27 April 2024
#දේශීය

සමගි ජන බලවේගයේ තරුණ වෘත්තීයවේදීන්ගේ සංසදයේ සමාරම්භක උත්සවය විපක්ෂ නායක සජිත් ප්‍රධානත්වයෙන්

සමගි ජන බලවේගයේ තරුණ වෘත්තීයවේදීන්ගේ සංසදයේ සමාරම්භක උත්සවය පසුගිය 01 වනදා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

එය සංවිධානය කළේ තරුණ වෘත්තීයවේදීන්ගේ සංසදයේ සභාපති හර්ෂණ රාජකරුණා මහතාය.

දැනුමින් කුසලතාවයෙන් පිරිපුන් ව්‍යවසායක ශ්‍රී ලංකාවක් බිහි කිරීම පිළිබඳව එහිදී විධිමත් දැනුම බෙදා ගැනීමට හැකි වූ අතර,සමගි තරුණ වෘත්තීයවේදීන්ගේ සංසදය වෙබ් අඩවිය එළිදැක්වීම ද එහිදී සිදුවිය.

වෘත්තීයවේදියා යනු ශිල්ප ඥානයකින් පරිපූර්ණ වුවෙකු බවත්, තරුණයන් වෘත්තීය නිපුණතාවයකින් පරිපූර්ණ වීම රටකට සම්පතක් බවත් පවතින දේශපාලන, සමාජීය සහ ආර්ථික අර්බුදයට කෙටි, මධ්‍ය සහ දිගුකාලීනව ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳව එහිදී එහිදී අදහස් දැක්වූ විපක්ෂ නායකවරයා රට ගොඩනැගීම සඳහා විවිධ ක්ෂේත්‍රයන්හි වෘත්තීයවේදීන් නියෝජනය නියෝජනය කිරීමේ වැදගත්කම ද අවධාරණය කරනු ලැබීය

Leave a comment

Your email address will not be published. Required fields are marked *