• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

සම්ප්‍රදායික ලෙස බලන්නේ නැතුව ඊට පිටින් හෝ ගොවි ජනතාවගේ බලාපොරොත්තු ඉටු කළ යුතුයි -අගමැති

17 February 2023
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

අඩු ආදායම් ලබන පුද්ගලයින් සඳහා සහන සැලසීමේ රජයේ වැඩපිළිවෙළ සාර්ථක කරගැනීමට නම් මෙවර මහ කන්නයේ වී මිලදී ගැනීම් සහ බෙදාහැරීම් නිසි සැලසුමකට අනුව සිදු කළ යුතු බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පවසයි.

අග්‍රාමාත්‍යවරයා මේ බව පැවසුවේ අද (17) කොළඹ අග්‍රාමාත්‍ය කාර්යාලයේ පැවති වී මිලදී ගැනීම සහ බෙදාහැරීම සම්බන්ධ සාකච්ඡාවකදිය.

අඩු ආදායම් ලබන පුද්ගලයින් සඳහා සහන සැලසීමේ රජයේ වැඩපිළිවෙළ සාර්ථක කරගැනීමට නම් මෙවර මහ කන්නයේ වී මිලදී ගැනීම් සහ බෙදාහැරීම් නිසි සැලසුමකට අනුව සිදු කළ යුතු බව අගමැතිවරයා පැවසිය.

වී මිලදී ගැනීමේ කර්තව්‍යය සහ වත්මන් තත්ත්වය, සමාජ ආරක්ෂක ප්‍රතිශෝධනය පිළිබඳ දැනට පවතින තත්ත්වය විමර්ශනය කිරීම, සහ ආහාර නිෂ්පාදනය පිළිබඳ වැඩකටයුතුවල වත්මන් තත්ත්වය සම්බන්ධයෙන් මෙහිදී වැඩි අවධානයක් යොමුකරනු ලැබීය.

දිස්ත්‍රීක් රැසක වී මිලදී ගැනීම දැනටමත් ආරම්භ කර ඇති බවත් ඉදිරි සති කිහිපය තුළ අනෙකුත් දිස්ත්‍රීක්ක වල අස්වැන්න නෙලීම සහ වී මිළදී ගැනීම ආරම්භ කරන බවත් මෙහිදී අනාවරණය කෙරිණී.

සමාජ ආරක්ෂක ප්‍රතිශෝධන වැඩපිළිවෙළ සම්බන්ධයෙන් ඇතිව තිබෙන ගැටළු කඩිනමින් විසඳා ගැනීමටත් රජයේ නිළධාරීන් හැකිතාක් ඊට යොදවා ගැනීමටත් එසේ කළ නොහැකි අවස්ථාවේදී රාජ්‍ය පරිපාළන අමාත්‍යාංශ ලේකම් වරයාගේ චක්‍රළේඛයට අනුව පුද්ගළයින් යොමු කිරීමටත් මෙහිදී තීරණය කරනු ලැබීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ අග්‍රාමාත්‍යවරයා ” ජනාධිපතිතුමා දින තුනකට පෙර විශේෂ රැස්වීමක් පවත්වා අපේ රටේ කෘෂිකර්මය සහ ආහාර ස්වයංපෝෂිත වැඩසටහන පිළිබදව විවිධ තීරණ ගනු ලැබුවා. විශේෂයෙන් මේ කන්නය ඉතා සාර්ථක සහල් අස්වැන්නකට අපට ලැබී තිබෙනවා. එය ප්‍රකාශයට පත් කරමින් ජනාධිපතිතුමා එම අස්වැන්න එකතු කර ගැනීමේදී වී සඳහා රුපියල් එකසිය 110 ක උපරිම මිලක් නියම කළා. වී මිලදී ගැනීම සඳහා මුදලක් සෑම දිසාපති කාර්යාලයකටම වෙන්කර තිබෙනවා. වී මිලදී ගැනීමේ වැඩසටහනේ සහයෝගයට අවශ්‍ය ආරක්ෂක හමුදාවල හෝ වෙනත් ආයතනයක සහයෝගය අවශ්‍ය නම් එය ලබා ගැනීම සඳහා රජය අවශ්‍ය උපදෙස් ලබා දී තිබෙනවා. ශ්‍රී ලංකාව ගැන ලෝකයට අලුත් විශ්වාසයක් ඇතිකරමින් අපේ රටේ ගොවි ජනතාව සාර්ථක අස්වැන්නකට අපේ රට ගෙනවිත් තිබෙනවා. ඒ විශ්වාසය අපට දේශීය වශයෙන් වගේම ජාත්‍යන්තර වශයෙන් විශාල ශක්තියක්. දැන් නෙලා ගන්නා අස්වැන්න සඳහා මුදල් ලබා දීමත්, ඒවා ගබඩා කර ගැනීමත්, මහා පරිමාණ සහ කුඩා පරිමාණ වශයෙන් වී කොටන මධ්‍යස්ථානවලට යොමු කිරීමත් සිදුකරමින් තිබෙනවා. ආහාර ලබා ගැනීමට අමාරු පවුල් වලට වලට සහන ලබාදීමේ වැඩසටහනක් මේ සමගම සමාන්තරව ගෙනයන්නට පැහැදිලි වැඩපිළිවෙලකට රජය අවතීර්ණ වෙලා තිබෙනවා. සම්ප්‍රදායික ලෙස බලන්නේ නැතුව ඊට පිටින් හෝ අලුතෙන් හරි මැදිහත්වීමෙන් ප්‍රායෝගිකව ඒ ස්ථානවල ගොවි ජනතාව බලාපොරොත්තු වෙන කාර්යය අප ඉටු කළ යුතුයි. අඩු ආදායම් ලබන කොටසට ලබාදෙන සහනය වැඩි කිරීමට ලෝක බැංකුවේ සහයෝගය අපට තිබෙනවා. නමුත් අප විසින් දත්ත සැපයීම සඳහා ගෙන ඇති කාලය වැඩියි යැයි අග්‍රාමාත්‍යවරයා වැඩිදුරටත් පැවසිය.

 

රාජ්‍ය අමාත්‍යවරුන් වන මොහාන් පී සිල්වා, ඩී. බී. හේරත්, කාදර් මස්තාන් අනූප පැස්කුවල්, දිස්ත්‍රික් සම්බන්ධීකරන කමිටු සභාපතිවරුන් වන චමල් රාජපක්ෂ, ප්‍රදීප් උදුගොඩ, සංජීව එදිරිමාන්න, අකිල එල්ලාවල, රාජිකා වික්‍රමසිංහ, සහන් ප්‍රදීප්, ආරක්ෂක අමාත්‍යාංශ ලේකම් කමල් ගුණරත්න, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ජනරාල් ශවේන්දු සිල්වා සහ අමාත්‍යාංශ ලේකම්වරුන්, රජයේ නිලධාරීන් මෙම සාකච්ඡාවට එක් වූ අතර zoom තාක්ෂණය ඔස්සේ කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර, එස් බී දිසානායක, සියලු දිස්ත්‍රික් ලේකම්වරුන් ද සාකච්ඡාව සඳහා එක්විය.

Post Views: 2
Previous Post

සතුන් දඩයම් කිරීමට ඇටවු උගුලට අයෙකු හසුවී මරුට

Next Post

විද්‍යාපීඨ සඳහා සම්මුඛ පරීක්ෂණ සම්බන්ධ අභියාචනා කැඳවීම ලබන 28 වනදා

editor

editor

Next Post

විද්‍යාපීඨ සඳහා සම්මුඛ පරීක්ෂණ සම්බන්ධ අභියාචනා කැඳවීම ලබන 28 වනදා

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

4 June 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ඉරානයට ගුවන් ප්‍රහාර මාලාවක්

ඉරානයට ගුවන් ප්‍රහාර මාලාවක්

13 June 2025
ඉන්දියා ගුවන් අනතුරින් එක් අයෙකු දිවි ගලවා ගත්තේ කෙසේද ?

ඉන්දියා ගුවන් අනතුරින් එක් අයෙකු දිවි ගලවා ගත්තේ කෙසේද ?

13 June 2025
අදත් තද වැසි

අදත් මහ වැස්ස

13 June 2025
විනාශකාරී ගුවන් අනතුරින් මෙතෙක් වාර්තා වූ ජීවිත හානි

විනාශකාරී ගුවන් අනතුරින් මෙතෙක් වාර්තා වූ ජීවිත හානි

12 June 2025

Recent News

ඉරානයට ගුවන් ප්‍රහාර මාලාවක්

ඉරානයට ගුවන් ප්‍රහාර මාලාවක්

13 June 2025
ඉන්දියා ගුවන් අනතුරින් එක් අයෙකු දිවි ගලවා ගත්තේ කෙසේද ?

ඉන්දියා ගුවන් අනතුරින් එක් අයෙකු දිවි ගලවා ගත්තේ කෙසේද ?

13 June 2025
අදත් තද වැසි

අදත් මහ වැස්ස

13 June 2025
විනාශකාරී ගුවන් අනතුරින් මෙතෙක් වාර්තා වූ ජීවිත හානි

විනාශකාරී ගුවන් අනතුරින් මෙතෙක් වාර්තා වූ ජීවිත හානි

12 June 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ඉරානයට ගුවන් ප්‍රහාර මාලාවක්

ඉරානයට ගුවන් ප්‍රහාර මාලාවක්

13 June 2025
ඉන්දියා ගුවන් අනතුරින් එක් අයෙකු දිවි ගලවා ගත්තේ කෙසේද ?

ඉන්දියා ගුවන් අනතුරින් එක් අයෙකු දිවි ගලවා ගත්තේ කෙසේද ?

13 June 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved