27 April 2024
#දේශීය

සතුන් දඩයම් කිරීමට ඇටවු උගුලට අයෙකු හසුවී මරුට

ලග්ගල, නාරංගමුව ලිහිණියකන්ද ගල්පිල රක්ෂිත වනයේ වන සතුන් දඩයම් කිරීම සඳහා අටවන ලද උගුලකට හසු වී පුද්ගලයෙකු මිය ගොස් ඇති බව පොලිසිය පවසයි.

ඊයේ (16) උදෑසන කාලයේදී මෙම සිද්ධිය සිදුව ඇති අතර මෙලෙස මිය ගොස් ඇත්තේ වයස අවුරුදු 33 ක් වු පල්ලේගම ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

සතුන් දඩයම් කිරීම සඳහා මරණකරු විසින්ම අටවන ලද උගුලකට හසු වී මෙසේ මිය ගොස් ඇති බවට විමර්ශනවලදී අනාවරණ වී ඇති බව පොලිසිය පැවසිය.

සිද්ධිය සම්බන්ධයෙන් ලග්ගල පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ඇත.

Leave a comment

Your email address will not be published. Required fields are marked *