• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ආණ්ඩුව මැතිවරණ කල් දැමීමට ගන්නා උත්සාහය පරාජය කරනවා – මහාචාර්ය ජී .එල්. පීරිස් 

4 November 2022
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

මැතිවරණ කල් දැමීමට රජය උත්සාහ දැරුවොත් එය ප්‍රයත්නය පරාජය කිරීම සඳහා සම්පූර්ණ විරුද්ධ පක්ෂය ඉදිරිපත් වන පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා පවසයි.

ඒ මහතා මේ බව පැවසුවේ ඊයේ (03) නිදහස ජනතා සභාව කාර්‍යාලයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාව ට සහභාගි වෙමිනි.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මහාචාර්ය ජී.එල්.පීරිස් මහතා “රජය ලොකු බලාපොරොත්තුවක් තියෙනවා මේ වසරේ අවසානයට පෙර ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් මූල්‍ය ආධාර ශ්‍රී ලංකාවට ලැබෙයි කියලා හැබැයි දිගින් දිගටම ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ප්‍රකාශ කරලා තිබෙනවා රජයේ සුජාතභාවය ඒ අයට අතිශයින් වැදගත් සාධකයක් කියලා ජනවරමක් තියෙන රජයක් සමග තමයි කියලා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ගනුදෙනු කිරීමට සූදානම් වන්නේ.පුන පුනා ඒ අය ප්‍රකාශ කරපු දෙයක් තමයි මූල්‍ය ආධාර සපයා දෙනවා නම්, ඒ දෙන්නේ ආණ්ඩුවකට නෙවෙයි රටේ ජනතාවට රජය හරහා ඒ මූල්‍ය ආධාර රටේ ජනතාවට සැපයීම තමයි. ජාත්‍යන්තර මූල්‍ය ආධාර අභිලාෂය වෙලා තිබෙන්නෙ එතකොට ඔය ජනවරම ගැන දිගින් දිගටම එය බොහොම පැහැදිලිව ප්‍රකාශ කරලා තියෙනවා, ඒ ජනවරම සම්බන්ධයෙන් තීරණාත්මක සාධකය වන්නේ මැතිවරණය, නිසි කාලයේ මැතිවරණය පැවැත්වීම ,දැන් පළාත් පාලන ආයතන මැතිවරණය සම්බන්ධව ක්‍රියාදාමය දැනටම ආරම්භ වෙලා තියෙනවා. සැප්තැම්බර් මාසයේ 20 වැනිදා තමයි මැතිවරණ කොමිසම් සභාව අපේ නීතිය යටතේ බලය ලැබුණේ පළාත් පාලන ආයතන ඡන්දයේ දිනය නියම කරන්න. ඒ බලය මැතිවරණ කොමිසම් සභාවට ලැබුණා මේ අවුරුද්දේ සැප්තැම්බර් 20 ඔක්තෝබර් මාසයේ අවසානය ට පෙර අවසානයට පෙර 2022 ඡන්ද නාම ලේඛනයට සකස් කරලා වැඩ කටයුතු සම්පූර්ණ කිරීමේ වගකීම භාර වෙනවා මැතිවරණ කොමිසම් සභාවට. එකම ප්‍රශ්නය තිබෙන්නේ අවුරුදු 18 තරුණ ඡන්ද දායකයන් සම්බන්ධයෙන් දැන් ඒ අතිරේක ලයිස්තුව නොවැම්බර් මාසයේ තුන්වැනි සතිය වෙනකොට සම්පූර්ණ කිරීමේ අවශ්‍යතාවයක් තිබෙනවා.

ඉන්න එහා යන්න බෑ.ඉන් පසු අනිවාර්ය යුතුකමක් පැවරෙනවා මැතිවරණ කොමිෂන් සභාවට ඡන්දය දිනය නියම කිරීමට , ඒ කියන්නේ නිශ්චිත කාලයක් තුළ 2023 මාර්තු 20 ට පෙර ඒ ඡන්දය පවත්වන දිනය නියම කරන්න ඔන මාර්තු 20 ට එයින් එහා යන්න බෑ ඒක තමයි ඉතාමත් පැහැදිලි නීති තත්වය දැන් රජයට සේරටම වඩා ඕන වෙලා තිබෙන්නේ මේ මැතිවරණය කල් දාන එක තමා රජයේ ප්‍රමුඛ අරමුණ මොකක් හරි උප්පරවැට්ටියක් පාවිච්චි කරලා මේ ඡන්දය නොතිබීමට තමයි රජය එකම අභිමතාර්ථය වෙලා තිබෙන්නේ අන් සියලු දේවල් වලට වඩා ඒක තමයි රජයට වැදගත් වන්නේ පැහැදිලි හේතුවක් නිසා ඡන්දය තියපු ගමන් හැමෝටම පේනවා කොච්චර විතර සහයෝගයක් දීලා ජනතාවට ලැබෙන්නේ මේ රජය සමඟ ඇත්ත වශයෙන්ම මම විශ්වාස කරනවා 20% ජනතාවගේ සහයෝගය මේ රජයට ලැබෙන්නෙ නෑ. දැන් ඒක සස්සුදස්සෙ පැහැදිලි වෙනවා. පළාත් පාලන ආයතන මැතිවරණය තිබ්බාම.
ඉතින් නොයෙක් නොයෙක් ක්‍රමවේද පාවිච්චි කරනවා.

මේක කල් දාන්න. දැන් අන්තිම ක්‍රමවේදය පාර්ලිමේන්තුවේ තේරීම් කාරක සභාවක් පත්කිරිම සම්පූර්ණ වංක ව්‍යායාමක්, අලුතෙන් පාර්ලිමේන්තුවේ තේරීම් කාරක සභාවක් පත්කිරීමට කිසිම හේතුවක් පදනමක් නෑ ඒ මොකද? දැන් අවුරුදු අටක් විතර මැතිවරණ නීති ප්‍රතිසංස්කරනය කිරිමේ වැඩපිළිවෙළට නියැලී සිටින වෙන කවුරුත් නෙවෙ වර්තමාන අගමැති තුමා, ගරු දිනේෂ් ගුණවර්ධන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් කමිටුවක් මේ ප්‍රශ්නය ගැඹුරින් අධ්‍යයනය කරා මම හිතන්නේ රැස්වීම් පනහකට වඩා පැවැත්වූවා, අපිත් ඒවට සහභාගි වුණා. මාස හතරකට පෙර දිනේෂ් ගුණවර්ධන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ක්‍රියාත්මක වෙච්ච වාර්තාව රජයට පිළිගැන්නුවා ඒක අංග අංග සම්පූර්ණ වාර්තාව මේ කරුණට අදාල සියලුම සාධක හොයා බලලා සියලු මතිමතාන්තර විවිධ ආකල්ප සැලකිල්ලට භාජනය කරලා තමයි ඒ වාර්තාව සකස් කළේ, මං හිතන්නේ දිනේෂ් ගුණවර්ධන මැතිතුමා අවුරුදු අටක් නවයක් විතර මේ කර්තව්‍යයේ නියැලී සිටියා ඒත් දැන් මොකද්ද කරන්න හදන්නේ ඒ සියල්ලක්ම අහක දාලා අලුතෙන් මේ වැඩපිළිවෙල පටන් ගන්නද මේ රජය උත්සාහ කරන්නේ. එයින් කිසිම ප්‍රායෝගික ප්‍රයෝජනයක් තිබෙනවාද? කල් මැරීමක් හැර එම නිසා කිසිම සැකයකින් තොරව කාටත් පේනවා එක කාරක සභාවක් පත් කරලා අවුරුදු ගාණක් ඒ කර්තව්‍යය කරලා ඒක අවසානයේ සියලු දෙනාගේ අත්සන් වලින් ඉදිරිපත් කරලා දැන් ආයෙත් ඒ වැඩපිළිවෙළ මුල ඉඳන් ආරම්භ කිරීමට උත්සාහ දරන්නේ වෙන කිසිම හේතුවක් නිසා නෙවෙයි තවමත් මොකක් හරි ව්‍යාජ හේතුවක් පෙන්නලා මේ පළාත් පාලන ආයතන මැතිවරණය කල් දාන්න. අපි කියනවා මේක සම්පූර්ණ ප්‍රෝඩාවක් කියලා එකට අපි කොහෙත්ම ඉඩ තියන්නෑ රටේ ආණ්ඩුකම ව්‍යවස්ථාව යටතේ මූලික අවශ්‍යතාවයක් තමා නිසි කලට මැතිවරණ පැවැත්වීම පළාත් සභා මැතිවරණය අවුරුදු තුනහමාරක් විතර කල් දාලා තිබෙනවා හැබැයි අපි බොහොම පැහැදිලිව කියනවා පළාත් පාලන ආයතන ඡන්දය මොන උප්පරවැට්ටියක් පාවිච්චි කරලත් කල් දාන්න අපි රජයට ඉඩ දෙන්නේ නෑ.මේක ජනතාවගේ අයිතිවාසිකමක් සර්වජන ඡන්ද බලය ඒ අයිතිවාසිකම් සුරක්ෂිත කිරීම වෙනුවෙන් සම්පූර්ණ විරුද්ධ පක්ෂය කිසිම පැකිලීමකින් තොරව පෙනී සිටිනවා.
දැන් සති දෙකකට විතර උඩදී අපි හම්බවුණා මැතිවරණ කොමිසන් සභාවේ සභාපතිතුමා හා කොමිෂන් සභාවේ සියලුම සාමාජිකයන් ඒ අය පැහැදිලිව අපිට ප්‍රතිඥාව දුන්නා අනිවාර්යෙන් මේ මැතිවරණ නිසි කාලයේදී පැවැත්වනවා කියලා ඒක තමයි කොමිසන් සභාවේ අධිෂ්ඨානය මොන බාධක තිබුණත් ඒක අනිවාර්යෙන් කරනවා කියන පොරොන්දුව අපිට දුන්නා කොමිෂන් සභාව ඒක ප්‍රසිද්ධියේ ඒක ප්‍රකාශ කරල තිබුණා හැබැයි මේ වන විට ආරම්භ කළ යුතු යම් යම් දේවල් තිබෙනවා. ඒව දැන් ගන්න ඕන පලවෙනි පියවර තමයි කොමිෂන් සභාව රජයෙන් මූල්‍ය ප්‍රතිපාදන ඉල්ලන්න ඕන මේ මැතිවරණ පැවැත්වීම සඳහා අවශ්‍ය මුදල් රජයෙන් ඉල්ලන්න ඕන කොමිසන් සභාව අපි දන්න තරමට ඒක මෙතෙක් දුරට කෙරිලා නෑ. දෙවෙනි පියවර තමයි රට පුරාම මේ මැතිවරණය පැවැත්වීම සඳහා අවශ්‍ය නිලධාරීන් පත් කරන්න ඕන එය ක්‍රියාදාමයටත් යම්කිසි කාලයක් යනවා. ඉතින් ඒක කල්දාන්න පුළුවන් කමක් නෑ දැන් ඒක අනිවාර්යයෙන් කළ යුතුයි. මේ සියල්ලක්ම කරලා 2023 මාර්තු 20 වෙනිදාට පෙර මේ මැතිවරණය පවත්වන්න ඕන. දැන් මේ තත්ත්වය තුළ අපි විශ්වාස කරනවා මේ රටේ ජනතාවගේ ඡන්ද අයිතිය සුරක්ෂිත කිරීම සඳහා අත්‍යවශ්‍ය පියවරක් තමයි අධිකරණයට යෑම ශ්‍රී ලංකා ශ්‍රෙෂ්ඨාධිකරණයට ගිහිල්ලා අවශ්‍ය ප්‍රතිකර්ම ශ්‍රී ලංකා ශ්‍රේෂ්ඨාධිකරණයෙන් අපේක්ෂා කිරීම තමයි සමස්ත විරුද්ධ පක්ෂයේ අභිලාෂය වෙලා තිබෙන්නේ.

මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවට පැහැදිලි යුතුකමක් හා වගකීමක් තිබෙනවා මේ සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු තීන්දු කිහිපයක් තිබෙනවා ඒ වගෙන් ප්‍රකාශ වෙලා තිබෙන යම් යම් මූලික සිද්ධාන්ත තිබෙනවා. එකක් තමයි
ආණ්ඩුකම ව්‍යවස්ථාව යටතේ අනිවාර්යෙන් යුතු කමක් පැවරෙනවා කියලා මැතිවරණ කොමිසන් සභාවට නිසි කාලයේ මේ මැතිවරණය පැවැත්වීමට ඒ සඳහා සම්පූර්ණ ස්වාධීනත්වය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙ වගන්තිය යටතේ මැතිවරණ කොමිෂන් සභාවට එ ස්වාධීනත්වය ලබාදීලා තිබෙනවා.

මා ප්‍රනාන්දු විනිශ්චකාරතුමා ප්‍රකාශ කරලා තිබෙනවා ස්වාධීනත්වය ලබා දීලා තිබෙන්නේ මොන බලපෑම් ආවත් ඒවා අභිබවා සිටවා නිසි කලට මැතිවරණ පැවැත්වීම සදහා කියලා එතකොට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් පැහැදිලිව කියලා තිබෙනවා මේක මෝඩ වුණත් කොමිෂන් සභාව කළ යුතුයි කියලා ඒ වගේම ශ්‍රී ලංකා ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රකාශ කර තිබෙනවා මැතිවරණය පැවැත්වීමට සඳහා අවශ්‍ය මූල්‍ය ප්‍රතිපාදන අඩුපාඩුවකින් තොරව ලබාදීම රජයේ අනිවාර්ය යුතුකමක් වෙනවා කියලා අග්‍ර විනිශ්චකාරතුමාගේ නඩු තීන්දුවක් තිබෙනවා පළාත් පාලන ආයතන මැතිවරණය ප්‍රාදේශීය සභා නගර සභා ඒ ඒ මැතිවරණ කිසිසේත් කල් දාන්න බෑ ශ්‍රී ලංකා ජනතාවගේ සර්වජන ඡන්ද බලය අන්තර්ගත කොටසක් මේ ඒවා කල් දාන්න බෑ ජනමතවිචාරණයක් පවත්වන්නෙ නැතුව ඉතින් මේවා තමයි ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු තීන්දු දැන් මේවා ක්‍රියාත්මක කරලා.

මේ මැතිවරණය නිසි කල් පැවැත්වීමට අවශ්‍ය සියලුම ආධාර මැතිවරණ කොමිෂන් සභාවට ලබා දීම සදහා අපි බලාපොරොත්තු වෙනවා සමස්ත විරුද්ධ පක්ෂය හැටියට ශ්‍රේෂ්ඨාධිකරණය හමුවට යන්න ගිහිල්ලා අධිකරණ නියෝග සුදුසු විදිහට උසාවියෙන් ලබා ගැනීමට දැන් විරුද්ධ පක්ෂයේ සියළුම පක්ෂ හා කණ්ඩායම් ඒකාබද්ධව තීරණය කට එළඹිලා තිබෙනවා ඒක ලිඛිතව අපි ප්‍රකාශ කරල තිබෙනවා අපි සියලු දෙනාම එකා සේ පෙනී සිටිනවා කියලා මේ මැතිවරණය පැවැත්වීම සඳහා කිසිම මත භේදයකින් තොරව සම්පූර්ණ විරුද්ධ පක්ෂය එකට පෙනී සිටිනවා කියලා මේ මැතිවරණය නිසි කල් පැවැත්වීම සඳහා දැන් ඒ එකගත්වය ක්‍රියාත්මක කිරීම සඳහා තමයි අපි අධිකරණය හමුවට යැමට දහස් කරන්නේ
ඒ අතර ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට 21 වන සංශෝධනය දැන් සම්මත වෙලා තිබෙනවා ගරු කථානායකතුමා ඒකට අත්සන් කරලා තිබෙනවා ඒක දැන් ක්‍රියාත්මකයි හැබැයි එතන වැදගත් වන්නේ 21වන සංශෝධනයේ අන්තර්ගත වගන්ති ක්‍රියාත්මක වීම තමයි තීරණාත්මක සාධකය වන්නේ ස්වාධීන කොමිෂන් සභා එය තමයි 21 වන සංශෝධනයෙ අඩිතාලම ස්වාධීන කොමිෂන් සභාව ඒ ස්වාධීන කොමිසන් සභා අතරින් ප්‍රමුඛස්ථානයක් ගන්න කොම්ෂන් සභාව තමයි මැතිවරණ කොමිසම් සභාව ඒ කොමිසන්සභා වල සභාපතිවරුන් හා සාමාජිකයන් පත්කරන්නේ ව්‍යවස්ථා කවුන්සලයේන් එම නිසා ව්‍යවස්ථා කවුන්සලයට රට පිළිගන්නා අපක්ෂපාතී පුද්ගලයන් පත්කිරීම ඉතාමත් වැදගත් කරුණක් තවත් උප්පරවැට්ටියක් හැටියට මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිතුමා සාමාජිකයන් ඒ සංයුතිය මැතිවරණ කල් දැමීම සඳහා වෙනස් කිරීමට රජය උත්සාහ දැරුවොත් එය ප්‍රයත්නය පරාජය කිරීම සඳහා සම්පූර්ණ විරුද්ධ පක්ෂය ඉදිරිපත් වන බව කිසිම පැකිලීමකින් තොරව අපි ප්‍රකාශ කර තිබෙනවා අපි ඉඩ තියන්නේ නෑ” මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා වැඩිදුරටත් කියා සිටියේය.

 

 

 

 

 

 

Post Views: 1
Previous Post

සමගි ජන බලවේගයේ තරුණ වෘත්තීයවේදීන්ගේ සංසදයේ සමාරම්භක උත්සවය විපක්ෂ නායක සජිත් ප්‍රධානත්වයෙන්

Next Post

77 වසරේදී විවෘත ආර්ථිකය නිසායි අද රටට මේ තරම් ආර්ථික අර්බුධ හට ගත්තේ – ඇමති රමේෂ්

editor

editor

Next Post

77 වසරේදී විවෘත ආර්ථිකය නිසායි අද රටට මේ තරම් ආර්ථික අර්බුධ හට ගත්තේ - ඇමති රමේෂ්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

4 June 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ඉන්ධන හිඟයක් ? අමාත්‍යාංශයෙන් විශේෂ නිවේදනයක්

ඉන්ධන හිඟයක් ? අමාත්‍යාංශයෙන් විශේෂ නිවේදනයක්

17 June 2025
ඉන්දියානු නිල නිවසේදී ශ්‍රී ලංකා මන්ත්‍රීවරියන්ට පිළිගැනීමේ උත්සවයක්

ඉන්දියානු නිල නිවසේදී ශ්‍රී ලංකා මන්ත්‍රීවරියන්ට පිළිගැනීමේ උත්සවයක්

17 June 2025
එයාර් ඉන්දියා ගුවන් යානයක අදත් දෝෂයක්

එයාර් ඉන්දියා ගුවන් යානයක අදත් දෝෂයක්

17 June 2025
රහස් ඡන්ද පිටුපස ඩීල් තිබුණාද? ආණ්ඩුවෙන් ප්‍රතිචාර

රහස් ඡන්ද පිටුපස ඩීල් තිබුණාද? ආණ්ඩුවෙන් ප්‍රතිචාර

17 June 2025

Recent News

ඉන්ධන හිඟයක් ? අමාත්‍යාංශයෙන් විශේෂ නිවේදනයක්

ඉන්ධන හිඟයක් ? අමාත්‍යාංශයෙන් විශේෂ නිවේදනයක්

17 June 2025
ඉන්දියානු නිල නිවසේදී ශ්‍රී ලංකා මන්ත්‍රීවරියන්ට පිළිගැනීමේ උත්සවයක්

ඉන්දියානු නිල නිවසේදී ශ්‍රී ලංකා මන්ත්‍රීවරියන්ට පිළිගැනීමේ උත්සවයක්

17 June 2025
එයාර් ඉන්දියා ගුවන් යානයක අදත් දෝෂයක්

එයාර් ඉන්දියා ගුවන් යානයක අදත් දෝෂයක්

17 June 2025
රහස් ඡන්ද පිටුපස ඩීල් තිබුණාද? ආණ්ඩුවෙන් ප්‍රතිචාර

රහස් ඡන්ද පිටුපස ඩීල් තිබුණාද? ආණ්ඩුවෙන් ප්‍රතිචාර

17 June 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ඉන්ධන හිඟයක් ? අමාත්‍යාංශයෙන් විශේෂ නිවේදනයක්

ඉන්ධන හිඟයක් ? අමාත්‍යාංශයෙන් විශේෂ නිවේදනයක්

17 June 2025
ඉන්දියානු නිල නිවසේදී ශ්‍රී ලංකා මන්ත්‍රීවරියන්ට පිළිගැනීමේ උත්සවයක්

ඉන්දියානු නිල නිවසේදී ශ්‍රී ලංකා මන්ත්‍රීවරියන්ට පිළිගැනීමේ උත්සවයක්

17 June 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved