදයේ දී මන්ත්‍රී වරයා එසේ පැවසීය.

එහිදී වැඩි දුරටත් කථා කළ ඉරාන් වික්‍රමරත්න මහතා ,” අද අපි කෝප් වාර්තාව ගැන කතා කරන අව්ස්ථාවේ දී එහි පැවත්ම පිළිබඳව කථා කරන්න කැමතියි. කෝප් එකේ සභාපති ඇතුළු ආණ්ඩු පක්ෂයේ හා විපක්ෂයේ සාමාජික මන්ත්‍රීවරුන් කෙතරම් මහන්සි වෙලා වංචා දුෂණ ගැන හෙළි කළ ද එහි ප්‍රතිඵලයක් තිබේ ද. මේ වංචා දූෂණ පිළිබඳව ජනතාව දැනුම්වත් කිරීම පමණක් ද අපගේ වගකීම විය යුත්තේ. රාජ්‍ය මුදල් සොරකම් හා වංචා කරන්නන්ව අධිකරණයට යොමු කිරීමේ බලයක් නොමැතිව කෝප් කමිටුව පවත්වාගෙන යෑම ඵල රහිත් ක්‍රියාවකි. කුමන ආණ්ඩුව බලයේ සිටියත් කාලයක් තිස්සේ පවතින තත්ත්වය මෙයයි. විගණකාධිපති දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ද රාජ්‍ය පාලනය තුළ සිදුවන්නාවු වංචා දූෂණ ගැන සොයා ගන්නට සෑහෙන්න මහන්සි වනවා.

කෝප් වාර්ථාවේ පරීක්ෂණවලට භාජනය කරන රාජ්‍ය ආයතන අලාභ හා පාඩු පිට පවත්වා ගෙන යන්නේ නම් එය බදු ගෙවන ජනතාවට බරකි. රාජ්‍ය ආයතනවල වංචා දූෂ්ණවල පීඩනය පැටවෙන්නේ සාමාන්‍ය ජනතාව මත බැවින් ජනතා නියෝජිතයන් ලෙස කුමන පක්ෂය බලයේ හිටියත් දූෂිතයන්ට දඬුවම් පැමිනවීම අනිවාර්යයෙන් සිද්ද කළ යුතු කාර්යයක් බව හෙතෙම් අවධාරණය කළේය

දූෂණය, සොරකම හා වංචාව පිළිබඳව වාර්ථාව තිබෙනවා. ඒවා ගැන කෝප් එකේ සාකච්ඡා කරනවා පමණි. මොකද්ද එයින් රටට ජනතාවට ලැබෙන සෙත. රටේ සොරකම් වංචා නැති කරන්නට නම් වංචාව හෙළිවූ පසුව ඒවාට එරෙහිව අධිකරණය හරහා දඬුවම් පැමිණවීමේ ක්‍රමයක් අත්‍යාවශ්‍ය වෙනවා. නැතිනම් මේ කෝප් කමිටුව ඵල රහිත ක්‍රියාවක් බව කිව යුතුයි.

අපේ රාජ්‍ය සංස්ථාවල සිදුවීම් දෙකක් පිළිබඳව මෙහි සඳහන් කළ යුතුයි. 2020 ජනවාරි 31 වනදා මහ බ්‍රිතාන්‍යයේ සෞත්වෝක් උසාවියේ නඩු තීන්දුවක් තිබෙනවා

ලංකාවේ ශ්‍රීලංකන් ගුවන් සේවයට එයා බස් යානා මිලදී ගැනීමේදී, බ්‍රිතාන්යයේ එයා බස් සමාගමින් එයා බස් යානා 10 ක් මිලදී ගැනීමටත් එයට අතිරේකව ගුවන් යානා හතරක් කල් බදු ක්‍රමය ට ගැනීමටත් ශ්‍රී ලංකන් ගුවන් සේවා ආයතනයට බලපෑම් කිරීම සඳහා අතරමැදි සමාගමකට ඩොලර් මිලියන 16.84 දීමට පොරොන්දු වෙලා ඩොලර් මිලියන 2 ක් ලබා දී තිබෙන බව මේ සම්බන්ධ මහ බ්‍රිතාන්‍යයේ 2020. ජනවාරි 31 ලබා දුන් නඩු තීන්දුවේ සඳන වෙනවා. එම නඩු තීන්දුවෙ සඳහන් වන ආකාරයට ශ්‍රීලංකන් ගුවන් සේවයේ එවක ප්‍රධාන විධායක නිලධාරී ගේ භාරියාවගේ නමින් මහ බ්‍රිතාන්‍යයේ ආරම්භකරන ලද ආයතනයකටයි මෙම ගෙවීම් කර තිබෙන්නේ මෙය පුද්ගලයන් සම්බන්ධ කරුණක් නොව.මෙවන් වාර්තාවලින් ප්‍රකාශ වන දේවල් ගැන පුද්ගලවාදෙයෙන් ඔබ්බට ගිහින් සියලු රජයන් විසින් තරාතිරම නොබලා රට වෙනුවෙන් කටයුතු කර වරද කරුවන්ට දඬුවම් දීමේ ක්‍රම වේදයක් රට වෙනුවෙන් තිබිය යුතුයි.

ආණ්ඩුව කාගේ කුමක් වූව ද මෙවන් වංචා හා සොරකම් සම්බන්ධව අධිකරණයට ඉදිරිපත් කරන්න කෝප් එකට බලය්ක් තිබිය යුතුයි. එසේ නැතිනම් එහි සාමාජිකයන් මේ සඳහා කාලය වැය කිරීමෙන් ඵළක් වන්නේ නැත.

එයා බස් නඩු තීන්දුව ට ප්‍රතම 2015 මාර්තු 30 වනදා එවක වරාය හා සිවිල් ගුවන් සේවා ඇමාත්‍ය අර්ජුන රණතුංග මහතාට දුන් වාර්තාවේ මේ ප්‍රධන විධායක නිලධාරී යාට ගුවන් සේවා ගැන කිසිදූ සුදුසුකමක් නැති බව සඳහන් වනවා.

රජය යටතේ පත්වීම් බොහොමයක් කරගෙන යනවා.නුසුදුස්සන් පත්කිරීමේ ක්‍රම වේදයේ ගැටලුවක් මෙතන තිබෙන්නේ. අවාසනාවකට නුසුදුස්සන් පත්කිරීම හා වංචා සොරකම් ගැන කියන විට දේශපාලන මඩ ගැසීම් කරනවයි ඒ පැත්තෙන් මේ පැත්තටත් මේ පැත්තෙන් ඒ පැත්තටත් චෝදනා කර සොරකම් ආවරණය කරන දූෂණ ක්‍රමයෙන් බැහැර වෙලා රටට වැඩ දායී ක්‍රමයකට අපි යොමුවිය යුතුයි.

එදා හිටපු ආණ්ඩුවේ කවුරුන් හෝ මේ එයා බස් ගනු දෙනුවල මුදල් දූෂනය කර ඇත්නම් බලයේ සිටින රජයක් වශයෙන් ඔවුන්ට එරෙහිව නඩු පවරන්නැයි ඉරාන් වික්‍රමර්ත්න මන්ත්‍රීවරයා කෘෂිකර්ම අමාත්‍යවරයාගේ මැදිහත් ප්‍රශ්ණයකට පිළිතුරු දෙමින් අභියෝග කළේය. රට හදන්නට නම් මේ ක්‍රමය හැදිය යුතු නිසා මෙසේ කියන බවට හෙතෙම සඳහන් කළේය.

ශ්‍රී ලංකාවේ දූෂණයන් පිළිබඳව ඇමරිකාවේ ෆෙඩෙරල් උසාවියේ නඩු තීන්දුවකුත් තිබෙනවා. 2021 ෆෙබරවාරි 18 දින එකී දූෂණයේ වරද කරුවූ ඇමරිකාවේ සුබේරි නම් පුද්ගලයෙකුට වසර 12 ක සිර දඬුවම් නියම කළා. මෙහි දී මහ බැංකුව 2006 වසරේ දී මොහු සමඟ එකඟතාවයකට එළඹ ශ්‍රී ලංකාවේ ප්‍රතිරූපය ගොඩ නගන්නට යැයි ඩොලර් මිලියන 650 ක් ගෙවා තිබෙනවා.ශ්‍රී ලංකා මහ බැංකුව මෙම ගෙවීම සඳහා රජයේ හෝ අමාත්‍ය මණ්ඩලයේ අනුමැතියක් ලබා ගෙන නොමැති අතර එවන් කොන්ත්‍රාත්තුවක් ලංකාව වෙනුවෙන් ඉටු කළා ද කියා සහතියක් වත් නොමැත.
ඩොලර් මිලියන 650 ක වංචාවකට වසර 12 ට ඇමරිකානු අධිකරණය එහි පුරවැසියෙක්ව හිරෙ යවා ඇති අවස්ථාවේ ලංකාවේ අපි මේවා උසාවියට ඉදිරිපත් කර සොයා බැලිය යුතු වූව ද එවන් දෙයක් මෙතෙක් සිදු කර නැත.
ශ්‍රී ලංකාවේ මුදල් වංචා වලට විදේශීය අධිකරණවලින් දඬුවම් දෙන මෙවන් පසුබිමක අපේ පාර්ලිමේන්තුව කෝප් එකට මේවා එකක් ගැනවත් නඩු පැවරීමට තියා කරුණු සොයා ගන්නටවත් බැරිවීම කණගාටුදායක යැයි ඉරාන් වික්‍රමරත්න මහතා ප්‍රකාශ කළේය

 

Post Views: 2
Previous Post

‘A Wood Lanka’ ආයතනය දැව කර්මාන්තයේ ඓතිහාසික සන්ධිස්ථානයක් – කර්මාන්ත අමාත්‍ය විමල්

Next Post

දේශීය ආර්ථිකය මත සංවර්ධනය වන රටක් නිර්මාණය කරනවා – ඇමති ප්‍රසන්න රණතුංග

editor

editor

Next Post

දේශීය ආර්ථිකය මත සංවර්ධනය වන රටක් නිර්මාණය කරනවා - ඇමති ප්‍රසන්න රණතුංග

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

4 June 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
තවත් අනතුරකට ප්‍රථම එයාර් ඉන්දියා ගුවන්යානය නැවත හරවයි

තවත් අනතුරකට ප්‍රථම එයාර් ඉන්දියා ගුවන්යානය නැවත හරවයි

16 June 2025
රජයේ ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙළට IMF වෙතින් අඛණ්ඩ සහාය

රජයේ ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙළට IMF වෙතින් අඛණ්ඩ සහාය

16 June 2025
රාජ්‍ය සේවය කාර්යක්ෂම කරන්න AI

රාජ්‍ය සේවය කාර්යක්ෂම කරන්න AI

16 June 2025
කොළඹ නගරාධිපති ව්‍රායි !

කොළඹ නගරාධිපති ව්‍රායි !

16 June 2025

Recent News

තවත් අනතුරකට ප්‍රථම එයාර් ඉන්දියා ගුවන්යානය නැවත හරවයි

තවත් අනතුරකට ප්‍රථම එයාර් ඉන්දියා ගුවන්යානය නැවත හරවයි

16 June 2025
රජයේ ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙළට IMF වෙතින් අඛණ්ඩ සහාය

රජයේ ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙළට IMF වෙතින් අඛණ්ඩ සහාය

16 June 2025
රාජ්‍ය සේවය කාර්යක්ෂම කරන්න AI

රාජ්‍ය සේවය කාර්යක්ෂම කරන්න AI

16 June 2025
කොළඹ නගරාධිපති ව්‍රායි !

කොළඹ නගරාධිපති ව්‍රායි !

16 June 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

තවත් අනතුරකට ප්‍රථම එයාර් ඉන්දියා ගුවන්යානය නැවත හරවයි

තවත් අනතුරකට ප්‍රථම එයාර් ඉන්දියා ගුවන්යානය නැවත හරවයි

16 June 2025
රජයේ ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙළට IMF වෙතින් අඛණ්ඩ සහාය

රජයේ ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙළට IMF වෙතින් අඛණ්ඩ සහාය

16 June 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved