• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

පාස්කු සම්බන්ධ විවාදය එළැඹෙන 25 සහ 26 වනදා

19 March 2021
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

ලබන මාර්තු 23 වනදා සිට 26 වනදා දක්වා දින 4ක් පාර්ලිමේන්තු රැස්වීම් පැවැත්වීමට කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගිය 17 වනදා පෙරවරුවේ පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී තීරණය කර තිබේ.

එහිදී පසුගිය මාර්තු 10 වැනිදා ආරම්භ කළ 2019 අප්‍රේල් 21 වැනිදා එල්ලවූ ප්‍රහාරය පිළිබඳව පරීක්ෂණ පැවැත්වූ ජනාධිපති විමර්ශන කොමිෂන් සභාවේ අවසන් වාර්තාව පිළිබඳ සභාව කල් තැබීමේ විවාදය සඳහා මාර්තු 25 සහ මාර්තු 26 යන දෙදින වෙන්කිරීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව තීරණය කළ බව පාර්ලිමේන්තුවේ මහලේකම් ධම්මික දසනායක මහතා පැවසීය.

මාර්තු 23 වැනිදා පෙරවරු 10.00ට පාර්ලිමේන්තුව ආරම්භ වීමේන් පසු පෙරවරු 11.00 දක්වා කාලය පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ වාචික ප්‍රශ්න විමසීම සඳහා වෙන්කරනු ඇත. එදින මන්ත්‍රීවරුන්ගේ වාචික ප්‍රශ්න 10ක් සඳහා මෙලෙස කාලය වෙන්වෙනු ඇත.

ඉන්පසු පෙරවරු 11.00 සිට පස්වරු 4.30 දක්වා රේගු ආඥා පනතේ 10 වන වගන්තිය යටතේ ආනයන තීරුබදු සම්බන්ධව වන යෝජනාවක්, ආනයන හා අපනයන පනත යටතේ මුදල් අමාත්‍යවරයා විසින් පනවනු ලැබූ රෙගුලාසි 2ක් සහ ශ්‍රී ලංකා අපනයන සංවර්ධන පනත යටතේ වන නියෝගයක්ද විවාදයට ගැනීමට නියමිතය.

එදින පස්වරු 4.30 සිට පස්වරු 5.30 දක්වා ආණ්ඩු පක්ෂය විසින් ගෙන එනු ලබන සභාව කල්තැබීමේ අවස්ථාවේ යෝජනාව විවාදයට ගැනීමට නියමිත බව ධම්මික දසනායක මහතා පැවසීය.

ඉන් පසු දිනය වන මාර්තු 24 වෙනිදා පෙරවරු 10.00 සිට පෙරවරු 11.00 දක්වා කාලය මන්ත්‍රීවරුන්ගේ වාචික ප්‍රශ්න සඳහා වෙන්කෙරේ. එදින පෙරවරු 11.00 සිට පස්වරු 4.30 දක්වා මෝටර් රථ ප්‍රවාහන පනත යටතේ ගෙන එනු ලබන රෙගුලාසි 2ක් විවාදයට ගනු ලබන බව මහලේකම්වරයා පැවසීය. ඉන් අනතුරුව පස්වරු 4.30 සිට පස්වරු 5.30 දක්වා විපක්ෂය විසින් ගෙන එනු ලබන සභාව කල්තැබීමේ අවස්ථාවේ යෝජනාව විවාදයට ගනු ලබනු ඇත.

මාර්තු 25 සහ 26 යන දෙදින වෙන්වනුයේ 2019 අප්‍රෙල් 21 වැනිදා එල්ලවූ ප්‍රහාරය පිළිබඳ පරීක්ෂණ පැවැත්වූ ජනාධිපති විමර්ශන කොමිෂන් සභාවේ අවසන් වාර්තාව පිළිබඳව සභාව කල්තැබීමේ විවාදය නැවත පැවැත්වීම සඳහාය.

මාර්තු 25 වැනිදා පෙරවරු 10.00 සිට 11.00 දක්වා කාලය පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ වාචික ප්‍රශ්න සඳහා වෙන්කරෙන නමුත් මාර්තු 26 වෙනිදා වාචික ප්‍රශ්න හෝ ස්ථාවර නියෝග 27 (2) යටතේ ඉදිරිපත් කෙරෙන ප්‍රශ්න නොවිමසා පෙරවරු 10.00 සිට පස්වරු 4.30 දක්වා මුළු කාලය තුළදීම සභාව කල් තැබීමේ විවාදය පැවැත්වීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව තීරණය කළ බව දසනායක මහතා සඳහන් කළේය.

මේ අතර එදිනට කල්තැබෙන වාචික ප්‍රශ්න සහ අනෙකුත් වාචික ප්‍රශ්න සඳහා කාලය වෙන්කිරීම පිිළිබඳව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂමන් කිරිඇල්ල මහතා විමසූ අවස්ථාවේදී පිළිතුරු දුන් ගරු සභානායක සහ විදේශකටයුතු අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා මන්තීවරුන්ගේ වාචික ප්‍රශ්න වලට පිළිතුරු ලබා දීම සඳහා ඉදිරියේදී දිනයක් හෝ දින 02ක් වෙන්කිරීමට පියවර ගැනීම සඳහා අවධානය යොමුකරන බව පැවසීය.

එමෙන්ම දේශපාලන පළිගැනීම් පිළිබඳ පරීක්ෂාකර තොරතුරු ලබාගැනීම සඳහා වන ජනාධිපති කොමිෂන් සභාවේ අවසන් වාර්තාව සහ 2015 ජනවාරි 15 වැනිදා සිට 2019 දෙසැම්බර් 31 වනදා දක්වා කාලය තුළ රජයේ ආයතන වල සිදුව ඇතැයි සැලකෙන දූෂණ වංචා සොයාබැලීමේ ජනාධිපති කොමිෂන් සභාවේ අවසන් වාර්තාව පාර්ලිමේන්තුවේදී ඉදිරියේදී විවාදයට ගැනීමටද පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී අවධානයට ලක් විය.

මෙම රැස්වීමට ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක සහ මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු, අමාත්‍යවරුන් වන චමල් රාජපක්ෂ, නිමල් සිරිපාල ද සිල්වා, මහින්ද අමරවීර හා ප්‍රසන්න රණතුංග යන මහත්වරුන්ද පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ගයන්ත කරුණාතිලක, අනුර කුමාර දිසානායක, එම්. ඒ්. සුමන්තිරන් යන මහත්වරුන්ද කාරක සභා සාමාජිකයෙක් නොවන පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාෂල් සරත් ‌‌‌‌ෆොන්සේකා මහතාද එක්ව සිටියහ.

Post Views: 1
Previous Post

අගමැති බංග්ලාදේශය බලා පිටත්ව යයි

Next Post

අපරාධ රැල්ල මැඩලීමේ දැවැන්ත මෙහෙයුම් ඉදිරියේදී ඇමැති සරත් කියයි

editor

editor

Next Post

අපරාධ රැල්ල මැඩලීමේ දැවැන්ත මෙහෙයුම් ඉදිරියේදී ඇමැති සරත් කියයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

30 April 2025
ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

20 February 2025
බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

21 March 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
එළවලු මිලට වෙච්ච වැඩේ

එළවලු මිලට වෙච්ච වැඩේ

16 May 2025
30න් පහළ විශිෂ්ටයින් අතරට 3ක් ලංකාවෙන්

30න් පහළ විශිෂ්ටයින් අතරට 3ක් ලංකාවෙන්

16 May 2025
ජීවිත නැති කරනවාට වඩා බලය අත හැරීම ගෝඨාභය තෝරාගත්තා

ජීවිත නැති කරනවාට වඩා බලය අත හැරීම ගෝඨාභය තෝරාගත්තා

16 May 2025
දිනන දකුණ සහ මම

දිනන දකුණ සහ මම

16 May 2025

Recent News

එළවලු මිලට වෙච්ච වැඩේ

එළවලු මිලට වෙච්ච වැඩේ

16 May 2025
30න් පහළ විශිෂ්ටයින් අතරට 3ක් ලංකාවෙන්

30න් පහළ විශිෂ්ටයින් අතරට 3ක් ලංකාවෙන්

16 May 2025
ජීවිත නැති කරනවාට වඩා බලය අත හැරීම ගෝඨාභය තෝරාගත්තා

ජීවිත නැති කරනවාට වඩා බලය අත හැරීම ගෝඨාභය තෝරාගත්තා

16 May 2025
දිනන දකුණ සහ මම

දිනන දකුණ සහ මම

16 May 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

එළවලු මිලට වෙච්ච වැඩේ

එළවලු මිලට වෙච්ච වැඩේ

16 May 2025
30න් පහළ විශිෂ්ටයින් අතරට 3ක් ලංකාවෙන්

30න් පහළ විශිෂ්ටයින් අතරට 3ක් ලංකාවෙන්

16 May 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved