තව තවත් යහපත් තත්ත්වයකට රට ගොඩනැගීමට රජය කැපවී සිටින බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පවසයි.
අග්‍රාමාත්‍යවරයා මේ බව පැවසුවේ පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා ලියු ‟බල රංගනය” කෘතිය ජනගත කිරීම වෙනුවෙන් අද (29) දින කොළඹ ජාතික පුස්තකාල ශ්‍රවණාගාරයේ පැවති උත්සවය අමතමිනි.
එහිදී අග්‍රාමාත්‍යවරයා මෙසේ අදහස් පල කලේය ” රට නැවත ගොඩනගන විට ඒයට අකමැති අන්තවාදී බොහෝ දෙනාට රිදෙනු ඇත. කුමන බාදක හමුවේ වුවද රටේ අනාගතය වෙනුවෙන් නොපසුබටව ඉදිරියට යා යුතුව තිබේ. ඔවුන්ට අවශ්‍ය ජනතාව පීඩාවට පත් කිරීමයි. හිංසනය තාවකාලිකය. ජනතාව එම ක්‍රමවේදය සෑම අවස්ථාවක දීම ප්‍රතික්ෂේප කර තිබේ. හිංසා වාදයෙන් ඉවත්ව ප්රජාතන්ත්රවාදයට සාකච්ඡාවට ප්‍රමුඛත්වය දී ක්‍රියාකිරීම සමාජය තුළ ගොඩනැගෙමින් පවතීයි. මෙම පොතේ ඵලදායී කරුණු ජයග්‍රහණය කරවීමට එක්ව ක්‍රියා කරමු යැයි අගමැතිවරයා මෙහිදී සඳහන් කළේය.
මෙහි අනුශාසනාව පූජ්‍ය ඇල්ලේ ගුණවංශ ස්වාමීන් වහන්සේ විසින් සිදු කළ අතර මෙම අවස්ථාවට පූජ්‍ය පාහියන්ගල ආනන්ද සාගර ස්වාමින් වහන්සේ අමාත්‍ය විජයදාස රාජපක්ෂ, ඇතුළු පිරිසක් සහභාගි වූහ.