• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ඉදිරි මැතිවරණ තීරණය බැසිල් රාජපක්ෂ අදින නූලට අනුවයි – මන්ත්‍රී තිස්ස අත්තනායක

18 March 2024
in දේශීය, පුවත්
ඉදිරි මැතිවරණ තීරණය බැසිල් රාජපක්ෂ අදින නූලට අනුවයි – මන්ත්‍රී තිස්ස අත්තනායක
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

ජනාධිපතිවරයා දන්නවා ඔහුට ඉතිරි කාලය රැදි සිටිමට සිදුවන්නේ පොහොට්ටුවේ බහුතරයකගේ කැමැත්ත ගත්තොත් පමණක් බවත් බැසිල් රාජපක්ෂ අදින නූලට අනුව තමයි ඉදිරියේ සිදුවන්නේ කුමක්ද කියලා තිරණය වන බව පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා පවසයි. මන්ත්‍රීවරයා මේ බව පැවසුවේ අද (18) කොළඹ විපක්ෂ නායක කර්යාලයේ පැවැති මාධ්‍ය සාකච්ඡාවට සහභාගි වෙමිනි.

මහ මැතිවරණයක් අවශ්‍යනම් ඒ පිළිබඳව ලිඛිත ඉල්ලීමක් සිදුකරන ලෙස ජනාධිපතිවරයා ප්‍රකාශයක් කර තිබෙන බවත් එම ප්‍රකාශය හරහා ඔහු උත්සහ කරන්නේ තමා ප්‍රජාතන්ත්‍රවාදී පුද්ගලෙයක් බව පෙන්වීමට බවත් නමුත් අභ්‍යන්තර තීන්දු තීරණ ගන්නේ බැසිල් රාජපක්ෂගේ අභිමතය පරිදි බව හෙතෙම පැවැසීය.

වැඩිදුරටත් අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා, “ 2024 ජනාධිපතිවරණය අගොස්තු සැප්තැම්බර් කාලය තුළ පැවැත්විය යුතුයි. පාර්ලිමේන්තු මැතිවරණයට යන්න ආණ්ඩුවේ සුදානමක් තිබෙන බවටද විවිද කතා පැතිරෙමින් තිබෙනවා. පාර්ලිමේන්තුවේදීත් ඉන් පිටතදීත් ඔවුන් ඉන්නේ ජනාධිපතිවරණය දිනන්න බෑ කියන මතයේ. ජනාධිපතිවරණය දිනන්න බැරි නිසා ඔවුන් උත්සහ කරන්නේ පාර්ලිමේන්තුවේ තිබෙන ඔවුන්ගේ බලය යම් මට්ටමකින් හෝ රැක ගැනීමට. මන්ත්‍රීධුර 50 ක්වත් රැක ගන්න තමයි ඔවුන් උත්සහ කරන්නේ. ඔවුන්ට ඕන ජනාධිපතිවරණයට පෙර පාර්ලිමේන්තු මැතිවරණයක්. ජනාධිපතිවරයා මේ සම්බන්ධයෙන් ස්ථාවර තීරණයට පැමිණ නැති බවද වාර්තා වෙනවා. කුමන ජාතික මැතිවරණයක් පැවැත්තුවත් සමගි ජනබලවේගය සුදානම්. සමගි ජන බලවේගයට අවශ්‍ය වන්නේ ආණ්ඩුව වෙනස් කරන මැතිවරණයක් වහාම ජනතාවට ලබාදෙන්න. ඊට හේතුව පනතින ආණ්ඩුවට ජනමතයක් නැති ආණ්ඩුවක්. රටේ ජනාධිපතිවරයා ජනතාවගේ කැමැත්තෙන් පත්වුණ ජනාධිපතිවරයකේ නෙවෙයි.

සමගි ජනබලවේගය ජයග්‍රහනය කළ පසු ජනාධිපතිවරයා අතුරුදහන් කරලා තිබුණ පළාත් පාලන මැතිවරණය සහ පළාත් සභා මැතිවරණය ජනතාවට ලබාදෙන්න කටයුතු කරනවා. එම මැතිවරණ කල් දමා තිබෙන්නේ ව්‍යවස්ථානුකූල තත්ත්වයකින් නෙවෙයි. පළාත් සභා මැතිවරණය කල් දමා වසර 6 ක් පමණ වෙනවා. දැනට පළාත් සභා පාලනය කරන්නේ ආණ්ඩුකාරවරයා. ඔහු ජනතා නියෝජිතයෙක් නෙවෙයි. වහාම පළාත් සභා මැතිවරණයක් ලබාදිය යුතුයි. පළාත් පාලන මැතිවරණයත් කල් දාලා වසර දෙකක් ආසන්න වෙන්න එනවා. පළාත් පාලන ආයතන නිලධාරින්ගේ ලේකම්වරු සහ කොමසාරිස්වරුන්ගේ පාලනයෙන් මුදවා ගත යුතුයි. ඒ සඳහාත් වහාම මැතිවරණයක් ලබාදිය යුතුයි. සමගි ජනබලවේග ආණ්ඩුවකින් මෙම මැතිවරණ දෙකම ජනතාවට ලබාදීමට කටයුතු කරනවා. සමගි ජනබලවේගය ජනතාවගේ සර්ව ජන ඡන්ද බල අයිතියට ගරු කරනවා.

ජනාධිපතිවරයා පොහොට්ටුවේ බහුතරය ලබාගැනීමට මේ වනවිට වෙනම ව්‍යාපාරයක් ආරම්භ කරලා තිබෙනවා. ජනාධිපතිවරයා උත්සහ කරන්නේ ප්‍රජාතන්ත්‍රවාදි කියන ලේබලය අලවා ගන්නා. පැවැත්විය යුත්තේ කුමන මැතිවරණයක්ද කියලා අභ්‍යන්තර තීන්දු තීරණ ගන්නේ බැසිල් රාජපක්ෂ. ජනාධිපතිවරයා දන්නවා ඔහුට ඉතිරි කාලය රැදි සිටිමට සිදුවන්නේ පොහොට්ටුවේ බහුතරයකගේ කැමැත්ත ගත්තොත් විතරයි. බැසිල් රාජපක්ෂ අදින නූලට අනුව තමයි ඉදිරියේ සිදුවන්නේ කුමක්ද කියලා තිරණය වෙන්නේ. මැතිවරණ පවත්වන්න සල්ලි නැ කියපු ආණ්ඩුව පළාත් පාලන මැතිවරණය කල් දාලා ඇඟ බේර ගත්තා. දැන් තමන්ගේ බලය රැක ගැනිමට මැතිවරණ දෙකම තියන්න සුදානම් කියලා ආණ්ඩුව ප්‍රකාශ කරනවා. ‘‘යැයි මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා වැඩිදුරටත් කියා සිටියේය.

Post Views: 10,421
Previous Post

ආසියානු සංවර්ධන බැංකුවෙන් ඩොලර් මිලියන 100ක ණයක් – රාජ්‍ය ඇමැති ෂෙහාන්

Next Post

ඇමති ප්‍රසන්නගේ ඉල්ලීමෙන් බස්නාහිර සෞඛ්‍ය වාර්ෂික මාරු තාවකාලිකව නවතී

editor ttvnews

editor ttvnews

Next Post
ඇමති ප්‍රසන්නගේ ඉල්ලීමෙන් බස්නාහිර සෞඛ්‍ය වාර්ෂික මාරු තාවකාලිකව නවතී

ඇමති ප්‍රසන්නගේ ඉල්ලීමෙන් බස්නාහිර සෞඛ්‍ය වාර්ෂික මාරු තාවකාලිකව නවතී

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

30 April 2025
ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

20 February 2025
බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

21 March 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

9 May 2025
රට පුරා වේගයෙන් පැතිරෙන වෛරසය ගැන දැනගමු

රට පුරා වේගයෙන් පැතිරෙන වෛරසය ගැන දැනගමු

9 May 2025
ගුවන් අනතුරින් මිය ගිය ගණන සහ තවත් තොරතුරු

ගුවන් අනතුරින් මිය ගිය ගණන සහ තවත් තොරතුරු

9 May 2025
නව පාප් වහන්සේ Robert F. Prevost

නව පාප් වහන්සේ Robert F. Prevost

9 May 2025

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

9 May 2025
රට පුරා වේගයෙන් පැතිරෙන වෛරසය ගැන දැනගමු

රට පුරා වේගයෙන් පැතිරෙන වෛරසය ගැන දැනගමු

9 May 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved