27 April 2024
#දේශීය

හෙට පැවැත්වෙන පාගමනට අපි ඉන්නවා – විපක්ෂනායක සජිත්

හෙට පැවැත්වෙන පාගමනට සමගි ජන බලවේගය නැතැයි ඇතැමුන් ප්‍රකාශ කරන බවත්,එය සම්පූර්ණ බොරුවක් බවත්,එම පාගමනට සම්පූර්ණ සහයෝගය ලබා දෙමින් සමගි ජන බලවේගය ඊට සියයට සියයක්ම සිය ශක්තිය ලබාදෙන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

විපක්ෂනායකවරයා මේ බව පැවසුවේ අද (01) විපක්ෂනායක කාර්යාලයේ මර්දනයට එරෙහි වෘත්තිය සමිති ඒකාබද්ධ ප්‍රකාශනයට අත්සන් තැබීමේ අවස්ථාවට එක්වෙමිනි.

මර්දනයට එරෙහිව අරගල කළ යුත්තේ හුදකලාව නොවන බව පැවසූ විපක්ෂ නායකවරයා ඒ වෙනුවෙන් එකට එක් වී අරගල කළ යුතු යැයි ද පැවසීය.

එසේම හුදකලා බී පටු නියාය පත්‍ර බදින් මේ රට ගොඩනැඟිය නොහැකි බව පැවසූ හෙතෙම පවතින මර්දනයට මුහුණ දීමට නම් සියලු දෙනා දෙනාම එක්වීමේ වැදගත්කම අවධාරණය කළේය.

හෙට දිනයේ පැවැත්වෙන්නේ සාමකාමී, පා ගමනක් බව පැවසූ විපක්ෂ නායකවරයා, එය මර්දනය කරන්නට ආරක්ෂක අංශ සූදානම්ව සිටිනවානම් වහාම එම සූදානම ඉවත් කර ගන්නා ලෙසත්,සාමකාමී විරෝධතාවයට කිසිවකු හෝ අත තබන්නේ නම් ඊට එරෙහිව ගත හැකි සියලූ ක්‍රියාමාර්ග ගන්නා බවත් විපක්ෂ නායකවරයා කියා සිටියේය.

ප්‍රජාතන්ත්‍රවාදී සාමකාමී පාගමනට එරෙහිවීමට කිසිවකුටත් අයිතියක් නැති බව පැවසූ ප්‍රේමදාස මහතා මර්දනයේ පීතෘවරුන් වන්නේ රාජපක්ෂවරුන් යැයිද පැවසීය.

සිරිධම්ම හිමි, වසන්ත මුදලිගේ ඇතුළු  පිරිස් අත්අඩංගුවට ගෙන සිරගත කොට ඇත්තේ කිසිම චෝදනාවක් නැතිව බව පැවසූ විපක්ෂ නායකවරයා පුනරුත්ථාපනය කළ යුත්තේ රාජපක්ෂලා ඇතුළු පොහොට්ටුවේ මන්ත්‍රීවරුන් යැයිද පැවසීය.

 

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *