27 April 2024
#දේශීය

ආණ්ඩුව පෞද්ගලික සමාගමක බිලියන 5ක කොටස් ගන්න හදනවා – විපක්ෂනායකගෙන් අනාවරණයක්

මැතිවරණ පැවැත්වීමට රුපියල් බිලියන 10ක මූල්‍ය ප්‍රතිපාදන නොමැති බව පවසන ආණ්ඩුව රජයට සම්බන්ධ මූල්‍ය ආයතනයක් විසින් පෞද්ගලික ආයතනයක රුපියල් බිලියන 5ක කොටස් මිල දි ගැනීමට සූදානම් වීම ගැටලුකාරී බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

විපක්ෂ නායකවරයා මේ බව කියා සිටියේ අද පාර්ලිමේන්තුවේ දී 27 (2) යටතේ ප්‍රශ්නයක් මතු කරමිනි.

මහජන බැංකුවේ අනුබද්ධිත ආයතනයක් වන පීපස්ල් ලිසින් සමාගම විසින් ප්‍රස්ට් කැපිටල් හෝල්ඩින් සමාගමේ සියයට 33ක කොටස් රුපියල් බිලියන 5ක මුදලකට ජනශක්ති සමාගමෙන් මිල දී ගැනීමට කැමත්ත පළ කර ඇති බව පසුගිය දිනක කොළඹ කොටස් වෙළෙඳපොළ විසින් නිවේදනය කළ බවත් කොටස් මිලියන 133ක් කොටසක් රුපියල් 37යි ශත 10කට මිල දි ගන්නා බවට වාර්තා වූ බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

රාජ්‍ය ආයතන ප්‍රතිව්‍යුහගත කරනවා කියන ආණ්ඩුව ජනතාවගේ මුදල් උපයෝගී කර ගෙන පෞද්ගලික ආයතනයක කොටස් මිල දී ගැනීම සම්බන්ධයෙන් සැකයක් මතුවන බවත් මෙවැනි ආයෝජනයක් සිදු කරන්නේ කුමන අරමුණකින්ද කියා ප්‍රශ්න කර සිටින බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය. එහිදි වැඩිදුරටත් අදහස් දක්වමින් විපක්ෂ නායකවරයා ප්‍රශ්න රැසක් ආණ්ඩුවට යොමු කරන ලදී.

Leave a comment

Your email address will not be published. Required fields are marked *