• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

වෛද්‍ය නිලනිවාස දහසක ව්‍යාපෘතියකට සෞඛ්‍ය ඇමති කොරියානු රාජ්‍යයේ සහයෝගය ඉල්ලයි

25 August 2023
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

මෙරට ග්‍රාමීය හා දුෂ්කර ප්‍රදේශවල සෞඛ්‍ය සේවාව වඩාත් කාර්යක්ෂම කිරිම සඳහා සියලු පහසුකම් වලින් සමන්විත වෛද්‍ය නිල නිවාස දහසක (1000 ) ව්‍යාපෘතියක් සඳහා සෞඛ්‍ය අමාත්‍ය ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා කොරියානු රාජ්‍යයන් ඉල්ලීමක් කර ඇත.

අමාත්‍යවරයා මෙම ඉල්ලීම සිදු කර සිටියේ ශ්‍රී ලංකාවේ කොරියානු තානාපතිනි මියෝන් ලී (Miyon Lee) මහත්මිය අද (24) පෙරවරුවේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී පැවැති හමුවේදිය.

ඒ අනුව මෙම ව්‍යාපෘතිය දිවයින පුරා ක්‍රියාත්මක කිරීම සඳහා කොරියානු රාජ්‍යයේ සහයෝගය අපේක්ෂා කරන බව ඒ මහතා කියා සිටියේය.

දුෂ්කර හා ග්‍රාමීය ප්‍රදේශවල සේවය සඳහා යොමුවන නවක වෛද්‍යවරුන්ගේ සේවාව කාර්යක්ෂමව සිදුවීම හරහා එහි ප්‍රතිඵල ජනතාවට වඩාත් ඵලදායි ලෙස ලැබෙන බවත් මෙනිසා වෛද්‍යවරුන් ඇතුළු සෞඛ්‍ය කාර්යය මණ්ඩලය සඳහා අවශ්‍ය පහසුකම් උපරිමයෙන් සැලැසීමට මේ වන විටත් සැලසුම් කර ඇති බවත් අමාත්‍යවරයා මෙහිදී පෙන්වා දුන්නේය.

එම ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමේදී කොරියානු රාජ්‍ය සමඟ ගනුදෙනු කිරීම ඉතා පහසු හා කාර්යක්ෂම බව ද එනිසා මෙරට සෞඛ්‍ය ක්ෂේත්‍රයට වඩාත් ඉහළ ඵලදායි ප්‍රතිඵල ලබාගත හැකි බවද ඉදිරියේදී යෝජිත ව්‍යාපෘති සාර්ථක කරගැනීමටද ඒ අනුව හැකිවනු ඇතැයි අමාත්‍යවරයා මෙහිදී පැවසීය.

විශේෂයෙන් කොළඹින් බැහැර අතිදුෂ්කර, දුෂ්කර හා ග්‍රාමීය ප්‍රදේශවල වෛද්‍ය හිඟයට නිල නිවාස ගැටලුව ප්‍රමුඛ වී ඇතැයි හඳුනාගෙන තිබෙන බවද එවැනි ව්‍යාපෘති සමස්ත සෞඛ්‍ය ක්ෂේත්‍රයටම වඩාත් ඵලදායී වනු ඇති බවද අමාත්‍යවරයා මෙහිදී කීය. පහසුකම් නොමැති වීම මත දුෂ්කර සේවාව සඳහා වෛද්‍යවරුන් ඇතුළු සෞඛ්‍ය සේවාවේ පිරිස් එම ප්‍රදේශවලට යාමට මැලිකමක් දක්වන බව ද මෙවැනි ව්‍යාපෘති හරහා එයට සාර්ථක විසඳුම් ලබා ගැනීමට හැකිවන බවද හෙතෙම කීය. විශේෂයෙන් මෙරට සෞඛ්‍ය ක්ෂේත්‍රයේ කාන්තා නියෝජනය ඉහළ මට්ටමක පැවතීම නිසා නිල නිවාස වල දැඩි අවශ්‍යතාවයක් පවතින්නේයැයිද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

එමෙන්ම ශ්‍රී ලංකාවට අවශ්‍ය වෛද්‍ය උපකරණ ලබා ගැනීමේදී කොරියානු රාජ්‍යයෙන් සහයෝගය අපේක්ෂා කරන බව මෙහි දී පැවසූ සෞඛ්‍ය අමාත්‍යවරයා ඉදිරි වර්ෂයේදී ආසන්න වශයෙන් රුපියල් බිලියනයක පමණ වෛද්‍ය උපකරණ ලබාගැනීමේ අවශ්‍යතාවක් පැවතීම තුළ මෙම සහයෝගය මේ මොහොතේ වඩාත් වැදගත් වන්නේ යැයිද පැවසීය.

*MRI,CT,Cath Lab මෙන්ම වකුගඩු සම්බන්ධ ආදී මෙරට බොහෝ වෛද්‍ය උපකරණ ,යන්ත්‍ර වසර 10 කට වඩා පැරැණි තත්ත්වයක පවතින්නේ යැයිද එනිසා ඒවා අලුත්වැඩියාවේදී හා මිලදී ගැනීමේදී විශාල මුදලක් වැය වන බවත් එම නිසා කොරියානු රාජ්‍යය වැනි ඉතාම මිත්‍ර රටවල සහයෝගය වඩාත් වැදගත් වන බවත් අමාත්‍යවරයා මෙහිදී කීය.

එමෙන්ම මෙරටට අඩුපාඩුවක්ව පවතින ජාත්‍යන්තර මට්ටමේ benchmark 04 මට්ටමේ රසායනාගාරයක් ඉදි කිරීමේ අවශ්‍යතාවය දැඩිව පවතින බවත් ඒ සඳහා විදෙස් සහයෝගය අත්‍යවශ්‍ය යැයි ද අමාත්‍යවරයා පැවසීය. ඒ අනුව ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය ක්ෂේත්‍රයට අත්‍යවශ්‍ය නවීන තාක්ෂණික වෛද්‍ය උපකරණ ලබාදීමේ වැඩසටහන යටතේ මෙම රසායනාගාරය සඳහාද අවශ්‍ය නවීන උපකරණ ලබා දීමට කටයුතු කරන ලෙස අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා කොරියානු තානාපතිනියගෙන් ඉල්ලීමක් කළේය.

සෞඛ්‍ය අමාත්‍යවරයාගේ ඉල්ලීමට සාධනීය ලෙස ප්‍රතිචාර දැක්වූ ශ්‍රී ලංකාවේ කොරියානු තානාපතිනි මියෝන් ලී (Miyon Lee) මහත්මිය මෙරට සෞඛ්‍ය ක්ෂේත්‍රය සඳහා කොරියානු රාජ්‍යය ලබා දුන් දායකත්වය මෙන්ම ඉදිරියේදී ලබාදීමට අපේක්ෂිත සහයෝගය පිළිබඳව ඉතා පැහැදීමකින් යුතුව අදහස් දැක්වීය.

මෙරට වෛද්‍ය නිල නිවාස ව්‍යාපෘතිය මෙන්ම වෛද්‍ය උපකරණ ව්‍යාපෘතිය ඇතුළු සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ව්‍යාපෘති වැඩසටහන් සඳහා අවශ්‍ය සහයෝගය උපරිමයෙන් ලබා දෙන බව පැවසුවා ය.

විශේෂයෙන් ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය ක්ෂේත්‍රය කොරියානු රාජ්‍ය විසින් තෝරා ගනු ලැබූ ප්‍රමුඛ ක්ෂේත්‍රයක් යැයිද KOIKA ව්‍යාපෘතිය වැනි ව්‍යාපෘති ඒ සඳහා සහයෝගය ලබාදෙන බව ද තානාපතිනිය පැවසීය.

මේ අතර ශ්‍රී ලංකාවේ නේපාල තානාපති මාෂු ඩේව් මිශ්‍රා මහතාද (Mashu Dev Mishra) අද සෞඛ්‍ය අමාත්‍යාංශයේදී සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා හමු වූ අතර කලාපීය රාජ්‍යයක් වන ශ්‍රී ලංකාව හා නේපාලය අතර පවතින දිගුකාලීන සබඳතා මෙන්ම දෙරටෙහි සෞඛ්‍ය ක්ෂේත්‍රයන් පිළිබඳව අදහස් හුවමාරු කරගත්හ.

මෙම අවස්ථාව සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් ජනක ශ්‍රී චන්ද්‍රගුප්ත, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන සහ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් -වැඩබලන, (වෛද්‍ය සේවා ) වෛද්‍ය ජී.විජේසූරිය යන මහත්වරුද සහභාගි වූහ.

Post Views: 7
Previous Post

ඖෂධ හිඟය අවම කිරීමට ඒ හා සම්බන්ධ සියලු ආයතන මනා සම්බන්ධීකරණයකින් කටයුතු කළයුතුයි – ඇමැති කෙහෙලිය

Next Post

DFCC බැංකුව විශේෂ ප්‍රතිලාභ සහිත Affinity ක්‍රෙඩිට් කාඩ්පතක් හඳුන්වා දෙයි

editor

editor

Next Post

DFCC බැංකුව විශේෂ ප්‍රතිලාභ සහිත Affinity ක්‍රෙඩිට් කාඩ්පතක් හඳුන්වා දෙයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

4 June 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
අදත් දයාසිරි CID යට

අදත් දයාසිරි CID යට

6 June 2025
ගෙවත්තක කිඹුලෙක්

ගෙවත්තක කිඹුලෙක්

6 June 2025
කොළඹ නගර සභාවට එජාපයෙන් මාලිමාවට සහය ?

කොළඹ නගර සභාවට එජාපයෙන් මාලිමාවට සහය ?

6 June 2025
මව් කුසක් නිර්මාණය කරමින් ජෛව තාක්ෂණයේ පෙරළිකාර පිම්මක්

මව් කුසක් නිර්මාණය කරමින් ජෛව තාක්ෂණයේ පෙරළිකාර පිම්මක්

6 June 2025

Recent News

අදත් දයාසිරි CID යට

අදත් දයාසිරි CID යට

6 June 2025
ගෙවත්තක කිඹුලෙක්

ගෙවත්තක කිඹුලෙක්

6 June 2025
කොළඹ නගර සභාවට එජාපයෙන් මාලිමාවට සහය ?

කොළඹ නගර සභාවට එජාපයෙන් මාලිමාවට සහය ?

6 June 2025
මව් කුසක් නිර්මාණය කරමින් ජෛව තාක්ෂණයේ පෙරළිකාර පිම්මක්

මව් කුසක් නිර්මාණය කරමින් ජෛව තාක්ෂණයේ පෙරළිකාර පිම්මක්

6 June 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

අදත් දයාසිරි CID යට

අදත් දයාසිරි CID යට

6 June 2025
ගෙවත්තක කිඹුලෙක්

ගෙවත්තක කිඹුලෙක්

6 June 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved