• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ගං වතුරෙන් පීඩාවට පත් ජනතාව හරියාකාරය ගණනය කරලා නෑ – බුද්ධික පතිරණ

11 October 2023
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

මාතර දිස්ත්‍රික්කයට බලපා ඇති ගං වතුර තත්ත්වය හේතුවෙන් පීඩාවට පත් පිරිස හරියාකාරව ගණනය කර නොමැති බවත් අපදා කළමනාකරණ අංශ සහ දිස්ත්‍රික් ලේකම් කාර්යාලය නිකුත් කරන සංඛ්‍යා ලේණනවල අඩුපාඩු තිබෙන බවත් සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී බුද්ධික පතිරණ මහතා පවසයි.

මන්ත්‍රීවරයා මේ බව පැවසුවේ අද (10) විපක්ෂ නායක කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවකදීය.

රජය අධාර දීම අවම කරන්න , භාණ්ඩාගාරයේ සල්ලි ටික ඉතුරු කරගන්න නිවැරදි සංඛ්‍යා ලේඛන පෙන්වීමෙන් වැළකී සිටිනවාදැයි සැකයක් මතුව තිබෙන බවද ඒ මහතා හෙතෙම සඳහන් කළේය.

වැඩිදුරටත් අදහස් දැක්වූ බුද්ධික පතිරණ මහතා ‘‘නිල්වලා ගඟේ ඉදිකළ ලවණ බාධකය යහපත් චේතනාවෙන් කළ ව්‍යාපෘතියක් වුවත් ඒ ව්‍යාපෘතිය සඳහා 2020 සිට සිදුකළ වෙනස්කම් නිසා කෘෂිකර්මාන්තයට / දෛනික ජන ජීවිතයට / රටේ සහ භාණ්ඩාගාරයටත් බරපතල හානි සිදුවන ව්‍යාපෘතියක් බවට පත්වී ඇති බව ගොවි සංවිධාන ප්‍රකාශ කරනවා. 2020 ට පෙර සකස් කළ මූලික ව්‍යාපෘති වාර්තාව ක්‍රියාත්මක කරන්න නැතිනම් යකඩ තහඩු මගින් ලවණ බාධකට දෙපස ඉදිකර තිබෙන බාධාක ඉවත් කරන්න කියලා ගොවි සංවිධාන / සජිත් ප්‍රේමදාස / කියපු කාරණා අපහාසුවෙන් උපහාසයෙන් බැහැර කළා. අවසානයේදී කඩිනම් පියවරක් අරගෙන මේ තහඩු ඉවත් කරන්න පියවරක් අරගෙන තිබෙනවා. මේ කාරණය සම්බන්ධයෙන් අපි පාර්ලිමේන්තුවේ අරගල කළා ගොවිජනතාව අරගල කළා. අපි ජීවන් තොන්ඩමන් ඇමැතිවරයාට මේ බව පැහැදිලි කරලා දුන්නට පස්සේ යකඩ තහඩු මගින් ලවණ බාධකට දෙපස ඉදිකර තිබෙන බාධාක ඉවත් කරන්න ඊයේ තීරණයක් අරගෙන තිබුණා. යකඩ තහඩු මගින් ලවණ බාධකට දෙපස ඉදිකර තිබෙන බාධාක ඉවත් කිරීමේ තීරණය මීට කලින් අගෙන තිබුණානම් ගංවතුර තත්ත්වය ඇතිනොවෙන්න තිබුණා. නැතිනම් ගංවතුරෙන් වුණ හානිය අවම කර ගන්න තිබුණා. ඒ සියල්ල නොසලකා හැරීම නිසා ජනතාවට ගං වතුරින් දැඩි වෙල පීඩා විදින්න සිදුවුණා. ලවණ බාධකය ඉදිකරන්න පෙර ගොවීන්ගේ කන්න 7 ක් පාඩු වෙලා තියෙනවා. ලවණ බාධකය ඉදිකිරීමෙන් පස්සේ කන්න 2 ක් පාඩු වෙලා. දැනට මාතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලය ආණ්ඩුවෙන් ඉල්ලා තියෙනවා රුපියල් මිලියන 1208 ක් වගා හානි වෙනුවෙන්. ලවණ බාධකය හදන්න ගිහින් තියෙනවා රුපියල් මිලිනය 3000 යි. ලවණ බාධකය ඉදිකරන්න ගිය මුදලින් බාගයක් පමණ ලවණ බාධකය නිසා ඇතිවුණ වගා හානි වලට ගෙවන්න සිදුවෙලා තියෙනවා. ගංවතුර නිසා දේපළ / ජීවිත / වගා හානි තියෙනවා. මේ හානි වලටත් වන්දි ගෙවන්න සිදුවෙලා තියෙනවා. මාතර දිස්ත්‍රික්කයට දරුණුම ගං වතුරක් ඇවිත් තියෙන්නේ 2017 වසරේදී. ඒ ගං වතුර තත්ත්වයටත් වඩා අඩුවෙන් මේ පාර ගං වතුර තත්ත්වය ඇතිවෙලා තියෙනවා. මෙවර ගං වතුර දවස් 10 ක් පමණ ගියත් ගලා නොයා රැඳී තිබෙනවා.තවම ගං වතුර තත්ත්වය අඩුවෙලා නෑ. මේ නිසා ජනතාව දැඩි අපහසුතාවයට පත් වෙලා තිබෙනවා. කඹුරුපිටිය / තිහගොඩ / කිරින්ද / අකුරැස්ස / දෙවිනුර ප්‍රදේශවල අපදා අංශවලට සහ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයට නිකුත් කරන සංඛ්‍යා ලේණනවල අඩුපාඩු තියෙනවා. ග්‍රාම නිලධාරී කොට්ඨාස කිහිපයක සංඛ්‍යා ලේඛන ඇතුළත් කරලා නෑ. අපදාවට ලක්වුණ පිරිස් හරියාකාරව ගණනය කරලා නෑ. රජය අධාර දීම අවම කරන්න , භාණ්ඩාගාරයේ සල්ලි ටික ඉතුරු කරගන්න ඇත්ත සංඛ්‍යා ලේඛන පෙන්වීමෙන් වැළකී සිටිනවාදැයි සැකයක් තිබෙනවා. රජය මැතිවරණ තියන්නේ නැතුව මුදල් ඉතිරි කරගෙන ආපදාවට ලක්වු ජනතාවට විධිමත්ව ප්‍රතිපාදන වෙන්කරන බවක් පෙනෙන්ට නෑ. යකඩ තහඩු මගින් ලවණ බාධකට දෙපස ඉදිකර තිබෙන බාධාක ඉවත් කරලා ඊළඟ ක්‍රියාමාර්ගය පැහැදිලිව සැලැසුම් සහගතව කටයුතු කරන්න ඕන. තාවකාලිකව වතුර ඉවත් කරලා වතුර ඉවත් කරනවා වගේම පායන කාලයකදී නැවත මේ ආකාරයටම තහඩු ගහලා ලවණ බාධකය නිර්මාණය කරන්න යනවානම් නැවත ගංවතුරකදී ඇතිවෙන්නේ ඛේදවාචකයක්. ලවණ බාධකය හැදුවේ ගඟේ පටුම තැන. ලවණ බාධකය හරහා වතුර බහින්නේ නැති වුණාම එතනින් තවත් කෘතිම ගගක් කපලා.ගගේ පටුම තැන දැන් පළලම තැනක් බවට පත්වෙලා. එකක් කඩතොලු හදන්න ගොස් අනේ මට වුණ කාරියා හතක් කඩතොලු හදාගත්තැයි ඉදුරුවේ ආචාරියා වගේ වැඩක් තමයි වෙලා තියෙන්නේ. මුල ඉදලා අපි කියපු විදිහට හකුලන ගේට්ටු සහිත ලවණ බාධකයක් හදන්න ඕන. දැන් කරපු වැටේට බිලියන 3 ක් යටකරලා තියෙනවා. නිල්වලා ගගේ ව්‍යාපෘතිය සමඟ ආරක්ෂිත සහ අනාරක්ෂිත කියලා ප්‍රදේශ දෙකක් තියෙනවා. ආරක්ෂිත ප්‍රදේශයේ ජලය බැස යන්න පොම්පාගාර තුනකින් ජලය ඉහිනවා. පොම්පාගරවලින් ජලය ඉවත් කරන්න ඊයේ වෙනකොට ඩීසල් සඳහා මිලියන 30 ක් ගිහින් තියෙනවා.” යැයි මන්ත්‍රීවරයා වැඩිදුරටත් කියා සිටියේය.

Post Views: 4
Previous Post

ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක කාර්යාලයේ නව ලේකම් එම්.ඩබ්ලියු.ජගත් කුමාර වැඩ බාරගනී

Next Post

ඉන්ධන ප්‍රවාහන බවුසර් රථයක යතුරු පැදියක් ගැටීමෙන් දැරියක් ජිවිතක්ෂයට

editor

editor

Next Post

ඉන්ධන ප්‍රවාහන බවුසර් රථයක යතුරු පැදියක් ගැටීමෙන් දැරියක් ජිවිතක්ෂයට

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

30 April 2025
ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

20 February 2025
බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

21 March 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ගැරඬිඇල්ල බස් රථ අනතුරෙන් මිය ගිය ගණන තවත් ඉහළ යයි

බස්රථ අනතුරින් තුවාල ලැබූවන් කොළඹට ගේන්න හෙලිකොප්ටර් යානා

11 May 2025
ගැරඬිඇල්ල බස් රථ අනතුරෙන් මිය ගිය ගණන තවත් ඉහළ යයි

ගැරඬිඇල්ල බස් රථ අනතුරෙන් මිය ගිය ගණන තවත් ඉහළ යයි

11 May 2025
ප්‍රවීණ රංගන ශිල්පිණියක් අත්අඩංගුවට

ප්‍රවීණ රංගන ශිල්පිණියක් අත්අඩංගුවට

11 May 2025
මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

9 May 2025

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ගැරඬිඇල්ල බස් රථ අනතුරෙන් මිය ගිය ගණන තවත් ඉහළ යයි

බස්රථ අනතුරින් තුවාල ලැබූවන් කොළඹට ගේන්න හෙලිකොප්ටර් යානා

11 May 2025
ගැරඬිඇල්ල බස් රථ අනතුරෙන් මිය ගිය ගණන තවත් ඉහළ යයි

ගැරඬිඇල්ල බස් රථ අනතුරෙන් මිය ගිය ගණන තවත් ඉහළ යයි

11 May 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved