27 April 2024
#දේශීය

වාරි සභා වැඩසටහනේ මාතලේ ප්‍රධාන ඇල සංවර්ධනය කිරීම ආරම්භ කෙරේ

කෘෂිකාර්මික කටයුතු සදහා යොදා ගන්නා ඇළවේලි සහ සහ වැව් අමුණු ප්‍රතිසංස්කරණය කරදීමේ අරමුණින් දිවයින පුරා ක්‍රියාත්මක කරන ‘වැව් සභාව’ ජාතික වැඩසටහනේ මාතලේ දිස්ත්‍රික් වැඩසටහන රත්තොට මකුලේතැන්න ව්‍යාපාරයෙහි ප්‍රධාන ඇල කේන්ද්‍ර කර ගෙන අද(13) ආරම්භ විය.

මෙම වැඩසටහන ක්‍රිඩා හා යෞවන කටයුතු රාජ්‍ය අමාත්‍ය, රත්තොට ප්‍රාදේශීය සමිබන්ධීකරණ කමිටු සභාපති රෝහණ දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

මේ යටතේ මකුලේතැන්න ව්‍යපාරයෙහි ඇළ සංවර්ධනය කිරීමට නියමිත අතර, ඇල දෙපස කොන්ක්‍රීට් යොදා සංවර්ධනය කිරිමට යෝජිත අතර මේ සදහා වැය කරනු ලබන මුදල රුපියල් මිලියන 5 කට ආසන්න බව රාජ්‍ය අමාත්‍ය රෝහණ දිසානායක මහතා පැවසිය.

වාරිමාර්ග දෙපාර්තමේන්තුවට අයත් මාතලේ දිස්ත්‍රික්කයේ රත්තොට ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයට අයත් මෙම වාරි යෝජනා ක්‍රමය මගින් ගොවියන් 5000 කට ආසන්න ප්‍රමාණයක් යල මහ කන්නයේ කෘෂිකාර්මික කටයුතු වල නිරත වන අතර කුඹූරු අක්කර 300ක ආසන්න ප්‍රමාණයක් ගොවිතැන් සිදු කෙරේ.

වැව් සභා ජාතික වැසඩහන ලංකාවේ දිස්ත්‍රික්ක 25 ම ආවරණය වන පරිදි ක්‍රියාත්මක වන අතර ඒ සදහා ඇ.ඩො මිලියන 25 ක මුදලක් වැය කෙරේ. ලෝක බැංකු ආධාර යටතේ ක්‍රියාත්මක වන දේශුණික අවබලපෑම් අවම කිරීමේ බහු අදියර වැඩසටහන සහ ඒකාබද්ධ ජලාධාර හා ජල සම්පත් කළමනාකරණ ව්‍යාපෘතිය මගින් එම මුදල ලබා දී තිබේ.

‘වැව් සභා’ මාතලේ දිස්ත්‍රික් වැඩසටහන සදහා මාතලේ අතිරේක දිසාපති එල්.රියාල්දින් ,මාතලේ සහකාර ගොවිජන සේවා කොමසාරිස් ටිිකිරි කුමාරිහාමි ,මාතලේ වාරිමාර්ග ඉංජිනේරු කෝසල නාරංගම්මන යන මහත්ම මහත්මින් ඇතුලු පිරිසක් එක්වි සිටියහ.

 

 

මාතලේ මහේෂ් කිර්තිරත්න

Leave a comment

Your email address will not be published. Required fields are marked *