• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

රටේ ශ්‍රම බලකාය තාක්ෂණයෙන් සවිබල ගැන්විය යුතුයි – ඇමැති නාමල්

9 October 2021
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

ශ්‍රම බලකා කුසලතා, නිපුණතා හා තාක්ෂණික ඥාණයෙන් පිරිපුන් මිනිස් බලයක් ලෙස සවිබල ගැන්වීම තුළින්, මානව සම්පත සංවර්ධනය කිරීමේ ඉලක්කය රටේ සංවර්ධනයට බෙහෙවින් පිටුවහල් වන ඉතා වැදගත් ප්‍රවේශයක් බව තරුණ හා ක්‍රීඩා, සංවර්ධන සම්බන්ධීකරණ හා අධීක්ෂණ අමාත්‍ය හා ඩිජිටල් තාක්ෂණ හා ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ විරැකියාව අවම කර රැකියා නියුක්තිය වැඩි කිරීම සඳහාත් ඒ හරහා රටේ ආර්ථිකය ශක්තිමත් කිරීම සඳහාත් තරුණ හා ක්‍රීඩා අමාත්‍යාංශයේ මිනිස්බල හා රැකී රක්ෂා දෙපාර්තමේන්තුව විසින් මෙහෙයවන ‘‘රටට බරක් නොවී – ඔබට සරු හෙටක්‘‘ වෘත්තීය මාර්ගෝපදේශන සතිය අරඹමින් පසුගියදා මාර්ගගත ක්‍රමය ඔස්සේ පැවති ආරම්භක වැඩසටහනේ දීය.

රටේ සංවර්ධනය අරමුණු කරගනිමින් ජනාධිපතිවරයාගේ සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශය තුළ ශ්‍රම බලකාය, කුසලතා, නිපුණතා හා තාක්ෂණික ඥාණයෙන් පිරිපුන් මිනිස් බලයක් ලෙස ශක්තිමත් කිරීමේ කර්තව්‍යය තරුණ හා ක්‍රීඩා අමාත්‍යාංශයේ මිනිස් බල හා රැකී රක්ෂා දෙපාර්තමේන්තුව මගින් ඉටු කරනු ලබයි.

රැකියා නියුක්තිය ඉහළ නැංවීම, සංවිධිත, පරිපූර්ණ ශ්‍රම වෙළඳපොළ තොරතුරු පද්ධතියක් ස්ථාපනය කිරීම, රැකියා අපේක්ෂිත තරුණ තරුණියන් බල ගැන්වීම හා රැකියාගත කිරීම, රැකියා අපේක්ෂිතයන් සහ සේවායෝජක ආයතන අතර සම්බන්ධීකරණය ගොඩනැඟීම, ගුණාත්මක හා සංවිධිත වෘත්තීය මාර්ගෝපදේශ සේවාවන් ලබාදීම හා ප්‍රචලිත කිරීම, දරුවන් තුළ වෘත්තීය මාර්ගෝපදේශයේ වැදගත්කම තහවුරු කිරීම යන අරමුණු පෙරදැරිව රටේ සංවර්ධනය උදෙසා තරුණ හා ක්‍රීඩා අමාත්‍යාංශයේ මිනිස් බල හා රැකී රක්ෂා දෙපාර්තමේන්තුව ක්‍රියාත්මක වෙයි.

ඒ අනුව වෘත්තීය මාර්ගොපදේශයේ වැදගත්කම හඳුන්වා දීම ඉලක්ක කරගනිමින් ඔක්තෝබර් මස 04 සිට ඔක්තෝබර් මස 10 වනදා දක්වා ‘‘රටට බරක් නොවී – ඔබට සරු හෙටක්‘‘ යන මැයෙන් යුතුව ඉලක්කගත වෘත්තිය මාර්ගෝපදේශ සතිය ක්‍රීඩා අමාත්‍යාංශයේ මිනිස් බල හා රැකී රක්ෂා දෙපාර්තමේන්තුව විසින් ක්‍රියාත්මක කරනු ලබයි.

මෙහි වෘත්තීය මාර්ගෝපදේශ සඳහා ඉලක්කගත කණ්ඩායම් වශයෙන් පාසල් සිසුන්, විශ්ව විද්‍යාල සිසුන්, රැකියා අපේක්ෂිතයින්, දෙමව්පියන්, ගුරුවරුන්, තරුණ ප්‍රජාව, ස්වංය රැකියාලාභීන්, ව්‍යවසායකයින්, රැකියා සපයන්නන්, වෘත්තිකයන් ගැනේ.

වෘත්තීය මාර්ගෝපදේශලාභීන් වෙනුවෙන් පැවැත්වෙන ‘‘රටට බරක් නොවී – ඔබට සරු හෙටක්‘‘ වෘත්තීය මාර්ගෝපදේශ වැඩසටහන් මාලාව මාර්ගගත ක්‍රමය ඔස්සේ දිවයිනේ දිස්ත්‍රික්ක 25 පුරාම ක්‍රියාත්මක වේ.

මීට සමගාමී ව විවිධ වැඩසටහන් රාශියක් ද පැවැත්වෙන අතර, රැකියා අපේක්ෂිතයන් සඳහා ඔක්තෝම්බර් 06,07,08 සහ 09 යන දිනවල රැකියා පොළ මාර්ගගත ව පැවැත්වේ.

මේ සම්බන්ධව වැඩිදුර තොරතුරු ඔබේ ළඟම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් හෝ දිස්ත්‍රික් ලේකම් කාර්යාලය මගින් ලබාගත හැක.

මෙම අවස්ථාවට රාජ්‍ය අමාත්‍ය සීතා අරඹේපොල මහත්මිය, තරුණ හා ක්‍රීඩා අමාත්‍යාංශ ලේකම් අනුරාධ විජේකෝන්, අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා, නිපුණතා සංවර්ධන, වෘත්තීය අධ්‍යාපන, පර්යේෂණ හා නව නිපැයුම් රාජ්‍ය අමාත්‍යාංශ ලේකම් දීපා ලියනගේ, කොළඹ දිස්ත්‍රික් ලේකම් ප්‍රදීප් යසරත්න, මිනිස් බල හා රැකී රක්ෂා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් අනූෂා ගෝකුල ප්‍රනාන්දු යන මහත්ම මහත්මීහු සහභාගී වූහ.

Post Views: 8
Previous Post

උතුරු පළාතේ මෝදා මාළු වගාව ආරම්භ කිරීමට අමාත්‍ය ඩග්ලස් උපදෙස්

Next Post

නාය යාමෙන් අස්ගිරිය මහාවිහාරයේ පැතිබම්ම හානියට පත් වෙයි

editor

editor

Next Post

නාය යාමෙන් අස්ගිරිය මහාවිහාරයේ පැතිබම්ම හානියට පත් වෙයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

4 June 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
සබරගමු විශ්වවිද්‍යාලයේ සිසුවා සියදිවි නසාගැනීමට හේතුව තහවුරු වෙයි

සබරගමු විශ්වවිද්‍යාලයේ සිසුවා සියදිවි නසාගැනීමට හේතුව තහවුරු වෙයි

19 June 2025
ශ්‍රී ලාංකික සාත්තු සේවිකාවකට මිසයිල ප්‍රහාරයකින් තුවාල

ඉරාන – ඊශ්‍රායල් (UPDATES)

19 June 2025
ඊශ්‍රායල් – ඉරාන් ප්‍රහාර ගැන හිටපු ජනාධිපති රනිල් ජාත්‍යන්තරය අමතයි 

ඊශ්‍රායල් – ඉරාන් ප්‍රහාර ගැන හිටපු ජනාධිපති රනිල් ජාත්‍යන්තරය අමතයි 

19 June 2025
කෙහෙළිය, බිරිඳ සහ දුව අල්ලස් කොමිසමේ අත්අඩංගුවට

කෙහෙළියගේ දියණියන් දෙදෙනා සහ බෑණා අත්අඩංගුවට

19 June 2025

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

සබරගමු විශ්වවිද්‍යාලයේ සිසුවා සියදිවි නසාගැනීමට හේතුව තහවුරු වෙයි

සබරගමු විශ්වවිද්‍යාලයේ සිසුවා සියදිවි නසාගැනීමට හේතුව තහවුරු වෙයි

19 June 2025
ශ්‍රී ලාංකික සාත්තු සේවිකාවකට මිසයිල ප්‍රහාරයකින් තුවාල

ඉරාන – ඊශ්‍රායල් (UPDATES)

19 June 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved