27 April 2024
#දේශීය

උතුරු පළාතේ මෝදා මාළු වගාව ආරම්භ කිරීමට අමාත්‍ය ඩග්ලස් උපදෙස්

උතුරු පළාතේ මිරිදිය ජලාශවල සහ කලපු වල මෝදා (කොඩුවා) මාළු කූඩුවල වගාකිරීම සදහා පෞද්ගලික අංශයේ ප්‍රධාන ධීවර කටයුතුවල යෙදෙන ඔෂන් බිග් සමාගම සමග එක්ව කටයුතු කරන්නැයි අමාත්‍ය ඩග්ලස් දේවානන්දා පවසයි.

අමාත්‍යවරයා මෙම උපදෙස් ලබා දී ඇත්තේ නැක්ඩා ආයතනයේ සභාපති ආචාර්ය ජයන්ත හා නාරා ආයතනයේ සභාපති ආචාර්ය නවරත්න රාජා යන නිලධාරීන්ට හටය.

ඔෂන් බිග් සමාගම විසින් මෝදා මාළු පැටවු අභිජණනය කරන අතර, එම මත්ස්‍ය පැටවුන් වසරකට ලක්ෂයකට අධික ප්‍රමාණයක් මේ අනුව එම ජලාශ වලට දැමීමට එම සමාගම එකග වී ඇත.

තවද මොවුන් වර්ධනය වීමෙන් පසු මිල දී ගැනීමට ද එම සමාගම සුදානමින් සිටි.

මේ තුලින් පවුල් 170 කට තම ජීවන උපාය සංවර්ධනය කිරීමට අවස්ථාවක් උදාවනු ඇත .තවද මාළු කෑම පිටරටින් ගෙන්වීමේදි අධික මිළක් ගෙවීමට ද සිදුවන බැවින් ඒ සදහා මාළු කෑම ගෙන්වීමේදි වැට් බදු අය නොකිරීමට කටයුතු කරන ලෙස මුදල් අමාත්‍යංශයේදී පසුගිය දා අමාත්‍යවරයා ඉල්ලා තිබු අතර ඒ සමගම මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාගේ අවධානයට එම කරුණු යොමුකර හැකි ඉක්මණින් මාළු කෑම මිළ අඩුකිරීම සදහා වැට් බදු ඉවත් කිරීමට පියවර ගන්නා බව ද අමාත්‍යවරයා විසින් වැඩිදුරටත් පෙන්වා දෙන ලදි.

මෙම අවස්ථාවට නාරා සහ නැක්ඩා යන ආයතනවල අදාල නිලධාරීන් පිරීසක් සහභාගි විය.

 

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *