• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

තෙවන චාල්ස් රජුගේ සහභාගීත්වයෙන් පැවති පොදුරාජ්‍ය මණ්ඩලීය නායක හමුවට ජනපති එක් වෙයි

6 May 2023
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

පොදු රාජ්‍ය මණ්ඩලීය රටවල රාජ්‍ය නායක හමුවක් තෙවන චාල්ස් රජුගේ සහභාගීත්වයෙන් ඊයේ (05) ලන්ඩන් නුවර දී පැවත්වුණු අතර ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ද ඊට සහභාගි විය.

එහිදී ජනාධිපතිවරයා තෙවන චාල්ස් රජු වෙත සුබපැතුම් එක් කරමින් සුහද කථා බහක නිරත වූ අතර එම අවස්ථාවට මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ මහත්මිය ද සහභාගි වූවාය.

පොදුරාජ්‍ය මණ්ඩලයීය රටවල නායකයන් හමුවේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කළේ තරුණ සහභාගිත්වය දිරිමත් කරන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සඳහා පොදුරාජ්‍ය මණ්ඩලය වඩා විශාල කාර්යභාරයක් ඉටු කළ යුතු බවයි.

ඩිජිටල්කරණය තුළින් සබඳතා ශක්තිමත් කරන ලෙස ද ජනාධිපතිවරයා මෙහිදී පොදුරාජ්‍ය මණ්ඩලයෙන් ඉල්ලා සිටියේය.

මේ අතර පොදු රාජ්‍ය මණ්ඩලීය නායක හමුවට සමගාමීව පැවති ‘Fireside Chat’ වැඩසටහන සඳහා ද මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ මහත්මිය සහභාගී වූවාය. ‘Fireside Chat’ වැඩසටහන පොදුරාජ්‍ය මණ්ඩලීය රටවලට අදාළ විවිධ කරුණු සාකච්ඡා කෙරෙන වේදිකාවකි.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ඝානා ජනරජයේ ජනාධිපති නානා අකුෆෝ-ඇඩ්ඩෝ (Nana Addo Dankwa Akufo-Addo) මහතා අතර හමුවක් ද ඊයේ (05) සිදු වූ අතර දෙරට අතර ද්විපාර්ශ්වික සබදතා තවදුරටත් ශක්තිමත් කර ගැනීම පිළිබඳ එහිදී නායකයින් සාකච්ඡා කළහ.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ රුවන්ඩා ජනාධිපති පෝල් කගමේ (Paul Kagame) මහතා ද ඊයේ හමු වී සාකච්ඡා පැවැත්වීය.

ශ්‍රී ලංකාව සහ රුවන්ඩාව අතර සහයෝගීතාව තවදුරටත් වර්ධනය කර ගැනීම පිළිබඳ එහිදී අවධානය යොමු වූ අතර විශේෂයෙන් කෘෂිකර්ම හා සෞඛ්‍ය ක්ෂේත්‍රයට අදාළව දෙරට අතර පවතින නව ආයෝජන අවස්ථා සොයා බැලීමට එකඟතාව පළ කෙරිණි.

දෙරටේම අදාළ අමාත්‍යවරුන් දෙරට අතර සංචාරය කරමින් ඒ පිළිබඳ ඉදිරි සාකච්ඡා පැවැත්විමට ද තීරණය කෙරිණි.

එමෙන්ම ශ්‍රි ලංකාව සහ රුවන්ඩාව අතර ආරක්ෂක සහයෝගිතාව පුළුල් කර ගැනීම පිළිබඳව ද අවධානය යොමු වූ අතර ස්වභාවික විපත්වලදී කඩිනමින් ක්‍රියාත්මකවීම පිළිබඳ පුහුණුවීම් සඳහා ශ්‍රී ලංකාවේ ආරක්ෂක හමුදාවන්හි සහාය රුවන්ඩාවට ලබාදීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එකඟතාව පළ කළේය.

ලන්ඩනයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් සරෝජා සිරිසේන සහ ජාත්‍යන්තර සබඳතා පිළිබඳ ජනාධිපති අධ්‍යක්ෂ දිනූක් කොළඹගේ යන මහත්ම මහත්මීහු ද මෙම හමුවට එක් වූහ.

Post Views: 22
Previous Post

අනවසරයෙන් මෙරටින් සංක්‍රමණය කළ පුද්ගලයන් 06 ක් මන්නාරමේදී නාවික හමුදා භාරයට

Next Post

චාල්ස් රජු කිරුළු පළඳයි

editor

editor

Next Post

චාල්ස් රජු කිරුළු පළඳයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

4 June 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ප්‍රශ්න ගත බහාලුම්වල තිබූ දේවල් ගැන හෙළිවෙයි

ප්‍රශ්න ගත බහාලුම්වල තිබූ දේවල් ගැන හෙළිවෙයි

8 June 2025
රට තුළ අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ග 1200ක්

රට තුළ අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ග 1200ක්

8 June 2025
හදිසියේම  ගණන් ගිය දේ

හදිසියේම ගණන් ගිය දේ

8 June 2025
අදත් දයාසිරි CID යට

අදත් දයාසිරි CID යට

6 June 2025

Recent News

ප්‍රශ්න ගත බහාලුම්වල තිබූ දේවල් ගැන හෙළිවෙයි

ප්‍රශ්න ගත බහාලුම්වල තිබූ දේවල් ගැන හෙළිවෙයි

8 June 2025
රට තුළ අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ග 1200ක්

රට තුළ අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ග 1200ක්

8 June 2025
හදිසියේම  ගණන් ගිය දේ

හදිසියේම ගණන් ගිය දේ

8 June 2025
අදත් දයාසිරි CID යට

අදත් දයාසිරි CID යට

6 June 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ප්‍රශ්න ගත බහාලුම්වල තිබූ දේවල් ගැන හෙළිවෙයි

ප්‍රශ්න ගත බහාලුම්වල තිබූ දේවල් ගැන හෙළිවෙයි

8 June 2025
රට තුළ අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ග 1200ක්

රට තුළ අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ග 1200ක්

8 June 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved