ඉදිරි දින කිහිපය තුලදී රටේ දේශපාලන තත්ත්වය ස්ථාවර විය යුතු බව මුදල් අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පවසයි.
ඒ මහතා අද (11) විශේෂ මාධ්‍ය හමුවක් කැඳවමින් පවසා සිටියේ කවුරුන් හෝ ස්ථාවර ආණ්ඩුවක්, කැබිනට් මණ්ඩලයක් තිබිය යුතු බවයි. නැතිනම් ඉදිරි දින කිහිපය තුලදී ප්‍රශ්ණ රැසකට මුහුණ පෑමට සිදුවන බව හෙතෙම පැවසිය.
අද රට බ්රේක් නැති වාහනයක් වගේ පල්ලමට කඩන් වැටෙනවා. කට්ටිය එකතු වෙලා පසුගිය කාලේ එය නවත්වන්න හැදුවත් එය නොහැකි වු බව අධිපතිවරයා පැවසිය.