• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

රාජපක්ෂ ආණ්ඩුව ගෙදර යවන සටන ආරම්භ කල බව විපක්ෂනායක කියයි

15 March 2022
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

දුර්දාන්ත ජනතා විරෝධී රාජපක්ෂ ආණ්ඩුව ජන බලයෙන් ගෙදර යවන සටන අප ආරම්භ කර තිබෙන බව සමගි ජනබලවේගයේ නායක සහ විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

ඒ මහතා මේ බව පැවසුවේ දරාගත නොහැකි ජීවන වියදම, රටේ පවතින පොහොර හිඟය ඉන්ධන සහ ගෑස් අර්බුදය, විදුලි කප්පාදුව ඇතුළු ජනතාව මුහුණ දෙන පීඩනය මුල් කර ගනිමින් “රට විනාසයි දැන් ඇති”මැයෙන් සමගි ජනබලවේගය සංවිධානය කළ විරෝධතාවයෙන් අනතුරුව ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිටදී අදහස් දක්වමිනි.

එහිදි විපක්ෂනායකවරයා පැවසුවේ වැඩ කරනවායි කියපු විරුවා අද වැඩි කරන විරුවා බවට පත්ව ඇති අතර ජනතාව එදා කිව්වේ අතිගරු ජනාධිපතිතුමා කියා නමුත් දැන් ජනතාව කියන්නේ ඇති ගරු ජනාධිපතිතුමා කියා බවයි.

එම විරෝධතා රැලියේදි විපක්ෂනායකවරයා මෙසේ අදහස් පල කලේය “ ගෑස්ටික් ටික, කන්න ආහාර වේලක් හොයා ගන්න නැතුව, දරුවෝ හාමතේ තියලා තමයි අද මේ ජනතාව මෙතෙන්ට ඇවිල්ල තියෙන්නේ. ජනතාව මේ තත්ත්වයට පත් කරලා තියෙන්නේ දුර්දාන්ත දුෂ්ට රාජපක්ෂ ආණ්ඩුව කියලා අපි මතක් කරන්න කැමතියි. අද ගොවියා, ධීවරයා, කම්කරුවෝ ත්‍රීරෝද රථ රියදුරු අනාථ වෙලා. කුඩා හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන් අනාථ වෙලා. ව්‍යාපාරික පන්තිය අනාථ වෙලා. ජන සමාජයේ පහළ සිට ඉහළ දක්වාත් ඉහළ සිට පහළ දක්වා අනාථ වී ඉන්න මොහොතක මෙහි පැමිණ සිටින අයට අපි දෑත් ඔසවා ආචාර කරනවා. කිසිම බියක් සැකක් නැතුව මෙතැනට ඇවිල්ලා සමගි ජන බලවේගයේ ජන බලය රටට පෙන්නුවා කියන එක මම මේ අවස්ථාවෙදී කියන්න කැමතියි. දැන් අවුරුදු දෙකක් රටේ ජනතාව දුක් විඳිනවා. ජනතාවට තවත් මේ දුක උහුලන්න දෙන්න බැහැ. ජනතාව මේ තත්ත්වයට පත් කළේ රාජපක්ෂ ආණ්ඩුවයි. අපි මේ ස්ථානයට ආවේ මේ දූෂිත දුර්දාන්ත රාජපක්ෂ ආණ්ඩුව ආණ්ඩුව ගෙදර යවන වැඩපිළිවෙළට කියලා මේ අවස්ථාවේදී ප්‍රකාශ කරන්න කැමතියි. අපි ආවෙ රට කාබාසිනියා කරපු ආණ්ඩුවට ගෙදර යන්න කියන පණිවිඩය දෙන්න. උද්ධච්ච ජන හද ගැස්ම නොතේරෙන මේ ආණ්ඩුව ජනතා දුක අහන්න සූදානම් නැහැ. ජනතා දුක අහන්න සූදානම් නැති මේ ආණ්ඩුව ගෙදර යවන්න ඔබ සූදානම් ද කියලා අපි ජනතාවගෙන් අහනවා. මේ ප්‍රජාතන්ත්‍රවිරෝධී ආණ්ඩුව පලවා හරින ගමන අපි අද සිට අඛණ්ඩව ක්‍රියාත්මක කරනවා. මේ ආණ්ඩුව ජන බලයෙන් ජන සවියෙන් ගෙදර යවන ගමන අපි ආරම්භ කරනවා.

දූෂණයෙන් වංචාවෙන් බැහැර වෙච්ච පිරිසිදු පාලනයක් තුළින් ජනතා ප්‍රශ්නවලට විසඳුම් ලබා දෙන්න අපි බලාපොරොත්තු වෙනවා. අපේ රජයක් තුළ පාලකයන්ට තිබෙන වරදාන වරප්‍රසාද අපි අවම කරලා පොදු ජනතාවට එම සියලු වරදාන වරප්‍රසාද ලබා දෙනවා කියන එක මම කියනවා. ජනතාවට අවශ්‍ය දේශපාලනයක් නෙවෙයි ජනතා සේවයක් එහි සේවයට කරන්න අපි සූදානම්. ජනතා ප්‍රශ්න විසඳන්න අපි කටයුතු කරනවා කියලා මෙතනදී පොරොන්දු වෙනවා. ජනාධිපතිගේ අගමැති ඉඳලා අපට තිබෙන වරදාන වරප්‍රසාද පොදු ජනතාව වෙනුවෙන් ලබා දෙනවා කියලා අපි මේ අවස්ථාවේ කියන්න කැමතියි. අපේ ආණ්ඩුවක් තුළ ඩීල් නැහැ. අපි ආණ්ඩුව තුළ රහස් ගිවිසුම් නැහැ. අපි ආණ්ඩුව තුළ පවා දීම් නැහැ. අපි එකම ඩීල් එක දී මේ රටේ පොදු ජනතාව සමග තිබෙන සමාජ ගිවිසුමයි කියලා මේ අවස්ථාවේදී මම කියන්න කැමතියි. රාජපක්ෂ පාලනය තුළ සෞභාග්‍ය සම්පන්න ශ්‍රී ලංකාවක් අද වෙන්දේසි ලන්තයක් බවට පත්වෙලා තියෙනවා. රටේ සම්පත් අපේ දේශීය දේපල තුට්ටු දෙකට විදේශිකයන්ට විකුණන ජාතිද්‍රෝහී ගිවිසුම් අත්සන් කරන මොහොතේ අහිමි වූ ජාතිකත්වය ජාතික අභිමානය සමගි ජන බලවේගය පොදු ජන රජයක් හරහා අපි නැවතත් ලබා දෙනවා කියලා මේ අවස්ථාවේ කියන්න කැමතියි. රුවන්ඩාවේ ගෝත්‍ර දෙකක් ගහමරා ගෙන ලක්ෂ අටක් ජීවිත නැති කරගෙන ඇමරිකාවේ සිංගප්පූරුව වගේ දියුණු වෙනවා. වියට්නාමය ආසියානු පැසිපික් කලාපයේ සීඝ්‍ර දියුණුවක් වන රට බවට පත්වෙලා තියෙනවා. අද අපේ රටේ අන්ත අගාධයකට අන්ත ප්‍රපාතයට මේ දුෂ්ට රාජපක්ෂ පාලනය නිසා කඩා වැටිලා තියෙනවා. රට මුදවා ගෙන යළිත් ජයග්‍රහණය කිරීමට මගේ ආදරණීය ජනතාවට මම ප්‍රතිඥා දෙනවා. ඒ සඳහා සූදානම් වන ලෙස අපි සියලුම ජනතාවට දැනුම් දෙනවා. අපි නිර්මාණය කරන රජය තුළ සම්පූර්ණයෙන්ම දූෂණය වංචාව හොරකම පිටුදකිනවා. අපිත් එක්ක දේශපාලන ඩීල් දාන්න දැන් එක එක්කෙනා එනවා. මෙතෙක් කල් සිදුවුණු බහුතර ඩීල් ක්‍රියාත්මක වුණේ ඇමතිකම්, සභාපතිකම් නිලතල මත පදනම්වයි. එහෙම ඩීල් දේශපාලනයක් සමගි ජන බලවේගය තුළ ඉඩක් නැහැ. එකතු වෙන්න ඕන නම් අපි එකතු වන්නේ පුද්ගල ඩීල් මත නෙමෙයි කියලා ඒ කැමති හැමෝටම අපි කියනවා.අපි එකතු වන්නේ ජනතාව රට දිනවන ඩීල් එකක් එක්ක විතරයි කියලා මම මේ අවස්ථාවේ කියන්න කැමතියි. අද කොළඹට ඇවිල්ලා අපි මේ ක්‍රියාත්මක කළේ ආරම්භයක් පමණයි. අපි ඉදිරියේදී වහාම දිස්ත්‍රික්ක මට්ටමින් ආණ්ඩුව පලවා හැරීමේ ගමන දියත් කරනවා. ගමක් ගමක් ගානේ අපි ඇවිත් කාටවත් බිද දමන්න බැරි කාගෙවත් කුමන්ත්‍රණ වලට යට වෙන්නේ නැති පාලනයක් අපි බිහි කරනවා. දකුණු පය පෙරට තබල තනි බලයකින් යුතු සමගි ජන බලවේ සන්ධානය ජයග්‍රහණය කිරීමට අපි ඇප කැප වෙනවා කියලා ප්‍රතිඥා දෙනවා. ප්‍රජාතන්ත්‍රවාදී සමගි ජනබල පාලනය බිහි බිහිකරන්න එක්වන්න කියලා අපි මේ ජනතාවට ආරාධනා කරනවා. අද වන විට අපේ රටේ තරුණ පරපුර දස දහස් ගණනින් මේ නිර්මාණය වෙලා තියෙන අන්ධකාරය තුල රට අතහැරලා යනවා. අපේ ප්‍රතිපත්ති ගැන විශ්වාස කරලා රට තුළ රැඳී සිටින්න කියලා ඒ තරුණ පරපුරට මම අවධාරණය කරනවා. මේ රටේ උගතුන් වියතුන් දක්ෂයින් රට තුළ තිබෙන මේ මහා දැවැන්ත ප්‍රපාතය තුළ රට අතහැර යනවා. රටට විශාල පාඩුවක් සිදුවෙනවා.

උගත් අයට, දක්ෂයින්ට කුසලතාව ඇති අයට තැන දෙන ආණ්ඩුවක් තමයි අපි හදන්නෙ. අපේ ආණ්ඩුවක දැනටම ප්‍රේමදාසලා ගණනාවක් ඉන්නවා. ගාමිණී දිසානායක ගණනාවක් ඉන්නවා. ලලිත් ඇතුලත්මුදලිලා ගණනාවක් ඉන්නවා. ජේ ආර් ජයවර්ධන මැතිතුමාගේ හැමෝගෙම හයියෙන් දුර දක්නා නුවණින් දක්ෂයාට තැන දීලා රට ගොඩනැගීමේ වැඩපිළිවෙළක් අපේ ආණ්ඩුව තුළ කටයුතු කරනවා. අපේ ආණ්ඩුව තුළ නාමික ඇමතිවරු නැහැ. අපි තැන ලබා දෙන්නේ වැඩකාරයන්ට. මේ ආණ්ඩුවෙ වගේ පුටු රත් කරන ඇමතිවරු අපි බිහි කරන්නේ නැහැ. ඒ නිසා කවුරුත් භේදභින්න වෙන්න එපා. සමගි ජන බලවේගය මහා දැවැන්ත වෘක්ෂයක්. මේක දේදුනු සන්ධානයක්. සෑම ජාතියකටම හැම ආගමකටම හැම කුලයකටම හැම අයෙකුටම ප්‍රතිපත්තිය මත මේ සමග ජන බලවේග සන්ධානයේ සෙවන ලැබෙනවා කියලා මේ අවස්ථාවේ මම ප්‍රකාශ කරනවා. සෝමාලියාව, සිම්බාබ්වේ රා අපේ රට ගෙනියන මේ දුෂ්ට රාජපක්ෂ ආණ්ඩුව පලවා හරින්නට එකට එකතු කියලා අපි ජනතාවට ආරාධනා කරනවා. අද ලක්ෂ සංඛ්‍යාත ජනතාවක් මෙතැන්ට ආවේ වෙඩි වලට, බෝම්බ වලට කඳුළු ගෑස් වලට බය නොවී. ඔළුගෙඩි මාරු, ඩීල් පුටු මාරු වලින් තොරව ජනතා බලයෙන් අපි ආණ්ඩුවක් පත් කරනවා. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා මහින්ද රාජපක්ෂ අගමැතිවරයා බැසිල් රාජපක්ෂ මුදල් ඇමැතිවරයා ප්‍රමුඛ මේ ආණ්ඩුවට වැඩ බැරිනම් රට හදන්න අපිට බාර දෙන්න. අපි වැඩේ කරලා පෙන්නන්නම්. මේ වෙනකොට මැදපෙරදිග රටවල් තුනක් අවුරුදු දෙකක් මුදල් නොමැතිව තෙල් ලබාදීමට සමගි ජන බලවේගය අපේ රජයකට පොරොන්දු වෙලා තියෙනවා කියලා මේ තෙල් පෝලිමේ ඉන්න ජනතාවට මම වගකීමෙන් කියනවා. මේ රටේ ජාති භේදය, ජාතිවාදය අවුස්සන වද කොත්තු, වඳ සැත්කම් කතා හදලා ඇති කරපු ජාති බේද යේ ප්‍රතිඵල අද විදින්න සිද්ද වෙලා තියෙන්නෙ රටේ ජනතාවට පෝලිම් වල ඉඳගෙනයි. එහෙම වද කොත්තු වද සැත්කම් තිබ්බනම් අපි තමයි ඒවට පළමුවෙන් දඩුවම් කරන්නේ. දැන් මේවා කියලා බලයට ආපු කට්ටිය දැන් ඒ මනුස්සයාට හිඟ පඩිත් එක්ක සේවය පිහිටුවලා තියෙනවා. අපේ රටේ තිබිය යුත්තේ ජාතිභේදය නෙවෙයි ජාතිකත්වයයි. අපේ රටේ ජනතාව පාවල දෙන්නැතුව ලක්ෂ 220 ක් වූ ජනතාව අනාථ කරන්නෙ නැතුව පින් සිද්දවෙයි ගෙදර යන්න කියලා අපි ආණ්ඩුවට කියනවා. එහෙම නැත්නම් ජනතාවට ඒ තීන්දුව ගන්න නැවත වරක් ජනාධිපතිවරණයක් ඉල්ලනවා. එදාට රටේ ජනතාව වැඩ පෙන්නයි කියලා මම මේ අවස්ථාවේ කියනවා. මේ විරෝධතාවයට සමගි ජන බලවේගය ට අනුබද්ධිත විශාල පිරිසක් කැප වුණා. මේ ආරම්බය විතරයි ඊළඟ පියවරට සූදානම් වෙන්න කියලා අපි ජනතාවට කියනවා. අපි විනයානුකූල පක්ෂයක්. අපි රට වෙනුවෙන් සාමෙන් එකතු වුණා වගේම අපි සාමයෙන් විසිර යනවා” යැයිද විපක්ෂනායකවරයා එහිදී කීවේය.

 

Post Views: 3
Previous Post

සෙවනපිටිය විසිතුරු මත්ස්‍ය අභිජනන මධ්‍යස්ථානය විවෘත කිරීම

Next Post

ප්‍රේම සම්බන්ධතාවයක් නිසා පාසල් සිසුවෙක් තවත් පාසල් සිසුවෙකුට පිහියෙන් අනි

editor

editor

Next Post

ප්‍රේම සම්බන්ධතාවයක් නිසා පාසල් සිසුවෙක් තවත් පාසල් සිසුවෙකුට පිහියෙන් අනි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

4 June 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
අදත් ප්‍රදේශ කිහිපයකට වැස්ස

අදත් ප්‍රදේශ කිහිපයකට වැස්ස

20 June 2025
සබරගමු විශ්වවිද්‍යාලයේ සිසුවා සියදිවි නසාගැනීමට හේතුව තහවුරු වෙයි

සබරගමු විශ්වවිද්‍යාලයේ සිසුවා සියදිවි නසාගැනීමට හේතුව තහවුරු වෙයි

19 June 2025
ශ්‍රී ලාංකික සාත්තු සේවිකාවකට මිසයිල ප්‍රහාරයකින් තුවාල

ඉරාන – ඊශ්‍රායල් (UPDATES)

19 June 2025
ඊශ්‍රායල් – ඉරාන් ප්‍රහාර ගැන හිටපු ජනාධිපති රනිල් ජාත්‍යන්තරය අමතයි 

ඊශ්‍රායල් – ඉරාන් ප්‍රහාර ගැන හිටපු ජනාධිපති රනිල් ජාත්‍යන්තරය අමතයි 

19 June 2025

Recent News

අදත් ප්‍රදේශ කිහිපයකට වැස්ස

අදත් ප්‍රදේශ කිහිපයකට වැස්ස

20 June 2025
සබරගමු විශ්වවිද්‍යාලයේ සිසුවා සියදිවි නසාගැනීමට හේතුව තහවුරු වෙයි

සබරගමු විශ්වවිද්‍යාලයේ සිසුවා සියදිවි නසාගැනීමට හේතුව තහවුරු වෙයි

19 June 2025
ශ්‍රී ලාංකික සාත්තු සේවිකාවකට මිසයිල ප්‍රහාරයකින් තුවාල

ඉරාන – ඊශ්‍රායල් (UPDATES)

19 June 2025
ඊශ්‍රායල් – ඉරාන් ප්‍රහාර ගැන හිටපු ජනාධිපති රනිල් ජාත්‍යන්තරය අමතයි 

ඊශ්‍රායල් – ඉරාන් ප්‍රහාර ගැන හිටපු ජනාධිපති රනිල් ජාත්‍යන්තරය අමතයි 

19 June 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

අදත් ප්‍රදේශ කිහිපයකට වැස්ස

අදත් ප්‍රදේශ කිහිපයකට වැස්ස

20 June 2025
සබරගමු විශ්වවිද්‍යාලයේ සිසුවා සියදිවි නසාගැනීමට හේතුව තහවුරු වෙයි

සබරගමු විශ්වවිද්‍යාලයේ සිසුවා සියදිවි නසාගැනීමට හේතුව තහවුරු වෙයි

19 June 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved