රුපියල් මිලියන 3,054 ක මුදලක් වැය කර ඉදිකළ ගම්පහ නව දිස්ත්‍රික් ලේකම් කාර්යාලයීය සංකීර්ණය දෙසැම්බර් මාසයේදී විවෘත කරන බව නාගරික සංවර්ධන අමාත්‍යංශය පවසයි.
2019 වසරේ මාර්තු මාසයේදී රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යාංශ ප්‍රතිපාදන මත මෙහි ඉදිකිරීම් කටයුතු ආරම්භ කර ඇත.
මෙම ගොඩනැගිල්ල මහල් නවයකින් සහ වර්ග අඩි 250,000 කින් සමන්විතය.
Sanken Construction පුද්ගලික සමාගම මෙහි ඉදිකිරීම් කටයුතු සිදු කරන අතර මොරටුව විශ්ව විද්‍යාලය උපදේශන සේවාව සිදු කරයි.
මහජනයාට තම සේවාවන් කඩිනමින් සිදු කර ගැනීමට පහසු වන පරිදි නව දිස්ත්‍රික් ලේකම් කාර්යාලීය සංකීර්ණය තුළ රාජ්‍ය ආයතන 26 ක් පමණ ස්ථාපිත කිරීමට සැලසුම් කර ඇත. විශේෂත්වය වන්නේ සෑම රාජ්‍ය ආයතනයකම කවුන්ටරයක් බිම් මහලේ මහජනයා උදෙසා වෙන්ව තිබීමයි.
වර්ග අඩි 25,000 කින් යුත් ආසන 1,000 කින් සමන්විත නව ශ්‍රවණාගාරයක්, රාජ්‍ය බැංකු, තැපැල් කාර්යාලයක් මෙහි ඇත.