• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ජාතික අධ්‍යාපන ප්‍රතිපත්තිය මඟින් මෙරට නිදහස් අධ්‍යාපනය මුදල් මැෂිමක් කරනවා – මන්ත්‍රීනි හරීනි

8 April 2024
in දේශීය, පුවත්
ජාතික අධ්‍යාපන ප්‍රතිපත්තිය මඟින් මෙරට නිදහස් අධ්‍යාපනය මුදල් මැෂිමක් කරනවා – මන්ත්‍රීනි හරීනි
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

ජනතාවට තීරණාත්මකව බලපාන අධ්‍යාපනය සම්බන්ධ තීන්දු තීරණ ගන්න ජනාධිපතිට කිසිම අයිතියක් නොමැති බව ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික, පාර්ලිමේන්තු මන්ත්‍රීනි ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවාය.

ඇය මේ බව පැවසුවේ අද (08) ජාතික ජන බලවේගයේ පැවැති මාධ්‍ය හමුවකදිය.

පාර්ලිමේන්තු මන්ත්‍රීනි ආචාර්ය හරිනි අමරසූරිය වැඩිදුරටත් මෙසේ අදහස් පල කලේය “මේ වන විට සමාජයේ කතා බහට ලක්වෙන වැදගත් ප්‍රතිපත්තියක් ජනාධිපති කාර්යාලයෙන් නිකුත් කර තිබෙනවා. “ජාතික අධ්‍යාපන ප්‍රතිපත්ති රාමුව” යනුවෙන් හැඳින්වෙන ඒ ප්‍රතිපත්ති මාලාව මගින් මේ දක්වා යම් පමණකට හෝ ආරක්ෂා වී තිබූ නිදහස් අධ්‍යාපන ක්‍රියාවලියේ කොඳු නාරටිය බිඳ දමා මුදල් උපයන යාන්ත්‍රණයක් බවට පත්කර ගැනීමට සැලසුම් කරගෙන තිබෙනවා. මේ සම්බන්ධයෙන් උනන්දුවක් දක්වන විශ්වවිද්‍යාල සහ ඉන් පිට කණ්ඩායම්වලත් සාකච්ඡාවට ලක්වී තිබෙනවා. මෙය අධ්‍යාපනයට කරනු ලබන ඉතාමත් ප්‍රතිගාමී මැදිහත්වීමක් විදිහටයි අපි දකින්නේ. ඒ සම්බන්ධයෙන් කරුණු ගණනාවක් ඉදිරිපත් කරන්න තිබෙනවා. අපේ රටේ නිදහස් අධ්‍යාපන ප්‍රතිපත්තිය කුමන ගැටලු මධ්‍යයේ වුවත් මේ දක්වා පවතිනවා. එසේම එය සුරක්ෂිත විය යුතු බව අපි සියලු දෙනාම පිළිගන්නවා. අපේ රට මේ තත්වයෙන් හෝ පවත්වාගෙන යාමට නිදහස් අධ්‍යාපන ප්‍රතිපත්තිය කොතරම් දායක වුණාදැයි අපි සියලු දෙනාටම අවබෝධයක් තිබෙනවා. හඳුන්වාදී තිබෙන ජාතික අධ්‍යාපන ප්‍රතිපත්ති රාමුව මගින් මේ පවතින තත්වයත් ආපසු ගෙනයන්නයි උත්සාහ කරන්නේ. පුද්ගලීකරණයේ දිසාවට යොමු කරමින් තිබෙන්නේ විශ්වවිද්‍යාල පද්ධතිය පමණක් නොවෙයි, මේ ප්‍රතිපත්ති රාමුව තුළ පාසල්වල පවා නිදහස් අධ්‍යාපනයේ මූලධර්මවලට ප්‍රහාර එල්ල කීරීමක් දකින්න තිබෙනවා. අතිශයින්ම සරල විදිහට අධ්‍යාපනයේ අරමුණු ඉදිරිපත් කරමින් දැක්මක් නැති පසුගාමී කරුණු මේ තුළ ඇතුළත් වෙනවා. මේ ප්‍රතිපත්ති රාමුව පිළිබඳ වගකීම දරන කෙනෙක් නැහැ. අපේ රටේ අධ්‍යාපනය සම්බන්ධයෙන් ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමේ ක්‍රියාවලියක් තිබෙනවා. එහි මුලින්ම ජාතික අධ්‍යාපන කොමිසම ප්‍රතිපත්ති සම්පාදනයේ සිටිනවා. නමුත් අධ්‍යාපන කොමිසන් සභාව මේ ගැන දන්නේ නැහැ. එය නිෂ්ක්‍රීය කරනු ලැබ තිබනවා.

මේ ප්‍රතිපත්ති රාමුව පිළිබඳ විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනයෙන් නිවේදනයක් නිකුත් කළා. උසස් අධ්‍යාපනයට මෙයින් සිදුවන බලපෑම පිළිබඳව සවිස්තර කරුණු ඉදිරිපත් කර තිබුණා. එයට ප්‍රතිචාර දක්වමින් අධ්‍යාපන රාජ්‍ය ඇමති සුරේන් රාඝවන් ප්‍රශ්න කරන්නේ මේ ප්‍රතිපත්ති ප්‍රකාශනය ආවේ කොහෙන්ද කියලයි. අධ්‍යාපන අමාත්‍යාංශයත් ඒ ගැන නොදන්නා බව කියනවා. මෙය නිකුත් කර තිබෙන්නේ ජනාධිපති ලේකම් කාර්යාලයේ මුද්‍රාවෙන්. මේ සම්බන්ධයෙන් නිල වගකීමක් දරන අධ්‍යාපන කොමිසම හෝ විෂය භාර ඇමති හෝ නොදැනගෙන මේ වාර්තා නිකුත් වන්නේ කාගේ අවශ්‍යතාවලට අනුවදැයි බරපතළ ප්‍රශ්නයක් තිබෙනවා. පාර්ලිමේන්තුව, කැබිනට් මණ්ඩලය, වෙනත් වගකිව යුතු ආයතන කිසිවක් නොදැනගෙන අඩුම තරමින් ව්‍යවස්ථා සභාව වත් නොතකා ජනාධිපති රනිල් වික්‍රමසිංහ හැසිරෙන බව මෙයින් යළිත් තහවුරු වෙනවා. ඔහුට ඕනෑ කමිටු මගින් ප්‍රතිපත්ති සකස් කර, අදාළ නිල ව්‍යුහය සම්පූර්ණයෙන්ම ඉවත දමා ජනවරමක් නැති මේ ජනාධිපති ක්‍රියා කරනවා. එය අතිශයින්ම භයානක දෙයක්. රනිල් වික්‍රමසිංහ කියන්නේ රටම ප්‍රතික්ෂේප කළ දේශපාලන කඳවුරක නියෝජිතයායි. ඔහුට කිසිම ජනවරමක් නැහැ. ව්‍යවස්ථාවෙන් පැනවුණු සීමිත වගකීමක් පමණයි තිබෙන්නේ. තව මාස කිහිපයකින් එය අවසන් වෙනවා. ඒ අතරතුර රටටත් ජනතාවටත් තීරණාත්මක ලෙස බලපාන තීන්දු තීරණ ගන්න ඔහුට කිසිම අයිතියක් නැහැ. ඔහුට කිසිම අයිතියක් නැති ප්‍රදේශවලට කඩා වැදී කරන මේ ක්‍රියාවලට අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නැති බව අවධාරණය කරනවා.

අධ්‍යාපන ක්ෂේත්‍රය සම්බන්ධයෙන් මේ මොහොතේ ආණ්ඩුවේ එක් එක් අය විවිධ ප්‍රතිපත්ති රාමු ඉදිරිපත් කරනවා. රනිල් වික්‍රමසිංහගෙන් එකක්, විජේදාස රාජපක්ෂගේ කමිටුවෙන් තව යෝජනාවලියක්, ඇමතිවරයා තව යෝජනාවලියක් ගැන කතා කරනවා. ඒ එකක්වත් නිවැරදිව ඉදිරිපත් වුණේ නැහැ. විජේදාස රාජපක්ෂ ඇමතිවරයාගේ කමිටුවේ ජාතික ජන බලවේගය නියෝජනය කරමින් මමත් හිටියා. ඒ කමිටු වාර්තාවට විරෝධය පාමින් මම අත්සන් කළේ නැහැ. සමගි ජන බලවේගයේ එරාන් වික්‍රමරත්න මන්ත්‍රීවරයාට එයට අත්සන් කළා. ඔහු ළඟදී සඳහන් කර තිබුණා මම එයට අත්සන් නොකළේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලට විරුද්ධ නිසා කියලා. ඒ යෝජනාවලට අපි එකඟ නොවෙන නිසා තමයි අත්සන් නොකළේ. නමුත් ඔහුගේ පක්ෂයත් ඒ පිළිබඳව ඒකමතික තැනක නැහැ. ඒ කමිටුවේ යෝජනාවලට අත්සන් කළත් ඔහුගේම නායකයා විශ්වවිද්‍යාල ආචර්යවරුන් හමුවේ ප්‍රකාශ කළේ “එරාන් වික්‍රමරත්න මන්ත්‍රීවරයා මේ වාර්තාවට අත්සන් කළාට නායකයා හැටියට මම ඒ වාර්තාව පිළිගන්නේ නැහැ” කියලා. එරාන් වික්‍රමරත්න මන්ත්‍රීවරයාට මම යෝජනා කරන්නේ අපේ ප්‍රතිපත්ති තීරණ ගැන කතා කරනවාට වඩා ඔහුගේ පක්ෂයේ ඒකමතිකත්වයක් නැති කරුණු ගැන අවධාරණය කිරීම හොඳයි කියලා යැයි පාර්ලිමේන්තු මන්ත්‍රීනි ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවාය.

Post Views: 6,602
Previous Post

රටේ ආර්ථිකය ගොඩගන්න පුළුවන් සජබයට පමණයි -මන්ත්‍රී ජේ.සී අලවතුවල 

Next Post

සභාපති නැති රැස්වීම නීතිවිරෝධියි.. චන්ද්‍රිකා නිදහස් පක්ෂයේ කෙනෙක් නෙමෙයි – වැඩබලන මහලේකම් දුෂ්මන්ත

editor ttvnews

editor ttvnews

Next Post
සභාපති නැති රැස්වීම නීතිවිරෝධියි.. චන්ද්‍රිකා නිදහස් පක්ෂයේ කෙනෙක් නෙමෙයි – වැඩබලන මහලේකම් දුෂ්මන්ත

සභාපති නැති රැස්වීම නීතිවිරෝධියි.. චන්ද්‍රිකා නිදහස් පක්ෂයේ කෙනෙක් නෙමෙයි - වැඩබලන මහලේකම් දුෂ්මන්ත

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

30 April 2025
ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

20 February 2025
බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

21 March 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

9 May 2025
රට පුරා වේගයෙන් පැතිරෙන වෛරසය ගැන දැනගමු

රට පුරා වේගයෙන් පැතිරෙන වෛරසය ගැන දැනගමු

9 May 2025
ගුවන් අනතුරින් මිය ගිය ගණන සහ තවත් තොරතුරු

ගුවන් අනතුරින් මිය ගිය ගණන සහ තවත් තොරතුරු

9 May 2025
නව පාප් වහන්සේ Robert F. Prevost

නව පාප් වහන්සේ Robert F. Prevost

9 May 2025

Recent News

මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

9 May 2025
රට පුරා වේගයෙන් පැතිරෙන වෛරසය ගැන දැනගමු

රට පුරා වේගයෙන් පැතිරෙන වෛරසය ගැන දැනගමු

9 May 2025
ගුවන් අනතුරින් මිය ගිය ගණන සහ තවත් තොරතුරු

ගුවන් අනතුරින් මිය ගිය ගණන සහ තවත් තොරතුරු

9 May 2025
නව පාප් වහන්සේ Robert F. Prevost

නව පාප් වහන්සේ Robert F. Prevost

9 May 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

9 May 2025
රට පුරා වේගයෙන් පැතිරෙන වෛරසය ගැන දැනගමු

රට පුරා වේගයෙන් පැතිරෙන වෛරසය ගැන දැනගමු

9 May 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved