• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

දිවංගත ජේ.ආර්. ජයවර්ධන දැක්ම ඉදිරියට ඉටුකළ හැකි එකම නායකයා ජනාධිපති රනිල් – පූජ්‍ය පැල්පොල විපස්සි හිමියෝ

1 November 2022
in දේශීය
0
SHARES
2
VIEWS
Share on FacebookShare on Twitter

පුළුල් දැක්මක් ඇති නායකයෙක් වූ දිවංගත ජේ.ආර්. ජයවර්ධන ශ්‍රීමතාණන් තරුණ අවධියේදී රටේ රාජ්‍ය නායකත්වයට පත්වූවා නම් ශ්‍රී ලංකාව අද ධනවත් රාජ්‍යයක් බවත්, එවන් කාර්යයක් වර්තමානයේ ඉටුකළ හැකි එකම නායකයා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා බවත් කෝට්ටේ විහාර පාර්ශ්වයේ ලේඛකාධිකාරී, ජපානයේ ප්‍රධාන සංඝනායක පූජ්‍ය පැල්පොල විපස්සි හිමියෝ පවසති.

පූජ්‍ය පැල්පොල විපස්සි හිමියෝ මේ බව සඳහන් කළේ හිටපු ජනාධිපති දිවංගත ජේ. ආර් ජයවර්ධන මහතාගේ 26 වන ගුණානුස්මරණය වෙනුවෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ 07, ජේ.ආර්.ජයවර්ධන කේන්ද්‍රයේ අද (01) පැවති සංඝගත දක්ෂිණාවේදී විශේෂ අනුශාසනාවක් සිදු කරමිනි.

ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිවරයාගේ ලේ නෑකම ඇති ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට එම ශක්තිය ඇති බව පැවසූ උන්වහන්සේ මොවුන් දේශපාලනයෙන් කිසිවක් උපයා නොගත් අතර තම දේපළ පවා ජනතාව වෙනුවෙන් කැප කළ නායකයින් බවත් එදා නිසි නායකත්වය හඳුනා නොගැනීම හේතුවෙන් රටට අද මෙවන් අර්බුදයකට මුහුණ දීමට සිදුව ඇති බවත් පැවසූහ.

මෙහිදී වැඩිදුරටත් අනුශාසනාව සිදු කළ පූජ්‍ය පැල්පොල විපස්සි හිමියෝ, “ජීවත්ව සිටින සමයේ මිනිසුන්ගේ වටිනාකම බොහෝ දෙනාට තේරෙන්නෙ නැහැ. බුදුන්වහන්සේ මෙන්ම අනෙකුත් ශාස්තෘන් වහන්සේලා ජිවමානව සිටින සමයේ වටිනාකම දැනුනේ නැහැ. ඒ වගේම තමයි ජේ. ආර් ජයවර්ධන ශ්‍රීමතාණන් ජීවත් වෙලා ඉන්න සමයේ එතුමාගේ වටිනාකමක් තේරුණේ නෑ. ලංකාවේ සෑම රාජ්‍ය නායකයෙකුගේම ප්‍රතිමා හැදුවා. නමුත් ජේ. ආර් ජයවර්ධන මහතාගේ ප්‍රතිමාවක් හැදුවෙ නෑ. අද අවුරුදු විසි හයක් ගත වෙලත් ජනාධිපතිවරයා ඇතුළු එම පවුලේ සියලු දෙනාම එකතුවෙලා මේ දානමය පිංකම සිදු කරනවා .මේ පවුලේ කෘතවේදී ගුණය ඉන් පෙන්නුම් කරනවා. මෙහිදී විශේෂ අනුශාසනාවක් සිදු කළ බස්නාහිර පළාතේ නව තොටමුන උප ප්‍රධාන සංඝනායක තිඹිරිගස්යායේ අශෝකාරාමාධිපති ශාස්ත්‍රපති පණ්ඩිත පූජ්‍ය ගැටහැත්තේ සෝභිත ස්වාමීන් වහන්සේ, ශ්‍රී ලංකාවේ ප්‍රථම විධායක ජනාධිපතිවරයා වන ජේ. ආර් ජයවර්ධන මහතාගේ ගුණ අනුස්මරණය සෑම වර්ෂයකම සිදුකරනු ලබනවා. ජයවර්ධන ශ්‍රීමතාණන් කියන්නේ ආණ්ඩු පක්ෂයේ සිටියත්, විපක්ෂයේ සිටියත්, රාජ්‍ය නායකයා වෙලා සිටියත් එක ලෙස මනුස්සකම් වලින් පිරුණු නායකයෙක්. එතුමා ලෝක සාම සමුළුවේදී “නහී වේරේන වේරානී” යන බුද්ධ වචනයෙන් ලොවම සුවපත් කළා. ඒ නිසාම ලංකාවට ජයවර්ධනපුර රෝහල, රූපවාහිනී සංස්ථාව වැනි ආයතන ගොඩනැගීමට ආධාර ලැබුණා. මෙවා ණය නොවෙයි. දේශපාලනය කරලා ගත්ත ඒවා නොවෙයි ලෝකයට සාමය පතුරලා සමගි කරලා ලැබුණු ආධාර යි. එතුමා ලෝකයට ප්‍රකාශ කළ බුද්ධ වචනයේ වටිනාකම අද අපේ රටට වැඩියෙන්ම දැනෙනවා. අපේ රට අද විශාල අර්බුදයක තිබෙන වෙලාවක සියලු දෙනා වෛරයෙන් තොරව සමගිව රැස් වෙලා අර්බුදයෙන් ගොඩ ඒමට කටයුතු කළ යුතුයි. ජේ.ආර් ජයවර්ධන ශ්‍රීමතාණන්ගේ වටිනාකම එදාට වැඩියෙන් අද දැනෙන්නෙ අන්න ඒ නිසයි. යැයි පූජ්‍ය පැල්පොල විපස්සි හිමියෝ පවසති.

අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන, කතානායක මහින්ද යාපා අබේවර්ධන, එක්සත් ජාතික පක්ෂ සභාපති සහ පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන තිස්ස අත්තනායක, යදාමිණී ගුණවර්ධන යන මහත්වරු ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

 

Post Views: 36
Previous Post

10 ශ්‍රේණියේ දරුවන්ට ලබන වසරේ සිට කෘත්‍රීම බුද්ධිය විෂය ඉගැන්වේ – අධ්‍යාපන ඇමැති සුසිල්

Next Post

තවදුරටත් උද්ඝෝෂණය කිරීම සාධාරණ නැහැ – ඇමැති මනූෂ

editor

editor

Next Post

තවදුරටත් උද්ඝෝෂණය කිරීම සාධාරණ නැහැ - ඇමැති මනූෂ

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
වීදි ළමයින් සඳහා රුපියල් පන්දහසක දීමනාවක්

වීදි ළමයින් සඳහා රුපියල් පන්දහසක දීමනාවක්

14 July 2025
“හරක් බණ්ඩා” අත් අඩංගුවට

“හරක් බණ්ඩා” අත් අඩංගුවට

14 July 2025
ප්‍රසන්න රණවීර යළිත් රිමාන්ඩ් බාරේ

ප්‍රසන්න රණවීර යළිත් රිමාන්ඩ් බාරේ

14 July 2025
භාතිය ඉක්මනින් සුව වෙයිද ? භාතිය ගැන ඇහෙන අලුත්ම ආරංචිය

භාතිය ඉක්මනින් සුව වෙයිද ? භාතිය ගැන ඇහෙන අලුත්ම ආරංචිය

14 July 2025

Recent News

වීදි ළමයින් සඳහා රුපියල් පන්දහසක දීමනාවක්

වීදි ළමයින් සඳහා රුපියල් පන්දහසක දීමනාවක්

14 July 2025
“හරක් බණ්ඩා” අත් අඩංගුවට

“හරක් බණ්ඩා” අත් අඩංගුවට

14 July 2025
ප්‍රසන්න රණවීර යළිත් රිමාන්ඩ් බාරේ

ප්‍රසන්න රණවීර යළිත් රිමාන්ඩ් බාරේ

14 July 2025
භාතිය ඉක්මනින් සුව වෙයිද ? භාතිය ගැන ඇහෙන අලුත්ම ආරංචිය

භාතිය ඉක්මනින් සුව වෙයිද ? භාතිය ගැන ඇහෙන අලුත්ම ආරංචිය

14 July 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

වීදි ළමයින් සඳහා රුපියල් පන්දහසක දීමනාවක්

වීදි ළමයින් සඳහා රුපියල් පන්දහසක දීමනාවක්

14 July 2025
“හරක් බණ්ඩා” අත් අඩංගුවට

“හරක් බණ්ඩා” අත් අඩංගුවට

14 July 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved