27 April 2024
#දේශීය

ප්‍රේම සම්බන්ධතාවයක් නිසා පාසල් සිසුවෙක් තවත් පාසල් සිසුවෙකුට පිහියෙන් අනි

ප්‍රේම සම්බන්ධයක් හේතුවෙන් මාතලේ ළමා උද්‍යානය අසළදි මාතලේ නගරයේ ප්‍රසිද්ධ පාසලක උසස් පෙළ සිසුන් දෙනෙකුට පිහියෙන් අනින ලද තවත් පාසල් සිසුවෙක් ඊයේ (15) දින අත්අඩංගුවට ගත් බව මාතලේ මුලස්ථාන පොලිසිය කියයි.

සිද්ධියෙන් තුවාල ලැබු පාසල් සිසුන් දෙදෙනා මාතලේ මහ රෝහලේ ප්‍රතිකාර ලබන බවත් බෙල්ලට සහ හිස ප්‍රදේශයට පිහි ඇනුමින් තුවාල ලබා ඇති බවද පොලිසිය කියයි.

පාසල් සිසුවියක් සම්බන්ධයෙන් ඇති වු ප්‍රේම සම්බන්ධතාවයක් හේතුවෙන් මෙම පිහි ඇනුම සිදුවි ඇති බව මුලික පොලිස් පරික්ෂවලදි අනාවරණය වි තිබේ.

සැකකාර පාසල් සිසුවා මාතලේ මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරිමට නියමිතය.

මාතලේ මුලස්ථාන ප්‍රධාන පොලිස් පරික්ෂක උපුල් ගුණවර්ධන මහතාගේ අධික්ෂණය යටතේ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති පො.ප එස්.පි.එම් තිලකවර්ධන මහතා වැඩිදුර පරික්ෂණ පවත්වයි.

 

මාතලේ මහේෂ් කිර්තිරත්න

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *