• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

සහන ණය අහෝසි කිරීමේ ආණ්ඩුවේ සුදානමක් – විපක්ෂනායක සජිත්

20 February 2023
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

අලි කපුටු පොහොට්ටු ආණ්ඩුව විසින් නව නීතියක් හරහා මෙතෙක් කලා මහබැංකුවේ මැදිහත්වීම තුළ විවිධ අවස්ථාවල දි ගොවිතැනට, කෘෂිකර්මාන්තයට, ව්‍යාපාරවලට දුන් සහන ණය අහෝසි කිරීමටට සූදානමක් පවතින බව විපක්ෂ නායකවරයා පවසයි.

විපක්ෂනායකවරයා මේ බව පැවසුවේ ඊයේ(19)මාවනැල්ලේ පැවැති ජනහමුවක් අමතමිනි. ‍‍

එහි දී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා වැඩිදුරටත් මෙසේ අදහස් පල කලේය ” මේ වෙලාවේ මම ලොක-ුම ලොකු හෙළිදරව්වක් කරන්න කැමැතියි. මේ රටේ ලක්ෂ සංඛ්‍යාත ජනතාව අරගලයක් සිදු කර රාජපක්ෂලා ගෙදර යැව්වා. මුදල් ඇමති බැසිල්ව, අගමැති මහින්ද රාජපක්ෂ මෙන්ම ගෝඨාභය රාජපක්ෂව කනෙන් අල්ලලා එළියට දැම්මා. ඒ වුණාට වෙනසක් සිදු වුණාද? නැ නේද?

හැබැයි එකම එක වෙනසක් සිදු වුණා. කපුටු පොහොට්ටු ගොඩට අලි ටික එකතු වුණා. දැන් රටේ තිබෙන්නේ අලි කපුටු පොහොට්ටු ආණ්ඩුවක්. දැන් මේ අලි කපුටු පොහොට්ටු ආණ්ඩුවට ලොකු දොළ දුකක් සංසිදුවගන්න තිබෙනවා. ඒ දොළ දුක සංසිදෙන්නේ රටේ ලක්ෂ 220ක් වූ ජනතාවට බදු ගැසීම නිසා. රටේ ලක්ෂ 220 විදුලි බිල සියයට 250කින් වැඩි කරන විට. ගෑස් මිල, භූමිතෙල් පෙට්‍රල් මිල නංවන කොට. එතකොට තමයි මේ අලි කපුටු පොහොට්ටු ආණ්ඩුවේ ගතට සැනසීමක් එන්නේ. මූනට සිනාවක් එන්නේ.

රාජපක්ෂලා ගෙදර යැව්වට අද මේ ඇත්තේ රාජපක්ෂ සෙවනැලි ආණ්ඩුවක්. මේ රටේ දශලක්ෂ සංඛ්‍යාත ජනතාවගේ ආදරණිය ඒ පැතුම ඉටු වුණේ නැහැ. පාර්ලිමේන්තුවේ 134ක් එකතු වෙලා රාජපක්ෂලා රකින ජනාධිපතිවරයෙක් පත්කර ගෙන අද රාජපක්ෂලා විනාශ කරපු රටේ බංකොලොත් කරපු රටේ වන්දි ගෙවන්න සිදු වෙලා තිබෙන්නේ මූල්‍ය අපරාධ සිදු කළ අයට නොව මේ රටේ ලක්ෂ 220ක් වූ ඔබලාටයි වන්දි ගෙවන්න සිදු වුණේ. ඒ නිසා හොදට මතක තියා ගන්න. මේ පළාත් පාලන මැතිවරණය ජයග්‍රහණය කරනවා කියන්නේ මේ රටේ පොදු ජනතාවගේ පොඩි මනුස්සයාගේ සාමාන්‍ය ජනතාවගේ යුගය නිර්මාණය වෙනවා.

මම දැන් අර කිව්ව හෙළිදරව්ව කරන්නම්. මේ අලි කපුටු පොහොට්ටු ආණ්ඩුව අලුත් නීති රීති ගෙනවිත් මෙතෙක් කල් මහ බැංකුවේ මැදිහත්වීම තුළ මේ රටේ විවිධ අවස්ථාවන්වල දී ජනතාවට ව්‍යාපාර කර ගෙන යන්නට ගොවිතැන කෘෂිකර්මාන්තය කර ගෙන යන්න ඒ ලබා දුන් සහන ණය සම්පූර්ණයෙන් අහෝසි කර ඒ වැඩපිළිවෙළ සම්පුර්ණයෙන් නවත්වන පිඹුරු පත් සකසනව.

මේ රටේ විවිධ අවස්ථාවල මහ බැංකුව පිහිට වුණා ප්‍රති මූල්‍ය ණය අඩු පොළියට ලබා දෙන්න. සුනාමි ආව කාලේ එයින් විනාශ වුණ ව්‍යාපාර, ජන ජීවිත ගොඩ නගන්න සියයට 5, 6 පොළියට ණය දුන්නා. පාස්කු ප්‍රහාරය අවස්ථාවේ සංචාරක ව්‍යාපාරය කඩා වැටෙන කොට ඒ සංචාරක ව්‍යාපාරයේ නිතර පුද්ගලයන්ට පොලී රහිත ණය ලබා දුන්නා.

එතකොට මේ බැංකුවල මුදල් නොවේ. මහබැංකුවෙන් මුදල් දෙනවා ප්‍රති මූල්‍ය ණය විදිහට. එතකොට මේ අලි කපුටු පොහොට්ටු ආණ්ඩුව මේ ප්‍රති මූල්‍ය ණය නතර කරන්න හදනවා. මම අහන්න කැමතියි මේවද ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ යෝජනා. මේවද මේ ජනතාවගේ ජන ජීවිතය විනාශ කරන යෝජනා. මේ නිසා ද ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ගිවිසුම පර්ලිමේන්තුවේ සභාගත කරන්න කියා අපි ඉල්ලා සිටි විට එය සිදු නොකරන්නේ.

මතකද මිත්‍රවරුනි වගා කරන අයට එදා දුන්නා සහනාධාර ණයක්. පොලි සහනාධාරයක්. වෙළෙඳපොළේ පොලී අනුපාතය සියයට 15ක් වන විට සියයට 7ක පොලී ණයක් දුන්නා. එතකොට බැංකුවට සියයට 8ක අලාභයක් සිදු වුණත් ඒ අලාභය සිදු වන විට අඩු පොලියට ගොවියාට ණය දෙන පාඩුව මහබැංකුව ප්‍රතිපූර්ණය කලා.

දැන් ඒ පොලී සහනාධාර ආකාරයට දුන් වගා ණය මේ ආණ්ඩුව අහෝසි කරන්න හදනවා. ඒ විතරක් නොවේ ණය ඇප ආවරණය කියන වැඩසටහනත් නතර කරන්න හදනවා. යම් පුද්ගලයෙක් සහන ක්‍රමයක් තුළ ණයක් අරගෙන යම් හෙයකින් ඒ ව්‍යාපාරය කඩන් වැටුන නම් මහ බැංකුවේ මැතිහත් වීම තුළ ඒ කඩා වැටීම ණය නොගෙනවීම තුළ බැංකුවට සිදුවන අලාභය මහ බැංකුව විසින් ගෙව්වා. ඒකත් ඉවත් කිරීමේ සැලසුම් සිදු කරනවා.

නිදහස් දින උළෙලේ ජංගම වැසිකිළිවලට මුදල් තිබෙනවා. මහා අධික මුදලක් වියදම් කර නිදහස් උළෙල සමරන්න පුළූවන්. හැබැයි ඔබගේ සර්ව ජන ඡන්ද බල අයිතිය ලබා දෙන්න ඡන්දෙ තියන්න මේ රජයට හැකියාවක් නැහැ. ඇත්තටම කතා කළොත් රටේ ජනාධිපතිවරයා ප්‍රමුඛ ආණ්ඩුව මුදල් අමාත්‍යාංශයේ ලේකම්ගේ වගකීම, රජයේ මුද්‍රණාලයේ ප්‍රධානියාගේ වගකිම, මැතිවරණ කොමිසමේ වගකීමත් අරගනෙ කුමන්ත්‍රණකාරී ලෙස මිනිසුන්ට ඡන්දය පාවිච්ච කරන්න තියෙන අයිතිය සල්ලි නැහැ කියන වචන තුළින් කුඩුපට්ටම් කර තිබෙනවා. අපි බොහොම පැහැදිලිව කියනවා මේ කුමන්ත්‍රණකාරි ආකාරයට මේ ඡන්දය වළක්වන්න මේ ඡන්දය පවත්වන්න බාධා කර මිනිසුන්ගේ ඡන්ද අයිතියට බාධා කරන සියලු දෙනා අනාගතයේ නීතිය හමුවට ගෙන එනවා. යැයි විපක්ෂනායකවරයා වැඩිදුරටත් කියා සිටියේය.

Post Views: 3
Previous Post

වසර 34කට පසු ජනරජ පෙරහර වීථි සංචාරය කෙරේ

Next Post

මෙම වසරේ ණය ලබාගෙන ඇත්තේ කල්පිරුණු භාණ්ඩාගාර බිල්පත් නැවත නිකුත් කිරීමෙන් පමණයි – මුදල් රාජ්‍ය ඇමැති සියඹලාපිටිය

editor

editor

Next Post

මෙම වසරේ ණය ලබාගෙන ඇත්තේ කල්පිරුණු භාණ්ඩාගාර බිල්පත් නැවත නිකුත් කිරීමෙන් පමණයි - මුදල් රාජ්‍ය ඇමැති සියඹලාපිටිය

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

4 June 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
බස් ගාස්තුව ගැන රජයේ තීරණය

බස් ගාස්තුව ගැන රජයේ තීරණය

25 June 2025
ආනයනික ද යන්න තහවුරු කිරිමට නොහැකි රූපලාවන්‍ය ද්‍රව්‍ය තොගයක් විනාශ කිරීමට නියෝග

ආනයනික ද යන්න තහවුරු කිරිමට නොහැකි රූපලාවන්‍ය ද්‍රව්‍ය තොගයක් විනාශ කිරීමට නියෝග

25 June 2025
වසර 07කට පසු රාජ්‍ය සේවයට සිදු කරන්න යන වෙනස

වසර 07කට පසු රාජ්‍ය සේවයට සිදු කරන්න යන වෙනස

25 June 2025
ප්‍රේමය ගැන ලොවට කියා දුන් ඔහු, ඇය සොයා නික්ම ගිය වගයි !!!

ප්‍රේමය ගැන ලොවට කියා දුන් ඔහු, ඇය සොයා නික්ම ගිය වගයි !!!

25 June 2025

Recent News

බස් ගාස්තුව ගැන රජයේ තීරණය

බස් ගාස්තුව ගැන රජයේ තීරණය

25 June 2025
ආනයනික ද යන්න තහවුරු කිරිමට නොහැකි රූපලාවන්‍ය ද්‍රව්‍ය තොගයක් විනාශ කිරීමට නියෝග

ආනයනික ද යන්න තහවුරු කිරිමට නොහැකි රූපලාවන්‍ය ද්‍රව්‍ය තොගයක් විනාශ කිරීමට නියෝග

25 June 2025
වසර 07කට පසු රාජ්‍ය සේවයට සිදු කරන්න යන වෙනස

වසර 07කට පසු රාජ්‍ය සේවයට සිදු කරන්න යන වෙනස

25 June 2025
ප්‍රේමය ගැන ලොවට කියා දුන් ඔහු, ඇය සොයා නික්ම ගිය වගයි !!!

ප්‍රේමය ගැන ලොවට කියා දුන් ඔහු, ඇය සොයා නික්ම ගිය වගයි !!!

25 June 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

බස් ගාස්තුව ගැන රජයේ තීරණය

බස් ගාස්තුව ගැන රජයේ තීරණය

25 June 2025
ආනයනික ද යන්න තහවුරු කිරිමට නොහැකි රූපලාවන්‍ය ද්‍රව්‍ය තොගයක් විනාශ කිරීමට නියෝග

ආනයනික ද යන්න තහවුරු කිරිමට නොහැකි රූපලාවන්‍ය ද්‍රව්‍ය තොගයක් විනාශ කිරීමට නියෝග

25 June 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved