27 April 2024
#දේශීය

රාජ්‍ය නාලිකා විකුණා දමන රජයේ අලුත් මගඩියක් – විපක්ෂනායකගෙන් අනාවරණයක්

ජාතික සම්පත් බහුතරයක් වත්මන් රජය විසින් විකුණා දැමීමට සූදානම් බවත් එහි එක් පියවරක් ලෙස නුදුරේදීම රූපවාහිනී සංස්ථාවට අයත් චැනල් අයි නාලිකාව විකුණා දැමීමට සූදානම් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

විපක්ෂනායකවරයා මේ බව කියා සිටියේ අද (14) අම්පාර සමන්තුරේ මුස්ලිම මහා විද්‍යාලයට සක්වල බස් රථ වැඩසටහන යටතේ රුපියල් ලක්ෂ 50ක් වටිනා බස් රථයක් ලබා දීමේ අවස්ථාවට එක් වෙමිනි.

රජයට මූල්‍ය ගැටලු තිබුණත් නව ආයෝජකයන් රාජ්‍ය මාධ්‍යයකට සම්බන්ධ කර ගැනීමට නිසි ක්‍රමවේදයක් තිබිය යුතු බවත් එම ක්‍රමවේදයෙන් බැහැරව රජයට හිතෙන හිතෙන ආකාරයට රාජ්‍ය සම්පත් විකුණා දමන සූදුවක් මේ වන විට ක්‍රියාත්මක වන බවත් පැවසූ මේ යන ආකාරයට අවසානයේ රජයේ පාසල් හා රෝහල් වුවද පෞද්ගලීකරණය කිරිමට ද මේ රජය සිදු කළ හැකි බව හෙතෙම පැවසීය.

රටේ වටිනා සම්පත් විකුණා දැමීමේ මේ සුදුවට එරෙහිව නැගී සිටිය යුතු බවත් මේ සියලු දේවල් ජනතාවගේ සහ රටේ සම්පත් බවත් එම සම්පත් සමඟ වැඩ කිරීමේ දී විනිවිදභාවය හා ප්‍රසම්පාදන ක්‍රමයක් තිබිය යුතු බවත් මෙවැනි අනිතික වෙන්දේසි නැවත රජයට පවරා ගන්නා බවත් අධ්‍යාපනය හෝ සෞඛ්‍ය ක්ෂේත්‍රය පුද්ගලීකරණය කිරිමට ඉඩ නොදෙන බව ඔහු අනාවරණ කලේය.

Leave a comment

Your email address will not be published. Required fields are marked *