• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ජර්මන් – ශ්‍රී ලංකා මිත්‍රත්ව කාන්තා රෝහල ජනතා අයිතියට පත් කෙරේ

17 April 2024
in දේශීය, පුවත්
ජර්මන් – ශ්‍රී ලංකා මිත්‍රත්ව කාන්තා රෝහල ජනතා අයිතියට පත් කෙරේ
0
SHARES
4
VIEWS
Share on FacebookShare on Twitter

පසුගිය දා ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ, සෞඛ්‍ය කටයුතු අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් ගාල්ලේදී ජර්මානු – ශ්‍රී ලංකා මිත්‍රත්ව කාන්තා රෝහල ජනතා අයිතියට පත් කෙරුණි.මෙම අති නවීන රෝහල් සංකීර්ණය දකුණු ආසියාවේ විශාලතම මාතෘ රෝහල වන අතර, එය වර්ග අඩි 500,000 ට වැඩි භුමි ප්‍රමාණයක විහිදුණු, ඇඳන් 640 කින් ද සමන්විත වූවකි.

හිටපු ජර්මානු චාන්සලර්, දිවංගත හෙල්මට් කෝල් මහතා වර්ෂ 2004 වසරේ ශ්‍රී ලංකාවේ දකුණු පළාතේ සිදුකළ සංචාරයක් අතරතුර සුනාමි ඛේදවාචකයට හසුව දිවි බේරා ගැනීමෙන් පසුව ඔහු තුළ ඇතිවූ සිතුවිල්ලක් අනුව මෙම ව්‍යාපෘතිය ආරම්භ කළ අතර ඒ සඳහා ජර්මානු ජනරජය, ගාල්ලේ හෙල්මට් කෝල් මාතෘ රෝහල් පදනම, ජර්මනියේ KfW බැංකුව සහ ශ්‍රී ලංකා රජය මගින් අරමුදල් සපයන ලදී. මෙම ව්‍යාපෘතිය ශ්‍රී ලංකාව සහ ජර්මනිය අතර පවතින දිගු කලීන මිත්‍රත්වයේ සංකේතයක් ලෙස පෙන්වා දිය හැකිය.

මෙම ව්‍යාපෘතියේ අවසන් අදියර ඒකාබද්ධ සෞඛ්‍යාරක්ෂණ තාක්‍ෂණික සහ යටිතල පහසුකම් ආශ්‍රිත සේවා සපයන ශ්‍රී ලංකාවේ එක ම ආයතනය වන ප්‍රිමියම් ඉන්ටර්නැෂනල් ආයතනය විසින් නිම කරන ලද අතර ඒ සඳහා අවශ්‍ය සිවිල් ඉංජිනේරු සහ කාර්මික, විදුලි සහ ජලනල (MEP) ඉංජිනේරු කටයුතු ද ඇතුළු ව වෛද්‍ය සහ වෛද්‍ය නොවන උපකරණ බහුතරයක් සැපයීම සහ ස්ථාපනය කිරීම ද එම ආයතනය විසින්ම සිදු කරන ලදී.

මෙම ව්‍යාපෘතියට අදාළ ව ප්‍රිමියම් ඉන්ටර්නැෂනල් ආයතනය ප්‍රධානම තාක්ෂණික උපකරණ සපයන්නා ලෙස ක්‍රියා කළ අතර නව රෝහලේ රසායනාගාර, රුධිර බැංකුව, ශල්‍යාගාර, දැඩි සත්කාර ඒකකය, ලදරු දැඩි සත්කාර ඒකකය, ප්‍රසූත කාමර සහ මාතෘ වාට්ටු වෙනුවෙන් අති නවීන වෛද්‍ය උපකරණ රැසක් ද සැපයීමට කටයුතු කෙරිණි. ඊට අමතරව ලොන්ඩරිය, මුළුතැන්ගෙය, අපද්‍රව්‍ය කළමනාකරණ ඒකකය සහ මෘත ශරීරාගාරය ඇතුළු මධ්‍යම රෝහල් පහසුකම් ස්ථාපනය ද ප්‍රීමියම් ඉන්ටර්නැෂනල් ආයතනය විසින් සිදු කරන ලදී. විශේෂයෙන් ම මෙහි ඇති වඩාත්ම සැලකිය යුතු ඒකකය මධ්‍යම ජීවානුහරණ සැපයුම් ඒකකය (CSSD ඒකකය) වන අතර එමඟින් රෝහල් පරිසරයේ ආසාදන පාලනය සහ ජීවානුහරණය සිදු කෙරේ. එමෙන්ම මෙය ශ්‍රී ලංකාවේ දැනට පවතින එවැනි ඒකක අතරින් වඩාත්ම දියුණු සහ අති නවීන පහසුකම් සහිත CSSD ඒකකය ලෙස ද හැඳින්වේ.

මෙම ව්‍යාපෘතියට අදාළ ව සිදුවන ව්‍යාපෘති කළමනාකරණය, කොන්ත්‍රාත්තු පරිපාලනය සහ රෝහල් සංකීර්ණයේ සමස්ත සිවිල් ඉංජිනේරු ප්‍රතිසංස්කරණ කටයුතු ප්‍රිමියම් ඉන්ටර්නැෂනල් ආයතන‍ය විසින් සිදුකළ අතර, ඒවා ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූල ලෙස නිමවා තිබේ.

ප්‍රිමියම් ඉන්ටර්නැෂනල් ආයතනයේ ව්‍යාපෘති අධ්‍යක්ෂ සුජීව සුමනසේන මහතා මෙම අවස්ථාව පිලිබඳව, සිය අදහස් දක්වමින් ප්‍රකාශ කර සිටියේ සෞඛ්‍ය අමාත්‍යාංශය, ජර්මනියේ KfW බැංකුව සහ ජර්මානු රජය විසින් පත් කරන ලද ප්‍රධාන ඉංජිනේරුවරයා ඇතුළු මෙම ව්‍යාපෘතියේ පාර්ශවකරුවන්, මෙම ව්‍යාපෘතිය පුරාවට ම ප්‍රිමියම් ඉන්ටර්නැෂනල් ආයතනය කටයුතු කළ ආකාරය පිළිබඳව ලැබුණු පැසසුම් හා ඇගයීම් සම්බන්ධයෙන් තම ආයතනය කෘතඥපූර්වක වන බවයි. එමෙන්ම මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමේ දී ප්‍රිමියම් ඉන්ටර්නැෂනල් ආයතනය මනා වෘත්තීමය බවකින් සහ ගුණාත්මක බවකින් යුතු ව කටයුතු කළ බව එතුමා එහිදී පවසා සිටි අතර ම මෙම ඇගයීම් මගින් පාරිභෝගික අවශ්‍යතා ඉක්මවා යන සේවාවක් ලබා දීමට සහ විවිධ පාර්ශවකරුවන් සම්බන්ධීකරණය කරමින් විශිෂ්ට වූ ඒකාබද්ධ සෞඛ්‍යාරක්ෂණ, තාක්‍ෂණික සහ පූර්ණ යටිතල පහසුකම් සඳහා විසඳුම් ලබා දීමටත් තම ආයතනය නිරන්තරයෙන් කටයුතු කරනා බව ඔහු වැඩි දුරටත් සදහන් කර සිටියේය.

PR

Post Views: 4,908
Previous Post

අභාවප්‍රාප්ත පාලිත තෙවරප්පෙරුමගේ අවසන් කටයුතු ලබන සිකුරාදා

Next Post

ශ්‍රී ලංකා විදේශ රැකියා නියෝජිත ආයතනය විසින් විදේශ රැකියා සඳහා පින්තාරු ශිල්පීන් පුහුණු කරවන්නෙකු ලෙස JAT පත්කරයි

editor ttvnews

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

30 April 2025
ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

20 February 2025
බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

21 March 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

9 May 2025
රට පුරා වේගයෙන් පැතිරෙන වෛරසය ගැන දැනගමු

රට පුරා වේගයෙන් පැතිරෙන වෛරසය ගැන දැනගමු

9 May 2025
ගුවන් අනතුරින් මිය ගිය ගණන සහ තවත් තොරතුරු

ගුවන් අනතුරින් මිය ගිය ගණන සහ තවත් තොරතුරු

9 May 2025
නව පාප් වහන්සේ Robert F. Prevost

නව පාප් වහන්සේ Robert F. Prevost

9 May 2025

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

9 May 2025
රට පුරා වේගයෙන් පැතිරෙන වෛරසය ගැන දැනගමු

රට පුරා වේගයෙන් පැතිරෙන වෛරසය ගැන දැනගමු

9 May 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved