• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

රනිල්ට ජනතාව බලයක් දීලා නෑ – මන්ත්‍රී අනුර දිසානායක

14 August 2023
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

රනිල් වික්‍රමසිංහට මේ රටේ ජනතාව බලයක් ලබා දී නොමැති බවත් ඔහුව මේ රටේ ජනතාව විසින් පළවා හැරි නායකයෙක් වන අතර ඔහු ලංකාවේ ස්වෛරීභාවය, ස්වාධිපත්‍යය අහෝසි කරන තීන්දු තීරණ ගනිමින් සිටින බව පාර්ලිමේන්තු මන්ත්‍රී, ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා පවසයි.

ඒ මහතා මේ බව පැවසුවේ ඊයේ (13) මොරටුව ආසන සමුළුව අමතමිනි.

එහිදී ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා මෙසේ අදහස් පල කලේය “ මොරටු ආසනය සම්ප්‍රදායික ලෙස අපට ජයග්‍රහණ ගෙනදුන් ආසනයක් නොවෙයි. මේ සමුළුව දෙස බැලූවිට පෙනෙනවා සාම්ප්‍රදායික ජන පවුරු සියල්ල බිඳවට්ටවා ජාතික ජන බලවේගයේ කොඩිය මොරටුවෙන් ඉහළින්ම ඔසවා තිබෙන බවයි පෙන්නුම් කරන්නේ. අපේ රටට අපේ රටේ ජනතාවට මේ විදිහට තවදුරටත් ජීවත් වෙන්න බැහැ. මේ රට වෙනස් කරන්න ඕනෑ. පමාවෙන මොහොතක් පාසා පාලකයෝ මේ රට අගාධයට හෙළනවා. පසුගියදා රනිල් වික්‍රමසිංහ ඉන්දියාවට ගොස් ඉන්දියාව සහ ශ්‍රී ලංකාව එකට ගැටගැසුවා. එක, විදුලිබල පද්ධතියෙන්. ලංකාව සහ ඉන්දියාව අතර විදුලි රැහැන් පද්ධතියකින්, තෙල් නල පද්ධතියකින්, එකට ගැට ගහනවා. ඉන්දියානු රුපියල, ලංකාවේ වෙළඳ කටයුතු සඳහා උපයෝගී කර ගන්න, තීන්දුවක් ගන්නවා. ඒ කියන්නේ මුදල් ඒකකයෙන් වගේම ගොඩබිමින්, මුහුදින්, ගුවනින් ලංකාව ඉන්දියාවත් එක්ක ගැටගහනවා. ඒ වගේම සංස්කෘතියෙන් ගැටගහනවා. ලංකාව ඉන්දියාවත් එක්ක මේ විදිහට බද්ධ කරන්න, රනිල් වික්‍රමසිංහට මේ රටේ ජනතාව බලයක් දී නැහැ. රනිල් වික්‍රමසිංහ මේ රටේ ජනතාව විසින් පළවා හැරි නායකයෙක්. ඔහු ලංකාවේ ස්වෛරීභාවය, ස්වාධිපත්‍යය අහෝසි කරන තීන්දු තීරණ ගනිමින් ඉන්නවා. මෙය වෙනස් කළ යුතුයි. පසුගිය කාලයේ ඔහුගේ හැසිරීම් බලන්න. විදුලි කප්පාදුව දිගටම කරමින් එන විට, මේ රටේ ජනතාවගේ විශාල ඉල්ලීමක් තිබුණා උසස් පෙළ විභාග දින ටිකේවත් විදුලිය කපන්න එපා කියා. උසස් පෙළ විභාගය පෙබරවාරි මස 16 වැනිදා විභාගය අවසන් වුණා. ඒ දක්වා විදුලි කප්පාදුව කළා. 17 වැනිදා සිට විදුලි කප්පාදුව නතර කළා. විදුලි සපයන්න ප්‍රමාණවත් ධාරිතාවක් තිබුණා. දරුවන් ගැන හැඟීමක් නැති, තෙතමනයක් නැති පාලකයෙක්, රනිල් වික්‍රමසිංහ.

රනිල් වික්‍රමසිංහ යනු මහ පොළොවත් සමග ඓන්ද්‍රියව සබඳතාවයක් තිබෙන නායකයෙක් නොවෙයි. පොදු ජනතාවගේ ජන ජීවිතය ගැන සහකම්පනයක් තිබෙන නායකයෙක් නොවෙයි. ඔහු කැබිනට් මණ්ඩලයේදි කියනවා හාල් හිඟයක් ආවොත් රටින් හාල් ගෙනත් දෙන්නම් කියා. ටෙලිකොම් එක, රක්ෂණ සංස්ථාව, බලාගාර, ඛනිජ සම්පත්, විකුණනවා. විකුණලා හොඳට නිදාගන්න පුළුවන්. මිනිස්සු පිළිබඳව, රට පිළිබඳව හැඟීමක් තිබෙන නායකයෙක් නොවෙයි. ඔහුට සියල්ල සල්ලි, සල්ලි. ඔහුට මුදල් ලැබෙනවා නම්, සියලු සම්පත් අතහැරිය හැකියි. සියලු හැඟීම් අයිස් වතුරේ ගිල්වා මරා දැමූ නායකයෙක්.

අපි මේ ගමන් කරමින් තිබෙන්නේ ලංකා ඉතිහාසයේ මේ පාලක කණ්ඩායම දෙක විසින් අනුගමනය කරන ලද ආර්ථික සහ දේශපාලන ප්‍රතිපත්තියේ අවසන් කඩඉමට. රනිල් වික්‍රමසිංහ තමයි එයාලගෙ අන්තිම බැට්ස්මන්. ඡන්දය කියන්නේ, අධිකරණය කියන්නේ, පාර්ලිමේන්තුව කියන්නේ ජනතාව සහ පාලකයා අතර සම්මුතියක්. රනිල් වික්‍රමසිංහ කියන්නේ ඒ සම්මුති කිසිවක් ගණන් නොගන්නා නායකයෙක්. සියලු ප්‍රජාතාන්ත්‍රික සංස්ථාවන් බිඳවට්ටවා, සුනුවිසුනු කොට පාලනය කරන නරුම මනසක් තිබෙන පාලකයෙක්. මෙවැනි පාලකයෝ අයින් කරන්න ඕනෑ. අපි මීට කලින් ආණ්ඩු, නායකයෝ පළවා හැර තිබෙනවා. නමුත් ගේන්නේ කවුද කියා සොයා බැලුවේ නැහැ. අපි ඔබලාට කියන්නේ ඉන්න කෙනා පළවා හරින්න පමණක් නොවෙයි, ගේන්නේ කවුද කියලා තෝරා ගැනීම සඳහා මනස අවදිකරන එක තමයි අපේ අභියෝගය. එළඹෙන ඕනෑම මැතිවරණයකදී ජයග්‍රහණය කරවන්න ඕනෑ, මේ රට හදන, මේ රට වෙනස් කරන ජාතික ජන බලවේගයයි. මේක ඉතාමත් තීරණාත්මක සටනක්.

ලංකා ඉතිහාසයේ ඡන්ද සටන් ඇති තරම් ඔබ දැක තිබෙනවා. 2015, 2019, ඡන්ද ව්‍යාපාරවලදී එකිනෙකාට කඩු අමෝරා ගෙන වේදිකාවල සටන් කරනවා. ජනතාව දෙපැත්තට වෙලා අත්පුඩි ගහමින් සටන් දෙස බලාගෙන ඉන්නවා. එක කණ්ඩායමක් බලයට එනවා. නමුත් දෙගොල්ලොම එකයි. කවදාවත් ඒගොල්ලෝ ළඟ ඇත්ත ඡන්ද සටනක් තිබුණේ නැහැ. පොඩි කාලේ ළමයින්ගේ හොරා පොලිස් සෙල්ලම වගේ, බොරුවට දෙකට බෙදුණා. බලය දෙපැත්තට මාරු කරගත් සටනක් තිබුණේ. නිමල් සිරිපාල 1994 සිට මේ වෙන තෙක් හැමදාම ඇමති. කවදාවත් දෙකට බෙදිල තිබුණේ නැහැ. 2005 මහින්දගෙ ආණ්ඩුවේ ඇමති වූ මහින්ද අමරවීර, මේ දක්වා සෑම ආණ්ඩුවකම ඇමති. සියඹලාපිටිය, දිගටම ඇමති. රාජිත ඇමති නොවුණේ මේ ආණ්ඩුවේ පමණයි. ලංකා ඉතිහාසයේ ජනතාව බෙදී සිටියට, ආණ්ඩුවේ ඇත්ත බෙදීමක් තිබුණේ නැහැ.

ලංකා ඉතිහාසයේ ඇත්ත භූමියේ සටන දැන් දියත් වෙමින් තිබෙනවා. මේ රට විනාශ කළ, දූෂණයට පත්කරපු, ජනතාව දුප්පත්කමේ ගිලටීනයට හිරකරපු විනාශකාරී පාලක පෙළැන්තියට එරෙහිව පොදු ජනයාගේ ව්‍යාපාරය වන ජාතික ජන බලවේගය සටනට අවතීර්ණ වෙලා තිබෙනවා. ඒ නිසා මේක ලේසි වෙන්නේ නැහැ. ඒගොල්ලන්ගේ පැත්තෙන් කළ හැකි සෑම දෙයක්ම තමන්ගේ බලය ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් කරනවා. දැන් කේන්ද්‍ර දෙකයි තිබෙන්නේ. ඒගොල්ලන් දැන් නිල නොවන එකඟතාවයකට ඇවිත් තිබෙනවා. ඔවුන්ට අභිමුඛ ප්‍රබල විරුද්ධ බලවේගය ජාතික ජන බලවේගය බවට පත්වී තිබෙනවා.

ඒගොල්ලන් ළඟ මුදල් බලය, රාජ්‍ය බලය, මාධ්‍ය බලය තිබෙනවා. ප්‍රබලතම බලය වුණු ජනතා බලය ජාතික ජන බලවේගයත් එකක ඉන්නවා. අපි එන්.පී.පී. එක හැදුවා. ඒකෙ විධායක සභාව හැදුවා. කොට්ඨාස සභා හැදුවා. ආසන සභා හැදුවා. සතුරාට අභිමුඛ විය හැකි ප්‍රබලතම ව්‍යාපාරය ගොඩනඟා තිබෙනවා. ප්‍රබලතම විශ්‍රාමික ත්‍රිවිධ හමුදා සාමූහිකය හදා තිබෙනවා. ඇත්ත ව්‍යවසායකයා අපි එකතු කරන්න ඕනෑ. ශක්තිමත්ම ව්‍යවසායක කණඩායම අපි එකතු කරන්න ඕනෑ. ඉතාමත් ශක්තිමත් ලෙස නීතිඥ එකමුතුව ගොඩනඟමින් තිබෙනවා. තරුණ ඉංජිනේරුවන්ගේ ව්‍යාපාරය, විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ ව්‍යාපාරය, වෘත්තීයවේදීන්ගේ එකමුතුව, ශක්තිමත්ම ගොවි ව්‍යාපාරය, ගොඩනඟා තිබෙනවා. ඔබ ගම ඇතුළේ ශක්තිමත්ම ව්‍යාපාරය ජාතික ජන බලවේගය බවට පත්කරන්න උරදෙන්න. එක වරක දුම්රිය එන්ජින් 10ක් ගෙනාවා. එකක් කෝටි 18යි. ගෙනත් බලනකොට එන්ජිම දිග වැඩියි. බර වැඩියි. පීලි ඇඹරෙනවා. යාන්තම් කෑලි හයිකරලා පහක් දුවනවා. පහක ගාල්කර තිබෙනවා අවුරුදු 20ක්. ඒ කෝටි 18ක බර, දුම්රිය ටිකට් එකේ තිබෙනවා. දුම්රිය ගාස්තු අඩු කරන්න පුළුවන්. ඊට පසු කෝටි 76 ගානේ දුම්රිය එන්ජින් 09ක් ගෙනාවා. පීලි අතර දුරට වඩා එන්ජින් එකේ රෝද අතර දුර වැඩියි. අද එන්ජින් 08ක් ගාල් කරලා, එකක් දුවනවා. දුම්රිය ටිකට් එකේ ඒ බර තිබෙනවා. නව යෝජනා අනුව ඉන්දියාවෙන් දුම්රිය පෙට්ටි 160ක් ගෙනාවා. අවුරුදු දෙක තුනක් ගාල්කොට තිබෙනවා. මේවා කාබාසිනියා කොට නැති බංගස්තාන කොට තිබෙනවා. මේවා පියවා ගන්න දුම්රිය ටිකට්පතේ ගාණ වැඩිකොට තිබෙනවා. ඒක නැති කරලා, දුම්රිය කාර්යක්ෂම සේවාවක් බවට පත්කරන සැලැස්ම ජාතික ජන බලවේගයේ අපිට තිබෙනවා.

ජල ගාස්තුව වැඩිවුණා. හේතුව මොකක්ද? ජලාපවාහන මණ්ඩලය වසරකට කෝටි 1400ක පොලියක් ගෙවනවා, කෝටි 800ක ණයක් ගෙවනවා. සේරම කෝටි 2200ක්. ලංකාවේ ප්‍රධානම ව්‍යාපෘති තිබුණේ ගුවන් තොටුපළ. ලොකුම ව්‍යාපෘති චමල්ගාව. ඊළඟට ලොකුම ව්‍යාපෘති ආවේ වරායට, පාරවල්වලට. ඒව මහින්ද ගාව. ඊළඟට ලොකුම ව්‍යාපෘතිය වතුරවලට ආවා. ඒක ප්‍රියත් බන්දු ගාව තිබුණා. මහින්ද වතුර ඇමති වෙනකොට වෝටර් බෝඩ් එකේ සභාපති ප්‍රියත් බන්දු. විශාල ජල ව්‍යාපෘති ආවා. පසුගිය කාලයේ එලන බට ගෙනාවා කෝටි 700ක. එලන්න විදිහක් නැහැ. ගොඩගසා තිබෙනවා. ඔබගේ ජල බිලේ තිබෙන්නේ මේ හොරකම්. අපි උගුරු දෙකක් ජලය බොනකොට, උගුරු දෙකක් හොරකම්වලට ගෙවනවා. ඔක්ටේන් 92 තෙල් කොළඹ වරායෙන් බානකොට පෙට්්‍රල් ලීටරයක් 212යි. විකුණන්නේ 348යි. තෙල් සංස්ථාව හෙජින් ගිවිසුමේ පාඩුව රුපියල් කෝටි 1800යි. තෙල් සංස්ථාව දැන් ඒක පියව ගන්නවා. බාල පොම්ප, බාල ඉන්ධන ගෙනාවා. දැන් ඒකත් තෙල් සංස්ථාව පියවා ගන්නවා. ආණ්ඩුව කෙලින්ම රුපියල් 102ක බද්දක් පෙට්්‍රල් ලීටරයකට ගහනවා. තෙල් සංස්ථාව රුපියල් 13ක ලාභයක් තියා ගන්නවා. තව රුපියල් 04ක් අතිරේක ලාභ ලෙස තබා ගන්නවා. තව රුපියල් 06ක් පිරිපහදු පාඩු කියා තබා ගන්නවා. ඒ ඔක්කොමත් තබාගෙන රුපියල් 13ක ලාභයක් පෙට්්‍රල් ෂෙඩ් එකට දෙනවා. මෙහෙම වෙලා පෙට්්‍රල් රු:348/-ක් වෙනවා. ජනතාවට ලැබෙන අත්‍යවශ්‍ය සේවා බස් ගාස්තුව, දුම්රිය ගාස්තුව, වතුර, විදුලිය, තෙල් මූලික අවශ්‍යතාවයන් සඳහා අපි ගෙවන කොට වංචා කරපු මුදල්ද මේ ගාස්තුවලට ඇතුළත් වී තිබෙනවා. අපි ඉන්ද්‍රජාලිකයෝ නොවෙයි. ස්වභාවික මිනිස්සු. හැකියාවන් තිබෙනවා, දුබලතාවයන් තිබෙනවා. තනි පුද්ගලයෙකුට කිසිවක් කරන්න බැහැ. කළ හැක්කේ සාමූහිකත්වයකට. ආරක්ෂාව පිළිබඳ ප්‍රබලතම කණ්ඩායම අපිත් සමග ඉන්නවා. ආරක්ෂාව කියන්නේ අවි ආයුධ දරාගෙන පාරේ ඉන්න එක නොවෙයි කියා අපි විශ්වාස කරනවා. අවි ආයුධ දරාගෙන පාරෙ ඉන්නවා කියන්නේ, අනාරක්ෂිත රටක් කියන සංඥාව තමයි එයින් කියැවෙන්නේ. අපි හදන්නේ දියුණු, විද්‍යාත්මක, ආරක්ෂිත රටක්. ඒකට අත්දැකීම් තිබෙන හැකියාව තිබෙන ශක්තිමත්ම කණ්ඩායම, දැනුම තිබෙන ප්‍රබලතම කණ්ඩායම ජාතික ජන බලවේගය සමග ඉන්නවා. අපේ රටේ විශාලතම කාර්යය කරන්න තිබෙන්නේ අධ්‍යාපනයේ. අධ්‍යාපනයයි, දුප්පත්කමයි අතර, දුප්පත්කමයි, නූගත්කමයි අතර සම්බන්ධයක් තිබෙනවා. අධ්‍යාපනයයි අපරාධයි අතර, අධ්‍යාපනයයි මත්කුඩුයි අතර, සම්බනධයක් තිබෙනවා. මේ රට ගොඩනැගීමේ ප්‍රධානම අංශය අධ්‍යාපනය. අධ්‍යාපනයේ මුළු වගකීම රාජ්‍ය විසින් බාරගනු ලබන නව ප්‍රතිපත්තියක් ලංකාවට ගෙනත් දෙනවා. මොන්ටිසෝරි අධ්‍යාපනයේ සිට අවසන් අධ්‍යාපනය දක්වා සෑම දරුවෙකුටම සම අවසථා නිර්මාණය කරන නව අධ්‍යාපන ප්‍රතිපත්තියක් ජාතික ජන බලවේගය නිර්මාණය කර තිබෙනවා. අපි මේ වැඩේ එකක් සැලසුම් සහිතව, රට හැදීමේ අවංක මිනිසුන්, අදූෂිත මිනිසුන් සහිතව ඒ ඒ ක්ෂේත්‍ර පිළිබඳ අත්දැකීම් බහුල මිනිස් සමූහයක් එක්ක තමයි මේ ව්‍යාපාරය ගොඩනැගී තිබෙන්නේ. මේ රට හදන්න අපි පමණක් නොවෙයි බිමේ ඉන්න ඔබද දායක වෙන සමාජයක්. මේ ජයග්‍රහණය අපට ලබා ගත හැකියි. මේ අවුරුද්ද රටෙත් ජනතාවගෙත් ඉරණම තීරණය වෙන වැදගත්ම අවුරුද්ද. අපි වෙහෙස නොබලා වැඩ කරමු. හැමදෙනාම මුණගැසෙමු. ශක්තිමත්ම ව්‍යාපාරය ගොඩනඟමු. ඒ වෙනුවෙන් සියලු දෙනා එකතු වෙමු යැයි අනුර කුමාර දිසානායක මහතා වැඩිදුරටත් කියා සිටියේය.

Post Views: 8
Previous Post

සූර්ය එළියෙන් විදුලිය.. නිමකළ නිවාස 11,000 ක් තෝරාගෙන අවසන් – ජාතික නිවාස සංවර්ධන අධිකාරිය

Next Post

රාජ්‍ය නාලිකා විකුණා දමන රජයේ අලුත් මගඩියක් – විපක්ෂනායකගෙන් අනාවරණයක්

editor

editor

Next Post

රාජ්‍ය නාලිකා විකුණා දමන රජයේ අලුත් මගඩියක් - විපක්ෂනායකගෙන් අනාවරණයක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

30 April 2025
ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

20 February 2025
බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

21 March 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
නීති විරෝධී ධීවර කටයුතු සිදුකළ 38ක් නීතියේ රැහැනට

නීති විරෝධී ධීවර කටයුතු සිදුකළ 38ක් නීතියේ රැහැනට

14 May 2025
ලිට්‍රෝ ගෑස් යළිත් නැති වෙයි ද?

ලිට්‍රෝ ගෑස් යළිත් නැති වෙයි ද?

14 May 2025
ළමුන් 30ක් රැගත් බස් රථයක් අනතුරකට ලක් වෙයි

ළමුන් 30ක් රැගත් බස් රථයක් අනතුරකට ලක් වෙයි

14 May 2025
ටීචර් අම්මාට ඇප

ටීචර් අම්මාට ඇප

14 May 2025

Recent News

නීති විරෝධී ධීවර කටයුතු සිදුකළ 38ක් නීතියේ රැහැනට

නීති විරෝධී ධීවර කටයුතු සිදුකළ 38ක් නීතියේ රැහැනට

14 May 2025
ලිට්‍රෝ ගෑස් යළිත් නැති වෙයි ද?

ලිට්‍රෝ ගෑස් යළිත් නැති වෙයි ද?

14 May 2025
ළමුන් 30ක් රැගත් බස් රථයක් අනතුරකට ලක් වෙයි

ළමුන් 30ක් රැගත් බස් රථයක් අනතුරකට ලක් වෙයි

14 May 2025
ටීචර් අම්මාට ඇප

ටීචර් අම්මාට ඇප

14 May 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

නීති විරෝධී ධීවර කටයුතු සිදුකළ 38ක් නීතියේ රැහැනට

නීති විරෝධී ධීවර කටයුතු සිදුකළ 38ක් නීතියේ රැහැනට

14 May 2025
ලිට්‍රෝ ගෑස් යළිත් නැති වෙයි ද?

ලිට්‍රෝ ගෑස් යළිත් නැති වෙයි ද?

14 May 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved