• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ඉදිරි කාලයම තීරණාත්මකයි -රාජ්‍ය අමාත්‍ය ශෙහාන්

2 June 2024
in දේශීය, පුවත්
ඉදිරි කාලයම තීරණාත්මකයි -රාජ්‍ය අමාත්‍ය ශෙහාන්
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

ඉදිරි මාස 12 -මාස 24 ක කාළසීමාව ඉතාම තීරණාත්මක් බවත් දේශපාලන තීන්දු ගන්න පුලුවන් පරිසරයක නෙමෙයි රටේ ආර්ථිකය තිබෙන්නේ යැයි මුදල් රාජ්‍යය අමාත්‍යය ශෙහාන් සේමසිංහ මහතා පවසයි.

ඒ මහතා මේ බව ප්‍රකාශ කර සිටියේ එප්පාවල ලංකා රාජ්‍යය පොස්පේට් සමාගමේ නිරීක්ෂණ චාරිකාවකට සහභාගී වෙමින්ය.එහිදී අමාත්‍යයවරයා පොස්පේට් ආයතනයේ නිෂ්පාදන ක්‍රියාවලිය සම්බන්ධයෙන් නිරීක්ෂණය කර අලෙවිය හා ආයතනයේ වත්මන් තත්වය සම්බන්ධයෙන් නිළධාරීන් සමඟ සාකච්ජාවකද නිරත විය.

මාධ්‍ය වෙත අදහස් දැක්වූ මුදල් රාජ්‍යය අමාත්‍යවරයා “ විවිධ කණ්ඩායම් විවිධ මත දරන්න පුලුවන්, හැබැයි වැදගත් වෙන්නේ ජනාධිපතිතුමා ඉදිරිපත් කරපු මතය, ජනාධිපතිතුමා කිසිම තැනක කියලා නෑ, මැතිවරණයක් නොපැවැත්වීම ගැන හරි, මැතිවරණයක් කල් තැබීම ගැන හරි, එතුමා පැහැදිලිවම ප්‍රකාශ කරලා තියෙනවා ජනාධිපතිවරණයත්, ඊට පසුව මහ මැතිවරණයත්, ඊට පසුව ඉතිරි මැතිවරණත් පවත්වන්න කටයුතු කරනවා කියන කාරණය, මේ එක එක්කෙනා, තනි තනි වශයෙන් ඉදිරිපත් කරන කාරණා වලට ගිහිල්ලා රටේ තියෙන මේ ආර්ථිකය ගොඩනැගීම කියන කාරණාව අමතක කරලා විවිධ කණ්ඩායම් අදහස් ප්‍රකාශ කරනවා, හැබැයි මට තව ප්‍රශ්නයක් තියෙනවා, ඒක තමයි මේක සිදු නොවන දෙයක්,පැහැදිලිවම ජනාධිපතිතුමා, අගමැතිතුමා, රජය කියනවා ඡන්දය පවත්වනවා කියලා, මුදල් වෙන් කිරීමත් මුදල් අමාත්‍යංශයෙන් සිදු කරලා තියෙනවා.හැබැයි ඒකට පිළිතුරක් තියෙනවා. මේක ප්‍රශ්නයක් විදිහට දකින ජනතා විමුක්ති පෙරමුණ අනෙක් පැත්තෙන් ගෙන යන ප්‍රචාරය තමයි මේ රටේ අධිකරණ බලය තමන්ගේ සාමාජිකත්වයට ලබා දීම, ඒකේ බරපතලම කාරණය තමයි ඔවුන් මේ රටේ ව්‍යවස්ථාව සන්සන්දනය කරනවා ගමේ මරණාධාර සමිති‌යේ ව්‍යවස්ථාවට, මරණාධාරසමිතියට ව්‍යවස්ථාවක් ගමේ සාමාජිකයන් හදනවා, ක්‍රියාත්මක කිරීමත් සාමාජිකයන් කරනවා, ඊළඟට යුක්තිය පසඳලීමත් සාමාජිකයන් සිදු කරනවා, එහෙම නම් ඔය කියන ආකාරයට අධිකරණ බලය විමධ්‍යගත කරන්න හදන්නේ ගමේ තමන්ගේ සාමාජිකයාට ඒ සම්බන්ධයෙන් ඒ පක්ෂයේ මතය මොකක්ද? අපේ රටේ අධිකරණය පිළිබඳව විශ්වාසයක් හා ගෞරවයක් ජනතාව අතර තියෙනවා.ගෞරවයක් තියෙන, සාධාරණයක් බලාපොරොත්තු වෙන, විශ්වාසයක් තියෙන අධිකරණ පද්ධතිය හෑල්ලුවට ලක් කිරීම සාධාරණ නෑ, ඡන්ද තියන් නෑ කියලා එක කණ්ඩායමක් කියද්දී ජනාධිපතිතුමා රජය කියනවා ඡන්ද තියනවා කියලා.එතකොට ඒ ප්‍රශ්නය උත්තරයක් තියෙනවා.හැබැයි අධිකරණ බලය මේ ආකාරයට තමන්ගේ පාක්ෂිකයාට ලබා දීම සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණ ප්‍රකාශයක් කරනවා නම් ඒ අයට මොකක්ද තියෙන උත්තරය,එහෙම කවුරුත් උත්තරයක් දෙන්නේ නෑ, ඒ නිසා මේ මැතිවරණ සමයක් වෙද්දී තමන්ට වාසී ඒවාට කථා කරන්නත්, අවාසි ඒවාට නිහඩව සිටීමටත් යම් කුඩා කණ්ඩායම් කටයුතු කරනවා, හැබැයි මේ රටේ මිලියන 22 ම පසුගිය 2022 වර්ෂයේ අප්‍රේල් මාස‌යේ අනන්ත අප්‍රමාණ දුක් කන්දරාවකට හා අපහසුතා රාශ්‍රියකට ආවා, ඒ වෙලාවේ තමන්ගේ වගකීම ඉටු කළා නම් මේ අයට යම්කිසි දෙයක් ජනතාව ඉදිරියේ කියන්න පුලුවන්, ඒ වගකීම පැහැර හැරලා, ඒ වගකීම ගන්නේ නැතිව, අද යම් ස්ථාවරත්වයක් මේ ආර්ථිකයේ ලබලා, ජනතාවට මේ කරපු ප්‍රථිසංස්කරණ මුලින් අමාරු වුණාට ඒ අමාරු ප්‍රථිසංස්කරණ වල ප්‍රථිඵලය දැන් ක්‍රමාණූකූලව එන්න පටන් ගෙන තියෙද්දී, තමන් නායකත්වය පෙන්නුම් කල යුතු අවස්ථා‌වේ පෙන්නුම් කරන්‌නේ නැතිව, රටේ අභියෝග යම් ජයග්‍රහණයක් කලාට පස්සේ පක්ෂ විපක්ෂ අය විවිධ දේශපාලන මාතෘකා කථා කිරීම සාධාරණ නෑ,මේ තැනට රට එද්දී මේ රටේ ජනතාව කැපකිරීම් කරලා, රජයට සහයෝගය දැක්වූවා, ලෝක‌ේය සියලුම මිත්‍ර රටවල් අපිට සහයෝගය දැක්වූවා, මූල්‍ය ආයතන සියල්ල අපිට සහයෝගය දැක්වූවා, අවාසනාවකට සමඟි ජන බලවේගයයි, ජනතා විමුක්ති පෙරමුණයි පාර්ලිමේන්තුව ඇතුලේ මේ ජනතාව දුකෙන් මුදවා ගැනීමට කිසිදු සහයෝගයක් දුන්නේ නෑ,.මේ සඳහා ගෙන ආ සෑම අණ-පනතකටම , හැම යෝජනාවලියකටම ඔවුන් විරුද්ධ වෙලා ඔවුන්ගේ දේශපාලන මතය විතරක් ප්‍රචලිත කරන්න උත්සහ කළා.ඒ නිසා එයාලට කථා කරන්න අයිතියක් නෑ,

ඉදිරි ජනාධිපතිවරණය මේ රටේ ආර්ථිකයත් එක්ක බැඳෙන කාරණයක්, මේ පවතින ක්‍රමවේදය, මේ පවතින ප්‍රථිපත්ති, මේ සිදු කරන ප්‍රථිසංස්කරණ ආපසු හැරවීමක් කළොත්, සති 04 කට වඩා මේ රටේ ආර්ථිකය ගමන් කරන්න බෑ,රටේ ආර්ථිකය තමයි ප්‍රධාන කාරනාව, රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා ඒ සඳහා නායකත්වය දුන්නා, අනෙක් පැත්තෙන් එතුමාට ප්‍රතිවිරුද්ධව හිටපු මහින්ද රාජපක්ෂ කඳවුර මේ ආණ්ඩුව අරගෙන යන්න අවශ්‍යය පාර්ලිමේන්තුවේ බහුතරය දුන්නා.විපක්ෂය කකුලෙන් ඇද්දා, එක කණ්ඩායමක් කකුලෙන් අදිද්දී අනෙක් කණ්ඩායම සහයෝගය දක්වනවා, ජනාධිපතිතුමා රට මෙතෙන්ට ගෙන ආවට පස්සේ ඉදිරි මාස 12 -මාස 24 ක කාළසීමාව ඉතාම තීරණාත්මකයි.දේශපාලන තීන්දු ගන්න පුලුවන් පරිසරයක නෙමෙයි රටේ ආර්ථිකය තියෙන්නේ.ඉතාම තීරණාත්මක තැනක තියෙන්නේ.මෙතැනින් උඩට යනවාද?, පහළට යනවාද කියන එක තීන්දු වෙන්නේ, මේ කරපු ප්‍රථිසංස්කරණ තවත් ශක්තිමත් කරලා ඉස්සරහට අරගෙන යන එකද? එහෙම නැත්නම් ආපසු හරවනවාද කියන කාරණය.ඒ නිසා අපි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලත් එක්ක ඇතිකරගත්ත එකඟතා සම්බන්ධයෙන් අපි බලාපොරොත්තු වෙනවා ලබන මාසයේදී 03 වැනි වාරිකය අනුමත කර ගන්න අපිට පුලුවන් වෙයි කියලා.අපි ඒ සඳහා අවශ්‍ය කැපවීම් රජයක් හැටියට සිදු කරලා තියෙනවා, අපේ ණය හිමියොත් එක්ක එකඟතාවන්ට අපි ඇවිත් තියෙනවා.මේ ඇති කරගත් එකඟතා, අවබෝධතා ගිවිසුම් වලට ණය හිමියන් පරිවර්ථනය කර ගන්න අවශ්‍යය වැඩ කටයුතු මේ මොහොතෙත් සිදු වෙමින් පවතිනවා. පෞද්ගලික බැදුම්කර හිමියන් සමඟ සාකච්ජා කිරීම හා තොරතුරු හුවමාරු කර ගැනීම සිදු වෙනවා, ඒ වගේම ණය ප්‍රථිව්‍යූහගතකරණයෙන් පස්සේ මේ ආර්ථිකය ලබපු ප්‍රගතිය, ඒ ප්‍රගතිය ලබා ගන්න ගත්ත කාළසීමාවට වඩා වැඩි ප්‍රගතියක් වැඩි වේගයකින් සිදු වීම රටේ සිදු වේවී, මොකද රටේ ක්ෂ්‍රේත්‍ර කීපයක් මේ ආර්ථික ප්‍රගතිය තුළ නැවත යතාවත් වීමකට ආසන්න තැනක ඉන්නවා.හැබැයි ක්ෂ්‍රේත්‍ර කීපයක් යථාවත් වීමක් සිදු වෙලා නෑ තාම, එම ක්ෂ්‍රේත්‍ර වලට ණය ප්‍රථිව්‍යූහගතකරණයෙන් පස්සේ රට තුළ නැවත වැඩ බිමක් බවට මේ රට පත්වීමත් එක්ක ආර්ථිකය වේගවත් ගමනක් යන්න පටන් ගනීවී, ඒ නිසයි අපි නිශ්චිතවම කියන්නේ 2022 දී 7.8% ක ආර්ථිකයේ සංකෝචනයක් තිබුණ රටක් , 2023 අවසන් කාර්තුවේදී 4.5% ක වර්ධනයක් ගෙන ආවා, අනිවාර්යෙන්ම මේ 2024 අවුරුද්දේදී 3% ඉක්මවු ආර්ථික වර්ධන වේගයක් අරගෙන එනවා, ආර්ථික සංවර්ධන පනත් කෙටුම්පත සම්මත වීමත් සමඟ හැම රජයකටම අපිට වගකීමක් තියෙනවා , 5% ක ආර්ථික වර්ධන වේගයක් 2025 වන විට පවත්වාගෙන යාම.

2022 අප්‍රේල් මාසයේ ඉඳලා 2024 වර්ෂයේ අප්‍රේල් මාසය දක්වා මේ රටේ ආර්ථිකමය වශයෙන් හා ජන ජීවිතය සාමාන්‍යය අතට පත්වීම සම්බන්ධයෙන් පරිවර්ථනයක් සිදු වෙලා තියෙනවා.හැබැයි අපහසුතා යම් ප්‍රමාණයක් අඩු වෙලා තියෙනවා, තව අපහසුතා ප්‍රමාණයක් ඒ ආකාරයෙන්ම තියෙනවා.කඩා වැටුණා වගේ ඉක්මනට යථාවත් වීමක් සිදු වෙන්නේ නෑ, අපිට පෙර හා අපට ආසන්න කාළයේ කඩා වැටුණු රටවල් සමඟ සංසන්ධනය කරද්දී ඒ රටවල් වල ප්‍රගතියට වඩා යම් සාර්ථක ප්‍රගතියක් අපි අත්පත් කර ගෙන තියෙනවා.මේක ජනාධිපතිතුමන්ගේ කැපවීම, රජයේ තිබුණ කැපවීම හා ජනතාව විසින් මේ යථාවත්වීම සඳහා දක්වපු සහයෝගය.හැබැයි මේ යථාවත්වීම මුළ ඉඳන්ම ඉවසාගන්න බැරි කණ්ඩායමක් රට තුළ ඉන්නවා.ඒක සුළුතරයක්, ඒ ඉන්න සුළුතර මතයට බහුතර මතය යටපත්වෙන්න මම හිතන්නේ නෑ රටේ ජනතාව ඉඩ දෙයි කියලා.අපි පැය 13 ක්, කළුවරේ හිටියා, පොහොර තිබ්බේ නෑ,බෙහෙත් තිබ්බේ නෑ, අධ්‍යාපන කටයුතු කර ගන්න බැරි වුණා, දවස් 05-06 ක් තෙල් පෝලිම් වල හිටියා, ඒ අතරතුර ජීවිත කීපයක් අහිමි වුණා, ගෑස් තිබ්බේ නෑ, බඩු මිළ ඉහළ යෑමේ වේගය අපි කාටවත් හිතාගන්න බැරි වුණා, කලුකඩේ විදේශ විනිමය ඩොලරයට සාපේක්ෂව රුපියල් 420 වුණා, ආහාර උද්ධමනය 100% ආසන්න තැනකට ගියා, අත්‍යවශ්‍යය ද්‍රව්‍ය වල ආනයන සීමා රාශියක් තිබුණා.කඩා වැටීමක් තිබුණා ඒක ඇත්ත, ඒ කඩා වැටීමට හේතු වුණ කාරණ නැවත ඇති නොවෙන්න කටයුතු කිරීමේ වගකීමක් තමයි ජනාධිපතිතුමා හා රජයට තියෙන්නේ මුල් කාළය අමාරු වුණා, තවත් අමාරුකම් නැති වෙලා නෑ, ඒවා ඇත්ත අපි පිළිගන්නවා, හැබැයි ඒවා සම්පූර්ණයෙන් නැති කරලා නැවත කිසිම අවස්ථාවක 2022 තත්වයට පත් නොවන රටක් බවට මේ රට පත් කළ යුතුයි.මේ සඳහා තමයි ‌අපි කටයුතු කරන්නේ.එවිට ජනප්‍රිය වෙන්න, හොඳ අහන්න තීන්දු ගන්න අවස්ථාවක් නෑ, ඒ ගැන හිතලා අපි තීන්දු නොගෙන හිටියා නම් මේ තැනට රට ගේන්න වෙන්නේ නෑ,ඒ නිසා අපි අමාරු තැන, අමාරුම තීන්දු ටික රටේ ජනතාවගේ ජීවිත අනාගතයේදී පහසු කිරීම වෙනුවෙන් අරගෙන තියෙනවා, අමාරුම තීන්දු ටික අරගෙන ඉවරයි, දැන් තියෙන්නේ ඒවායේ ප්‍රථිඵල පහළ මට්ටමට කිදා බහිනතුරු ආර්ථිකය රදා පවත්වා ගැනීමයි යැයි රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පැවසීය.

තිසර සමල් – අනුරාධපුර

Post Views: 25,420
Previous Post

රංජිත් මද්දුම බණ්ඩාරට අත්හිටවූ එ.ජා.ප සාමාජිකය යළිත්

Next Post

කිරිවත්තුඩුවේ ඉදිකෙරුණු “ගුරුදෙව් සුව අරණ ගිලන් භික්ෂු මධ්‍යස්ථානය විවෘත කෙරේ

editor ttvnews

editor ttvnews

Next Post
කිරිවත්තුඩුවේ ඉදිකෙරුණු “ගුරුදෙව් සුව අරණ ගිලන් භික්ෂු මධ්‍යස්ථානය විවෘත කෙරේ

කිරිවත්තුඩුවේ ඉදිකෙරුණු “ගුරුදෙව් සුව අරණ ගිලන් භික්ෂු මධ්‍යස්ථානය විවෘත කෙරේ

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

30 April 2025
ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

20 February 2025
බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

21 March 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

9 May 2025
රට පුරා වේගයෙන් පැතිරෙන වෛරසය ගැන දැනගමු

රට පුරා වේගයෙන් පැතිරෙන වෛරසය ගැන දැනගමු

9 May 2025
ගුවන් අනතුරින් මිය ගිය ගණන සහ තවත් තොරතුරු

ගුවන් අනතුරින් මිය ගිය ගණන සහ තවත් තොරතුරු

9 May 2025
නව පාප් වහන්සේ Robert F. Prevost

නව පාප් වහන්සේ Robert F. Prevost

9 May 2025

Recent News

මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

9 May 2025
රට පුරා වේගයෙන් පැතිරෙන වෛරසය ගැන දැනගමු

රට පුරා වේගයෙන් පැතිරෙන වෛරසය ගැන දැනගමු

9 May 2025
ගුවන් අනතුරින් මිය ගිය ගණන සහ තවත් තොරතුරු

ගුවන් අනතුරින් මිය ගිය ගණන සහ තවත් තොරතුරු

9 May 2025
නව පාප් වහන්සේ Robert F. Prevost

නව පාප් වහන්සේ Robert F. Prevost

9 May 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

9 May 2025
රට පුරා වේගයෙන් පැතිරෙන වෛරසය ගැන දැනගමු

රට පුරා වේගයෙන් පැතිරෙන වෛරසය ගැන දැනගමු

9 May 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved