• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

රටේ ආර්ථිකය ගොඩගන්න පුළුවන් සජබයට පමණයි -මන්ත්‍රී ජේ.සී අලවතුවල 

8 April 2024
in දේශීය, පුවත්
රටේ ආර්ථිකය ගොඩගන්න පුළුවන් සජබයට පමණයි -මන්ත්‍රී ජේ.සී අලවතුවල 
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

රටේ ආර්ථිකය ගොඩගන්න වැඩපිළිවෙළ සම්බන්ධයෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සහ සමගි ජනබලවේග ආර්ථික කමිටුවේ සමාජිකයන් ඕනෑම විවාදයකට සූදානම් බවත් රට ආර්ථික වශයෙන් ගොඩගැනීමට හැකි කණ්ඩායම සිටින්නේ සමගි ජනබලවේගයේ බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී ජේ.සී අලවතුවල මහතා පවසයි.

මන්ත්‍රීවරයා මේ බව පැවසුවේ අද (08) කොළඹ විපක්ෂ නායක කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවට සහභාගි වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී ජේ.සී අලවතුවල මහතා ‘‘සමගි ජනබලවේගයේ ආර්ථික කමිටුව ජාතික ජනබලවේගයේ ආර්ථික කමිටුවට රටේ ආර්ථිකය සහ ආර්ථික ප්‍රතිපත්ති සම්බන්ධයෙන් විවාදයක් පැවැත්වීමට ආරාධනා කළා. ඒ අවස්ථාවේදී ජාතික ජනබලවේගයේ ආර්ථික කමිටුව නියෝජනය කරන සුනිල් හඳුන්නෙත්ති ප්‍රකාශ කළා ජාතික ජන බලවේගයේ නායක අනුර දිසානායක සමඟ සමගි ජන බලවේගයේ නායක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසට රටේ ආර්ථිකය සම්බන්ධයෙන් විවාදයක පැමිණෙන්න කියලා. ඒ අභියෝගය භාර ගන්නා බවත් ඕනෑම විවාදයකට සුදානම් බවත් සජිත් ප්‍රේමදාස විපක්ෂ නායකතුමා ප්‍රකාශ කරලා තිබෙනවා. රට ආර්ථික වශයෙන් ගොඩගැනීමට හැකි කණ්ඩායම සිටින්නේ සමගි ජනබලවේගයේ පමණයි. රටේ ආර්ථිකය ගොඩගන්නේ කොහොමද කියලා රටටම ප්‍රකාශ කරන්න , ඕනෑම විවාදයකට සහභාගි වෙන්න සජිත් ප්‍රේමදාස විපක්ෂ නායකතුමා සමඟ සමගි ජන බලවේගයේ ආර්ථික කමිටුව නියෝජනය කරන ආචාර්ය හර්ෂ ද සිල්වා , ඉරාන් වික්‍රමරත්න , කබීර් හෂිම් සූදානම්.

ජාතික ජනබලවේගයේ ආර්ථික වැඩපිළිවෙළ කුමක්ද කියලා රටට ප්‍රකාශ කරන්න. ඒ පිළිබඳව දැන ගන්න රටේ ජනතාව නොයිවසිල්ලෙන් බලාගෙන සිටිනවා. ජාතික ජනබලවේගය ශ්‍රී ලංකාව කිව්බාවක් කරනවාද , උතුරු කොරියාවක් කරනවාද කියලා රටේ ජනතාව ඉදිරියේ කියන්න. අපි ජාතික ජනබලවේගයට කියනවා රටේ ජනතාව රවට්ටන්න උත්සහ කරන්න එපා කියලා. හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂත් ඔහුගේ ආර්ථික වැඩපිළිවෙළ ඉදිරිපත් කළේ නෑ. ආර්ථික වැඩපිළිවෙළ ප්‍රකාශ කරන්න ඔහු කිසිදු මාධ්‍යයට ආවේ නෑ. ඔහුගේ ආර්ථික වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරන පිරිස් මාධ්‍යයට ආවෙත් නෑ. ජාතික ජනබලවේගයේ ආර්ථික වැඩපිළිවෙළ ජනතාවට සඟවන්නේ නැතිව ඉදිරිපත් කරන්න කියලා අපි කියනවා. ගෝඨාභය පාට් ටූ රටේ ජනතාව බලාපොරොත්තු වෙන්නේ නෑ.

සමගි ජනබලවේගයේ ආර්ථික ප්‍රතිපත්තියේ හංගන්න දේවල් නෑ. සමගි ජනබලවේගයේ ආර්ථික ප්‍රතිපත්තිය ඉදිරි මැතිවරණයේදී සියලු දෙනාට දැන ගැනීමට සඳහා ඉදිරිපත් කරන්න සුදානම්. එය පත්‍රිකාවක් ලෙස සකස් කර සෑම නිවසකටම ලබාදීමේ වැඩපිළිවෙළක් අපි ක්‍රියාත්මක කරනවා. සමගි ජනබලවේගයේ ආර්ථික වැඩපිළිවෙළ සම්බන්ධයෙන් සමගි ජනබලවේග ආර්ථික කමිටුවේ සිටින විශේෂඥයෝ ඕනෑම තැනකට ඇවිත් කතාකරන්න සුදානම්. රට භාර ගැනීමට සිටින කණ්ඩායමේ ආර්ථික වැඩපිළිවෙළ පිළිබඳ දැනගන්න ජනතාවට අයිතියක් තිබෙනවා. රට ගොඩගැනීමේ ආර්ථික වැඩපිළීවෙළ පිළිබඳව ජනතාවට ඉදිරිපත් කරන්න ජාතික ජනබලවේගය කටයුතු කළ යුතුයි. මොකද හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ රටේ ආර්ථිකය ගොඩගන්නේ කොහොමද කියලා කිසිදු අවස්ථාවක කතා කළේ නෑ. ඒ සම්බන්ධයෙන් අභියෝග කළාම එය මගහැරියා. ඒ විදිහටම තමයි ජාතික ජනබලවේගය අද කටයුතු කරන්නේ. ජානාධිපතිවරණයට වෙනම ආර්ථික ප්‍රතිපත්තියක් , මහ මැතිවරණයට වෙනම ආර්ථික ප්‍රතිපත්තියක් , පළාත් පාලන මැතිවරණයට වෙනම ආර්ථික ප්‍රතිපත්තියක් ඉදිරිපත් කරන බව ජාතික ජනබලවේගය ප්‍රකාශ කරලා තිබුණා. එවැනි ආර්ථික ප්‍රතිපත්ති තිබෙන කණ්ඩායමක් කොහොමද රට ගොඩගන්නේ. රටේ ජනතාව රවට්ටන්න මෙවැනි පිරිසකට ඉඩ දෙන්න බෑ.

පාර්ලිමේන්තුව තුළ සිටින රටට ආදාරය කරන , හොරු නොවන රට පිළිගත්ත කණ්ඩායම් සමගි ජන සන්ධානයට එකතු කරගන්න අපි කැමැතියි. පාර්ලිමේන්තුවට පිටතින් සිටින බුද්ධිමතුන් , ව්‍යාපාරිකයන් , විශාල පිරිසක් බලාගෙන සිටිනවා ජනබලවේගය සමඟ එකතුවෙන්න. අපි ඒ සියලු දෙනාට ආරාධනා කරනවා. රට ගොඩගැනීමට සිටින හොදම කණ්ඩායම සිටින්නේ සජිත් ප්‍රේමදාස විපක්ෂනායකතුමා සමඟයි. පසුගිය රජයේ හිටපු සියලු කණ්ඩායම් රට ආර්ථික වශයෙන් බංකොලොත් කරන්න කටයුතු කළේ නෑ. වර්තමාන පාලනය වැරදියි කියලා එළියට පැමිණි කණ්ඩායමක් තමයි සමගි සන්ධානය සමඟ එකතුවුණේ. ඒ වගේම කියන්න ඕන ගෝඨාභය රාජපක්ෂ බලයට ගේනන කටයුත් කළ වියත්මග කණ්ඩායමේ සියලුම දෙනා සමගි ජන සන්ධානයට එකතු කර ගන්න අපේ කිසිදු අදහසක් නෑ. රට ගොඩගත යුතුයි කියලා හිතන සියලු දෙන එකතු වෙන්නේ සමගි ජනබලවේගය සමඟයි යැයි මන්ත්‍රී ජේ.සී අලවතුවල මහතා වැඩිදුරටත් පැවසිය.

Post Views: 14,134
Previous Post

හිටපු සෞඛ්‍ය ඇමති කෙහෙළිය යලි රිමාන්ඩ්

Next Post

ජාතික අධ්‍යාපන ප්‍රතිපත්තිය මඟින් මෙරට නිදහස් අධ්‍යාපනය මුදල් මැෂිමක් කරනවා – මන්ත්‍රීනි හරීනි

editor ttvnews

editor ttvnews

Next Post
ජාතික අධ්‍යාපන ප්‍රතිපත්තිය මඟින් මෙරට නිදහස් අධ්‍යාපනය මුදල් මැෂිමක් කරනවා – මන්ත්‍රීනි හරීනි

ජාතික අධ්‍යාපන ප්‍රතිපත්තිය මඟින් මෙරට නිදහස් අධ්‍යාපනය මුදල් මැෂිමක් කරනවා - මන්ත්‍රීනි හරීනි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

30 April 2025
ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

20 February 2025
බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

21 March 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

9 May 2025
රට පුරා වේගයෙන් පැතිරෙන වෛරසය ගැන දැනගමු

රට පුරා වේගයෙන් පැතිරෙන වෛරසය ගැන දැනගමු

9 May 2025
ගුවන් අනතුරින් මිය ගිය ගණන සහ තවත් තොරතුරු

ගුවන් අනතුරින් මිය ගිය ගණන සහ තවත් තොරතුරු

9 May 2025
නව පාප් වහන්සේ Robert F. Prevost

නව පාප් වහන්සේ Robert F. Prevost

9 May 2025

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

9 May 2025
රට පුරා වේගයෙන් පැතිරෙන වෛරසය ගැන දැනගමු

රට පුරා වේගයෙන් පැතිරෙන වෛරසය ගැන දැනගමු

9 May 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved