27 April 2024
#ව්‍යාපාර

DFCC බැංකුව විශේෂ ප්‍රතිලාභ සහිත Affinity ක්‍රෙඩිට් කාඩ්පතක් හඳුන්වා දෙයි

DFCC බැංකුව මෙරට ප්‍රමුඛතම පිරිමි පාසලක් වන ඉසිපතන විද්‍යාලයේ ආදි ශිෂ්‍ය සංගමය හා එක් වී විශේෂ ප්‍රතිලාභ සහිත Affinity ක්‍රෙඩිට් කාඩ්පතක් (DFCC Isipathana College OBA Affinity Credit Card) හඳුන්වා දී ඇත.

මෙම හවුල්කාරීත්වය යටතේ, ක්‍රෙඩිට් කාඩ්පත් හිමියන් විසින් සිදුකරනු ලබන වියදම්වලින් සහ කාඩ්පත් සඳහා අයකරනු ලබන වාර්ෂික ගාස්තුවෙන් කිසියම් ප්‍රතිශතයක් ඉසිපතන විද්‍යාලයීය ආදි ශිෂ්‍ය සංගමය වෙත බැර කෙරේ.

මේ ඔස්සේ ඉසිපත විද්‍යාලයේ අධ්‍යාපන හා ක්‍රීඩා කටයුතු නංවාලීම සඳහා අඛණ්ඩව දායක වීමට අවශ්‍ය ශක්තිය එම විද්‍යාලයේ ආදි ශිෂ්‍ය සංගමය වෙත ලබාදීම DFCC බැංකුවේ අරමුණ වී ඇත. මෙම සුවිශේෂී කාඩ්පත භාවිතා කිරීමට අවස්ථාව ලැබීම, ඉසිපත විද්‍යාලයේ ආදි ශිෂ්‍යයන්ට ලැබෙන විශේෂ ගෞරවයක් වනු නො-අනුමාන ය.

ඉසිපතන විද්‍යාලයේ ආදි ශිෂ්‍ය සංගමයේ සාමාජිකයන්ට පමණක් ලබාගත හැකි මෙම කාඩ්පත මගින්, සියලුම ගනුදෙනු සඳහා 1% ක Cashback දීමනාවක්, වසර පුරා විශේෂ වට්ටම්, මාස 60 ක් දක්වා පහසු ගෙවීමේ ක්‍රම, ක්‍රෙඩිට් කාඩ්පත් ගිණුම්වල ශේෂය මාරු කිරීමේ පහසුකම් සහ විශේෂ ණය පහසුකම් ඇතුළු තවත් දීමනා හා පහසුකම් රාශියක් හිමි වේ.

විවිධ කාණ්ඩවලට අයත් ගනුදෙනුකරුවන්ට ගැළපෙන ප්‍රතිලාභ රාශියක් ලබාදෙන DFCC ක්‍රෙඩිට් කාඩ්පත්, දේශීය හා ජාත්‍යන්තර වශයෙන් විශාල පිළිගැනීමක් හිමිකරගෙන ඇත.

DFCC Isipathana College OBA Affinity Credit Card නිල වශයෙන් හඳුන්වා දීමේ උත්සවය පසුගියදා DFCC බැංකුවේ ප්‍රධාන කාර්යාලයේදී පැවැත්වුණු අතර, එම අවස්ථාවට DFCC බැංකුව සහ ඉසිපතන විද්‍යාලයීය ආදී ශිෂ්‍ය සංගමය නියෝජනය කරන ප්‍රධාන පෙළේ නිලධාරීහු පිරිසක් සහභාගී වූහ.

වමේ සිට: DFCC බැංකුවේ උප සභාපතිනි සහ අලෙවිකරණ හා තිරසාර සංවර්ධන අංශ ප්‍රධානී නිල්මිණි ගුණරත්න,කණ්ඩායම් ප්‍රධානී තිලාන් ගුණසේකර, උප සභාපති සහ කාඩ්පත් අංශ ප්‍රධානී ඩෙන්වර් ලුවිස්, ජ්‍යෙෂ්ඨ උප සභාපති සහ පාරිභෝගික බැංකුකරණ හා කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර සේවා ප්‍රධානී ආසිරි ඉද්දමල්ගොඩ සහ ප්‍රධාන විධායක නිලධාරී තිමල් පෙරේරා, සෙලින්කෝ ජෙනරල් ඉන්ෂුවරන්ස් සමාගමේ සභාපති ජගත් අල්විස්, ඉසිපතන විද්‍යාලයීය ආදි ශිෂ්‍ය සංගමයේ උප සභාපති (මූල්‍ය) රොෂාන් මද්දුමගේ, එම සංගමයේ සම ලේකම් දුශාන් වික්‍රමසිංහ සහ සම ලේකම් Gaznaffer ජලාල්ඩීන් යන මහත්ම මහත්මීන්

 පිටපත – PR 

Leave a comment

Your email address will not be published. Required fields are marked *