27 April 2024
#දේශීය

අනවසරයෙන් මෙරටින් සංක්‍රමණය කළ පුද්ගලයන් 06 ක් මන්නාරමේදී නාවික හමුදා භාරයට

මන්නාරම, එරුක්කුලම්පිඩ්ඩි ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ ඊයේ (05) දින සිදුකළ මෙහෙයුමක් මඟින්, නීති විරෝධී ලෙස මුහුදු මාර්ග ඔස්සේ මෙරටින් විදෙස් රටකට සංක්‍රමණය වීමට උත්සහ කළ බවට සැකකෙරෙන පුද්ගලයන් 06 ක් සමග ඩිංගි යාත්‍රාවක් නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

එහිදී සැකකෙරෙන යාත්‍රාවේ ක්‍රියාකරු සමඟ වැඩිහිටි පිරිමි පුද්ගලයන් දෙදෙනෙකු (02), එක් කාන්තාවක් (01) හා ළමුන් තිදෙනෙකු (03) ඇතුළු හය දෙනෙකු (06) නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

එලෙස නාවික හමුදා භාරයට ගත් සැකකරුවන් පිරිස වව්නියාව සහ මන්නාරම යන ප්‍රදේශයන්හී පදිංචිකරුවන් බවට හඳුනා ගන්නා ලද අතර, එම පිරිස ඉදිරි නීතිමය කටයුතු සඳහා මන්නාරම පොලිසිය වෙත භාරදීමට කටයුතු කෙරිණි.

 

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *