• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ආණ්ඩුව කොරෝනා වෛරසයට මුවාවී සියළුම බර ජනතාවට පටවනවා – දුමින්ද නාගමුව

14 March 2020
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

කොරෝනා වෛරස ආසාදනයට මුහුණ දෙන්නට ආණ්ඩුවේ සූදානමක් නොමැති බවත් ආර්ථික අර්බුදයට විසඳුමක් ලබා නොදී කොරෝනා වෛරසයට මුවා වෙමින් ජනතාව මත බරපැටවීමේ උත්සාහය සම්බන්ධයෙන් පෙරටුගාමී සමාජවාදී පක්ෂය චෝදනා කරයි.පෙ.ස.ප. ප්‍රචාරක ලේකම් දුමින්ද නාගමුව සහෝදරයා මේ සම්බන්ධයෙන් අදහස් පළ කළේ පසුගිය 11 වනදා  බත්තරමුල්ල පක්ෂ කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකදීය. එහිදී ඔහු වැඩිදුරටත් මෙසේද පැවසීය.“වර්ෂය ආරම්භයේ චීනයේ ආරම්භ වූ කොරෝනා වෛරසය මේ වනවිට ලෝකය පුරා ව්‍යාප්ත වෙමින් ලෝකයේම වසංගත තත්වයක් ප්‍රකාශයට පත්කර තිබෙනවා.

රෝගය සම්බන්ධ බිහිසුණු බව සම්බන්ධයෙන් විවිධ සංඛ්‍යා දත්ත හා තොරතුරු වාර්තා වෙනවා. රෝගය වැළඳෙන අයගෙන් වැඩි පිරිසකට විශේෂ සත්කාර අවශ්‍යවන තත්වයක් තිබෙනවා. ඒ නිසා සෞඛ්‍ය පහසුකම් සම්බන්ධ වැඩි අවධානයක් අවශ්‍ය වෙනවා. නමුත් අපි අහන්නෙ මේ වැනි අභියෝගයකට ලංකාව සූදානම්ද, පාලකයන් ඒ සදහා අවධානය යොමුකර තිබනවද කියන කාරණය. මේ වනවිට ඉතාලිය, කොරියාව, ඉරානය වැනි රටවල් අලුතින් මෙම වසංගතයේ තර්ජනයට මුහුණ දෙමින් සිටිනවා. අපේ රටේ මුලින්ම චීන ජාතික කාන්තාවක් ආසාදිතයෙක් ලෙස හඳුනාගෙන ප්‍රතිකාර කිරීමෙන් සුවපත් කිරීම නිසා විශාල ප්‍රචාරයක් දුන්නා වුණත් ඇත්තටම අපි මේ වසංගතයට මුහුණ දෙන්න සූදානම්ද කියන ගැටලුව අපි මතු කරන්න කැමතියි. මේ ගැටලුවේ ගැමුර සම්බන්ධයෙන් පාලකයන්ගෙ අවධානය යොමුවෙලාද කියන ප්‍රශ්නය අපට තිබෙනවා.
ලංකාවෙදි මෙම රෝගය සම්බන්ධ හඳුනාගැනීම් කරන්න පහසුකම් තියෙන්නෙ වෛද්‍ය පර්යේෂණායතනයේ පමණයි. ඒත් එක් රෝගියෙක් සඳහා රුපියල් 10000ක් පමණ වියදමක් දරන්න වෙනවා. ඒ නිසා මේ රෝගය ව්‍යාප්තවන තත්වයකදී මෙම ආසාදනය තිබෙනවාද කියලා හඳුනාගන්න තරම් ප්‍රමාණවත් පහසුකම් තිබෙනවද කියන ගැටලුව අපට තිබෙනවා. විශේෂයෙන් රොගීන් සමඟ වැඩකරන්න නම් සෞඛ්‍ය සේවකයන්ට මුඛ ආවරණ, අත්වැසුම්, විශේෂ ඇඳුම් කට්ටල ලබා දිය යුතුයි. එැවැනි ද්‍රව්‍ය අවශ්‍ය තරමට සහිත තත්වයක් මේ විට තිබෙන බවක් අපට වාර්තා වී නෑ. චීනයේ වගේම ලෝකයේ විවිධ රටවල මේ රෝගය වාර්තා වුණාම සෞඛ්‍ය සේවකයන්ට ආරක්ෂවීමට පවා මෙවැනි සෞඛ්‍යාරක්ෂණ ද්‍රව්‍ය ප්‍රමාණවත් වුනේ නෑ. ඒ සඳහා සූදානමක් තිබෙනවද? ආණ්ඩුව විසින් කටුනායක දක්වා එන මගීන්ගෙන නිරෝධායන කටයුතු විධිමත්ව ආරම්භ කළේ ඊයෙ. නමුත් මේ වනවිට කොරෝනා ආසාදනය ව්‍යාප්ත වූ රටවල සිට දහසකට වැඩි පිරිසක් ලංකාවට පැමිණි බව වාර්තා වෙනවා. මේ ජනයා සම්බන්ධ නිරෝධායන කටයුතු නොකිරීමෙන් ඇතිව තිබෙන අවදානම ගැන දැන් අපි දන්නවා. ඒ අයට ගෙදරට වෙලා පරෙස්සමින් ඉන්න කියලා සති දෙකක්ම කිසිවක් නොකර ආණ්ඩුව අත පිහදාගත්ත නිසා තමයි මේ වනවිට රෝගි තත්වයෙන් පුද්ගලයෙක් හමුවී තිබෙන්නෙ.
දැන් රෝගි ආසාදනය ලංකාවට ඇතුළු වී තිබෙන තත්වය තුළ ආණ්ඩුව ගන්නා පියවර මොනවද කියලා අපි ප්‍රශ්න කරනවා. මේ සඳහා අවශ්‍ය සෞඛ්‍ය උපකරණ පර්යේෂණ උපකරණ, පර්යේෂණාගාර තවමත් සූදානම්කර නැති තත්වයක් යටතේ අපි මේ සම්බන්ධ අවධානය යොමු කළ යුතුයි. මේ දක්වා ලංකාවට පැමිණි විදේශගත ලාංකික ශ්‍රමිකයන් වෙනුවෙන් ආණ්ඩුව කුමක්ද සූදානම්කර තිබෙන්නෙ කියන ගැටලුව මතු වෙනවා.
පසුගිය ජනාධිපතිවරණයෙදි ගෝඨාභයට ඡන්දය දෙන් මේ අය ගෙන්වද්දි විශාල ප්‍රචාරයක් ලබා දුන්නා. අනුග්‍රාහකත්වය දුන්නා, ඔවුන් ලංකාවට ගෙන්වලා ඡන්දය ගන්න විවිධ වරදාන දුන්නා. නමුත් මේ අවස්ථාවේ ඔවුන් වෙනුවෙන් ආණ්ඩුව කටයුතු කරන ප්‍රමාණය ගැන සෑහීමකට පත් වෙන්න බෑ. පහුගිය රාජපක්ෂ පාලනයෙදි මේ විදේශගත ශ්‍රමිකයන් හැඳින්වුවෙ රටවිරුවො කියලා. නමුත් ආණ්ඩුව මේ රටවිරුවො කියලා කියන අයට දුන් පහසුකම් මොනවද? අපි දැක්කා චීනයේ සිට කැඳවාගෙන ආ පිරිස වෙනුවෙන් විශේෂ අවධානයක් දැක්වු බව. මොකද ඒ පිරිස අතර විශේෂ පුද්ගලයන් හිටිය නිසා අවධානය දෙමින් ආණ්ඩුව වෙනම වෙහෙසක් ගත්තා. නමුත් රස්සාවක් කරලා මේ රටට විදේශ විනිමය උපදවා දුන් අයට රුපියල් 7500ක අයකිරීමක් කරන්න ගිහින් විරෝධය මතු වූ නිසා තමයි අකුලාගත්තෙ. ඒ නිසා ආණ්ඩුව මේ සම්බන්ධ කටයුතු කරමින් තිබෙන දිශාව අපට වටහාගන්න පුළුවන්. ජනතාව මත මේ ප්‍රශ්නයේ වගකීම පටවලා ආණ්ඩුව ගැලවෙන පැත්තට හැරෙමින් තිබෙනවා. තවමත් අපට අවදානම් සහගත තත්වයක් ඇතිව නොතිබෙන පසුබිමක පවා ආණ්ඩුවේ වගකීම ගැන සැකයක් මතු වෙනවා. ඒ නිසා අපි අවධාරනය කරනවා, මේ එන විදේශගත ලාංකික ශ්‍රමිකයන් සම්බන්ධ වගකීම ආණ්ඩුව ගත යුතුයි. ඔවුන් සම්බන්ධ ආහාර වගේ සැපයුම්, සෞඛ්‍ය පහසුකම්, නිරෝධායනය හා අනෙකුත් කටයුතු වගකීමෙන් ඉටු කළ යුතුයි. එහෙම නොකිරීමෙන් ආණ්ඩුව වගකීම් පැහැර හැරියොත් මේ අය තනි තනිව තමන්ට විසඳුම් හොයාගන්න යාමෙන් මේ ආසාදනය වඩා ව්‍යාප්ත වෙන පසුබිමක් ඇති වෙන්න පුළුවන්. වඩා අවදානම් සහගත තත්වයක් ඇති වෙන්න පුළුවන්.
දැනට මේ විදේශගත ශ්‍රමිකයන් නිරෝධායනය කිරීමට යොදාගත් ස්ථානයක් ලෙස සෝමාවතියෙ කන්දකාඩු පුනරුත්ථාපන කඳවුරයි. මෙම ස්ථානය මත්ද්‍රව්‍ය ඇබ්බැහිවීම නිසා ගැටලුවලට මුහුණදුන් පුද්ගලයන් පුනරුත්ථාපනයට යොදවන ස්ථානයකට යාබදවයි පහිටලා තිබෙන්නෙ. එතැන 500ක් පමන පිරිසක් පුනරුත්ථාපනය වෙමින් සිටින නිසා ඔවුන්ට නිරෝධායන ස්ථානයේ සිටීම අවදානමක්. ආසාදිතයන් යැයි හඳුනාගන්නා තෙක් විදේශගත ශ්‍රමිකයන් මෙහි ගෙන එන තත්වයක් තුළ ඔවුන් මේ අවදානමට ගොදුරුකළ යුතු නෑ. ඒ නිසා දැනට ඉන්න රැඳවියන් වෙනත් ආරක්ෂිත ස්ථානයකට ගෙන යා යුතු බව අපි අවධාරනය කරනවා.
මේ අතරම ලංකාවෙ දීර්ඝ කාලයක් විසඳුම් නැතිව උග්‍ර වෙමින් පවතින ආර්ථික අර්බුදය තවදුරටත් වර්ධනය වෙමින් කියෙනවා. මේ සෞඛ්‍ය ගැටලුව තවදුරටත් ව්‍යාප්තවීමට හැකියාවක් තිබෙනවා. නමුත් අපි අහන්නෙ ආණ්ඩුව මේ වනවිටත් පියවාගත නොහැකි ආර්ථික අර්බුදයට විසඳුම් දෙන්න අසමත්කම නිසා කොරෝනා වසංගතය පිට දාලා ආණ්ඩුව ගැලවෙන්න සූදානම්වන බවක් අපි දකිනවා. මේ වනවිට ලංකාවෙ ධීවර කර්මාන්තයට සහ ඇඟලුම් කර්මාන්තයට මෙහි අනතුර උදාවෙමින් තිබෙනවා. යුරෝපය ලංකාවෙ මත්ස්‍ය සම්පත ආනයනය කරන ප්‍රධාන වෙළඳපොළක්. නමුත් කොරෝනා අවදානම නිසා බහුදින යාත්‍රාවලින් ටූනා මසුන් ඇල්ලීමෙන් නිෂ්පාදනයවන අපනයන මත්ස්‍ය සම්පත යුරෝපයට යවන්නට නොහැකි තත්වයක් තිබෙනවා. කිලෝව රු. 800ක් වූ ටූනා මත්ස්‍යයන් මේ වනවිට කිලෝව රු 400 දක්වා පහත වැටීම නිසා බහුදින ධිවර කර්මාන්තයේ යෙදෙන ලක්ෂයක පමණ් ශ්‍රමිකයන් විශාල ගැටලුවකට මුහුණදීමට නියමිතයි. ඒ වගේම ලංකාවෙ ඇගලුම් කර්මාන්තයට අවශ්‍ය රෙදි පිළි අමුද්‍රව්‍ය ගෙන්වන්නෙ චීනයෙන් නිසා එම ආනයනය සඳහා ඇතිව තිබෙන බාධා නිසා ඇඟලුම් කම්හල් 50ක පමණ කටයුතු අඩාලවී තිබෙනවා. මේ තත්වය ඉදිරියට ලංකාවේ ඇඟලුම් ක්ෂේත්‍රයේ දරුණු බිඳවැටීමක් වියහැකි බව කිවයුතුයි.
ඒ විතරක් නෙවෙයි, ලංකාවෙ ඖෂධ නිෂ්පාදන ආනයනය සම්බන්ධයෙන් වඩා බරපතළ ගැටලුවක් මේ තත්වය තුළ ඇතිවන්නට නියමිතයි. විශේෂයෙන් ඉන්දියාව ඖෂධ නිෂ්පාදනයට අමුද්‍රව්‍ය සපයාගන්නෙ චීනය වැනි ආශ්‍රිත රටවලින්. කොරොනා අවදානම සහිත එම කලාපයේ සිට ඖෂධ නිෂ්පාදනයට අවශ්‍ය අමුද්‍රව්‍ය ආනයනය සීමා කිරීම සිදුවෙන නිසා ඉන්දිය ඖෂධ නිෂ්පාදන බිඳවැටීමත් ඒ නිසා ලංකාවේ ඖෂධ සැපයුම් බිඳවැටීමත් අපේක්ෂා කළ යුතු අවදානමක්. දැනටමත් ලංකාවෙ ඖෂධ හිඟයක් තිබෙන තත්වයක් තුළ ආණ්ඩුව මේ සම්බන්ධයෙන් වගකීමෙන් මැදිහත් වියයුතු බව අපි අවධාරනය කරනවා.
සංචාරක කර්මාන්තය තුළ මේ සම්බන්ධ අවදානම විශාලයි. මොකද සමහර රටවල සංචාරයට අවදානම නිසා තහනම් පැනවීම සිදුවුණා. ලංකාවටත් මේක බලපාන තත්වයක් තිබෙනවා. මේ නිසා ආනයන අපනයන වෙළඳාමේ සිට කොටස් වෙධඳපොළ දක්වා මෙහි බලපෑම තියුණු වී තිබෙන බව අපි දකිනවා. ඊයෙ කොළඹ කොටස් වෙළඳපොළේ ඇති වුනු බිඳවැටීම 201 ඔක්තෝබර් මාසයෙන් පසුව සිදුවූ බරපතළම තත්වය බව වාර්තා වෙනවා. මිනිත්තු 30ක් කොටස් වෙළඳපොළ කටයුතු අත්හිටුවන්න පවා සිදුව තිබුණා.
අනෙක් පැත්තෙන් මේ වනවිට ලෝකයේ ඛනිජ තෙල් මිල පහත වැටෙද්දි ලංකාවෙ ජනතාවට එම මිල ගණන් අඩුවීම අදාල වෙන්නෙ නෑ. කාලයක් පහුගිය පාලනයෙන් මිල සූත්‍රය ගෙනත් හැමදාම තෙල් මිල ඉහළ යාම නිසා ජනතාව පීඩාවට පත් වුණා. මේ ආණ්ඩුව විසින් මිල සූත්‍රය අහෝසි කළේ ඒක ජනතාවට පීඩාවක් කියලා තෙල් මිල අඩුකරන තීරණයක් ලෙසයි. නමුත් දැන් ලෝකයේ 40%ක තෙල් මිල අඩුවීමක් වෙලා තියෙද්දි ලංකාවෙ තෙල් මිල අඩුකරන්න පාලකයන් කටයුතු කරන්නෙ නෑ. ජනතාවට වෙලා තියෙන්නෙ මිල සූත්‍රය තිබුණත් නැතත් මිල ඉහළ යාම විඳදරාගන්නයි. හරියට ‘ගෙදර ගියත් තෝ නසී – මග හිටියත් තෝ නසී’ කියුවා වගෙයි. මේ තත්වය නිසා අපි කියනවා තෙල් මිල වහාම අඩු කළ යුතුයි. පෙට්‍රල්, ඩිසල් මිල අඩු කරන්න හැකියාව තිබියදී ආණ්ඩුව කරන මේ සෙල්ලම වහාම නතර කළ යුතු බව අපි අවධාරනය කරනවා. “

Post Views: 2
Previous Post

මෙරට කොරෝනා ආසාධිතයින් ගණන 7 දක්වා ඉහලට

Next Post

හදිසි අනතුරු ආවේක්ෂණ සහ බෝනොවන රෝග අංශවල සේවයේ නියුතු වෛද්‍යවරුන්ගේ සේවාව ඇගයේ

editor

editor

Next Post

හදිසි අනතුරු ආවේක්ෂණ සහ බෝනොවන රෝග අංශවල සේවයේ නියුතු වෛද්‍යවරුන්ගේ සේවාව ඇගයේ

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

30 April 2025
ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

20 February 2025
බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

21 March 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ගැරඬිඇල්ල බස් රථ අනතුරෙන් මිය ගිය ගණන තවත් ඉහළ යයි

බස්රථ අනතුරින් තුවාල ලැබූවන් කොළඹට ගේන්න හෙලිකොප්ටර් යානා

11 May 2025
ගැරඬිඇල්ල බස් රථ අනතුරෙන් මිය ගිය ගණන තවත් ඉහළ යයි

ගැරඬිඇල්ල බස් රථ අනතුරෙන් මිය ගිය ගණන තවත් ඉහළ යයි

11 May 2025
ප්‍රවීණ රංගන ශිල්පිණියක් අත්අඩංගුවට

ප්‍රවීණ රංගන ශිල්පිණියක් අත්අඩංගුවට

11 May 2025
මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

9 May 2025

Recent News

ගැරඬිඇල්ල බස් රථ අනතුරෙන් මිය ගිය ගණන තවත් ඉහළ යයි

බස්රථ අනතුරින් තුවාල ලැබූවන් කොළඹට ගේන්න හෙලිකොප්ටර් යානා

11 May 2025
ගැරඬිඇල්ල බස් රථ අනතුරෙන් මිය ගිය ගණන තවත් ඉහළ යයි

ගැරඬිඇල්ල බස් රථ අනතුරෙන් මිය ගිය ගණන තවත් ඉහළ යයි

11 May 2025
ප්‍රවීණ රංගන ශිල්පිණියක් අත්අඩංගුවට

ප්‍රවීණ රංගන ශිල්පිණියක් අත්අඩංගුවට

11 May 2025
මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

9 May 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ගැරඬිඇල්ල බස් රථ අනතුරෙන් මිය ගිය ගණන තවත් ඉහළ යයි

බස්රථ අනතුරින් තුවාල ලැබූවන් කොළඹට ගේන්න හෙලිකොප්ටර් යානා

11 May 2025
ගැරඬිඇල්ල බස් රථ අනතුරෙන් මිය ගිය ගණන තවත් ඉහළ යයි

ගැරඬිඇල්ල බස් රථ අනතුරෙන් මිය ගිය ගණන තවත් ඉහළ යයි

11 May 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved