• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

වන අලි ගැටලුවට විසඳුම් ඉල්ලා එප්පාවල ජනතාව විරෝධතාවයක

19 December 2023
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

වන අලි ගැටලුවට විසඳුම් ඉල්ලා එප්පාවල- කැකිරාව ප්‍රධාන මාර්ගය කුඹුක්ඇන්ද ප්‍රදේශයෙන් අවහිර කරමින් ගම්මාන කීපයක ජනතාව ඊයේ (18) විරෝධතාවක නිරත වූහ.

වන අලි පහරදීමකින් ජීවිතක්ෂයට පත් පුද්ගලයකුගේ මෘත දේහයක්ද ප්‍රධාන මාර්ගයේ තබා ගෙන මෙම පිරිස වන අලි ගැටලුවට බළධාරීන්ගෙන් විසඳුම් ඉල්ලා සටන් පාඨ කියමින්, විරෝධතා පුවරු ප්‍රදර්ශනය කරමින් විරෝධතාවයෙහි නිරත වූහ.විරෝධතාවය සඳහා අවට විහාරස්ථානයන්හී ස්වාමීන්වහන්සේලාද වැඩම කර සිටියහ.මෙම විරෝධතාවය සඳහා කැලේදිවුල්වැව, කුඹුක්ඇන්ද, මහඉලුප්පල්ලම, පුලියන්කුළම ආදී ගම්මාන රැසක ජනතාව සහභාගී වී සිටියහ.

පසුගිය 17 වැනිදා අලුයම වන අලියකු සිදු කළ පහරදීමකින්මහඉලුප්පල්ලම, පුලියන්කුළම ගම්මානයේ පදිංචි ජයවීර මුදියන්සේලාගේ රණසිංහ බණ්ඩා නම් 75 හැවිරිදි පස්දරු ගොවි මහතෙකු, තම ගෙවත්තට පැමිණි වන අලියකු පන්නා දැමීමට යාමේදී වන අලියා කළ පහරදීමකින් ඔහු ජීවිතක්ෂයට පත්ව තිබිණි.ඔහුගේ දේහය පිළිබඳ අවසන් කටයුතු සිදු කිරීමෙන් අනතුරුවයි, ප්‍රදේශවාසීන් විසින් මෙම උද්ඝෝෂණය සංවිධානය කර තිබුනේ.

වන අලි පහරදීමෙන් ජීවිතක්ෂයට පත් රණසිංහ බණ්ඩා මහතාගේ දේහය ආදාහනයට පෙර රැගෙන විත් එප්පාවල-කැකිරාව ප්‍රධාන මාර්ගයේ තබා අලි-මිනිස් ගැටුමෙන් තවත් මිනිසෙකුගේ හෝ අලියකුගේ ජීවිතයක් නැති වීමට පෙර විසදුමක් ලබා දෙන ලෙස ඔවුන් ඉල්ලා සිටියහ.අනතුරුව දේහය ආදාහන කටයුතු සඳහා එප්පාවල ආදාහනාගාරය වෙත රැගෙන ගිය අතර, උද්ඝෝෂණය අඛණ්ඩව පැවැතවිණි. පස්වරු 4.00 සිට පස්වරු 6.00 පමණ වන තුරුත් ඔවුන් ප්‍රධාන මාර්ගය අවහිර කරමින් විරෝධතාවයෙහි නිරත වූහ.මේ හේතුවෙන් එප්පාවල-කැකිරාව ප්‍රධාන මාර්ගයේ ගමනා ගමන කටයුතු වලට බාධා සිදු වූ අතර, අතුරු මාර්ග ඔස්සේ වාහන ධාවනය කර වීමට පොලීසිය කටයුතු කළහ, විරෝධතාකරුවන් අතරට පැමිණි එප්පාවල පොලිස් ස්ථානයේ ස්ථානාධිපතිතුමන් කියා සිටියේ වනජීවී නිළධාරීන්ද සංකේත වැඩ වර්ජනයක නිරත වන බැවින් විරෝධතාකරුවන් හමුවට වගකිව යුතු නිළධාරියකු කැඳවා ගැනීමේ අපහසුතාවක් පවතින බවයි.සතියක් තුළ මේ සඳහා විසදුමක් ලබා නොදුන හොත් දැවැන්ත උද්ඝෝෂණයක් සිදු කරන බව පවසා පස්වරු 6.00 ට පමණ විරෝධතාවය අවසන් කළහ.

ප්‍රදේශවාසීන් කියා සිටින්නේ මහඉලුප්පල්ලම, පුලියන්කුළම, කුඹුක්ඇන්ද, කැලේදිවුල්වැව ඇතුළු ගම්මාන රැසකට මේ දින වල වන අලින් ගම්වැදීම හේතුවෙන් තමන් මහත් පීඩාවට පත්ව ඇති බවයි, මේ පිළිබඳව බළධාරීන් නිළධාරීන දැනුම්වත් කළද කිසිදු ඵලක් නොවූ බව ඔවුන් පවසති.මේ වන විට තම ගම්මානයේ පුද්ගලයින් දෙදෙනකු මාස 02 ක් වැනි කෙටි කාළයක් තුළ වන අලි පහරදීම් වලින් ජීවිතක්ෂයට පත් වූ බවත්, රාත්‍රියේ හා අලුයම් කාළයේ ගම්මානය පුරා වන අලි බහුලව සිටින බැවින් රාත්‍රියට නිවසින් එළියට බැසීමට පවා නොහැකි බවත්, ප්‍රධාන මාර්ගයේ පවා වන අලින් ගැවසෙන බවත් ඔවුන් පවසති.අලි ගම්වැදුනු විට වනජීවියට දැනුම් දුන් පස් ඔවුන් ගම්මානයට පැමිණ මත්පැන් බී, කා බී විනෝද වී ඔවුන්ගේ හිතවතුන්ට අලි වෙඩි දෙකක් දී නැවත යන බවත්, වනජීවියෙන් නිසි රාජකාරියක් ඉටු නොවන බවත් විරෝධතාකරුවන් පැවසීය.වනජීවිය හෝ බළධාරීන් අලි ගම්වැදීමට විසදුමක් ලබා නොදීම හේතුවෙන් වටිනා මිනිස් ජීවිතයක් අහිමි වූ බවද ඔවුන් පැවසීය.තම ගම්මානයට පවතින වන අලි ගැටලුවට කඩිනම් විසදුම් ලබා දෙන ලෙස ඔවුන් බළධාරීන්ගෙන් ඉල්ලා සිටිති.

තිසර සමල් – අනුරාධපුර

Post Views: 7
Previous Post

ආණ්ඩු වෙනස් වන විට වෙනස් නොවන ඩිජිටල් ආර්ථික ප්‍රතිපත්තියක් හඳුන්වා දෙනවා – රාජ්‍ය අමාත්‍ය කනක

Next Post

චීනයේ භූමිකම්පාවෙන් 100 කට වැඩි පිරිසක් මියයයි

editor

editor

Next Post
චීනයේ භූමිකම්පාවෙන් 100 කට වැඩි පිරිසක් මියයයි

චීනයේ භූමිකම්පාවෙන් 100 කට වැඩි පිරිසක් මියයයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

30 April 2025
ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

20 February 2025
බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

21 March 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

9 May 2025
රට පුරා වේගයෙන් පැතිරෙන වෛරසය ගැන දැනගමු

රට පුරා වේගයෙන් පැතිරෙන වෛරසය ගැන දැනගමු

9 May 2025
ගුවන් අනතුරින් මිය ගිය ගණන සහ තවත් තොරතුරු

ගුවන් අනතුරින් මිය ගිය ගණන සහ තවත් තොරතුරු

9 May 2025
නව පාප් වහන්සේ Robert F. Prevost

නව පාප් වහන්සේ Robert F. Prevost

9 May 2025

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

9 May 2025
රට පුරා වේගයෙන් පැතිරෙන වෛරසය ගැන දැනගමු

රට පුරා වේගයෙන් පැතිරෙන වෛරසය ගැන දැනගමු

9 May 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved