පන්සල්වල විදුලි බිල ඉහළ දමා ඇත්තේ කැමැත්තෙන් නොවන බවත් එය මේ වන විට රජය පත්ව ඇති ආර්ථික අර්බුදය නිසා බව පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් මහතා පවසයි.
ඒ මහතා මේ බව පැවසුවේ අද (20) පොදු ජන පෙරමුණ පක්ෂ කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවක් අමතමිනි.
එහිදි අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් මහතා, “ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ප්රමුඛ රජයක් මේ රටේ පිහිටෙව්වේ මේ රටේ ජනතාවට මේ රටේ අනාගතය සම්බන්ධයෙන් පොරොන්දුවක් දෙමින්. ඒ පොරොන්දුව තමයි අපි මේ රටේ ජාතික ආර්ථිකයක් නිර්මාණය කරනවා කියන එකයි. ඒ අනුව තමයි අපි දිගින් දිගටම කටයුතු කළේ. පහුගිය මෑත ඉතිහාසයේ දිගින් දිගටම ණය ගත්ත, ණයබරින් රට මිරකපු ආණ්ඩුවලින් පස්සේ රට ණය කරපු නැති, තිබිච්ච ණය ගෙවපු ආණ්ඩුවක් තිබුණේ අපේ ආණ්ඩුවයි. හැබැයි අපිට ඒ ගමන නිසියාකාරව යන්න බැරි වුණා. අපි ගත්ත සමහර වැරදි තීරණ නිසා, ආර්ථික වශයෙන් ඉතා වැදගත් අමාත්‍යාංශවලට දාපු අදක්ෂ ඇමතිවරු නිසි වෙලාවට ඉවත් කිරීමට කටයුතු නොකිරීම නිසයි. ඒ නිසා අපි රටක් විදිහට විශාල ආර්ථිකමය ගැටලුවලට මුහුණ දෙන්න සිදු වුණා. අපි පක්ෂයක් විදිහට, රජයක් හැටියට දිගින් දිගටම කිව්වේ ජාත්‍යන්තර අරමුදලට යෑම එක් විකල්පයක් පමණයි. නමුත් විපක්ෂය ඇතුලු මේ රටේ ආර්ථික විශේෂඥයෝ කියන සමහර පිරිස් හඩා වැලපුණා මේ රටට තිබන එකම විකල්පය ජාත්‍යන්තර මුල්‍ය අරමුදල යෑම පමණයි කියලා. අද වන විට ජනතාවගේ විදුලි බිල, ජල බිල වැඩිවෙලා තිබෙනවා. ආර්ථික වශයෙන් යම්කිසි අපහසුතාවන්වලට මුහුණ දෙන්න සිදුවෙලා තිබෙනවා. ජාතික ආර්ථිකයක් ගොඩනගන්නේ නැතිව ණය මත පදනම් වෙච්ච ආර්ථිකයට යන්න ගි යාම මෙවැනි දෙයකට රටක් විදිහට මුහුණ දෙන්න සිදුවෙනවා.විදුලි බිල වැඩිවිම ගැන පහුගිය දවස්වල ලොකු කලබගැනියක් , විවේචනයක් එල්ලවෙලා තිබෙනවා. විදුලි බිල වැඩිවීම තෝරගත් පිරිසකගේ නොවේ අපි හැමෝගෙම විදුලිබිල වැඩිවෙලා තිබෙනවා. මේ රටේ තිබෙන වත්මන් ආර්ථික තත්වය අනුව අපි ටික කාලයකට හරි අරපිරිමැස්මෙන් කටයුතු කරන්න ජනතාව හැටිය කටයුතු කරමු කියලා ඉල්ලීමක් කරනවා. අපේ ස්වාමීන් වහන්සේලාගෙත් ලොකු විරෝධයක් තිබෙනවා පන්සල්වල විදුලිබිල වැඩිවෙලා කියලා. ඉතා ගෞරවයෙන් අපේ ගරුතර ස්වාමීන් වහන්සේලාගෙන් ඉල්ලා සිටිනවා මේ දේ කැමැත්තෙන් රජය විසින් සිදු කරනවා නොවේ. මේ දේ කරන්නේ මේ තිබෙන ආර්ථික තත්වය මතයි. ”යනුවෙන් සාගර කාරියවසම් මහතා මෙහිදි සඳහන් කලේය.