• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

මෙරට පුරවැසින්ට බියෙන් සැකෙන් තොරව නිදහසේ ජිවත් වීමේ පරිසරයක් තමා උදාකර දී ඇති බව ජනපති කියයි

2 January 2022
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

මෙරට අනෙකුත් සහෝදර ආගමික පුරවැසින්ට බියෙන් සැකෙන් තොරව නිදහසේ ජිවත් වීමේ පරිසරයක් තමා උදාකර දී ඇති බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.

ජනාධිපතිවරයා මේ බව පැවසුවේ මහා සංඝරත්නයේ ආශිර්වාදය පළ කරමින්, මහාවිහාරවංශික කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමග්‍රීධර්ම මහා සංඝසභාව ජනාධිපතිවරයා වෙත “ශ්‍රී ලංකාධීශ්වර පද්මවිභූෂණ” ගෞරව නාමය පිරිනමයි.

මාතෘ භූමියට ගෝඨාභය රාජපක්ෂ මහතාගේ අධිපතිත්වය හා අවශ්‍යතාව මෙන්ම ජනාධිපතිතුමාගේ අතීත සහ වර්තමාන නොකැළැල් පැවැත්ම සංකේතවත් කරමින් අද (02) පස්වරුවේ කෝට්ටේ රාජමහා විහාරයේ දී සංවිධානය කෙරුණු විශේෂ පුණ්‍ය මහෝත්සවයේ දී කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමග්‍රීධර්ම මහා සංඝසභාව මෙම ගෞරව නාමය පිරිනමනු ලැබීය.

අදාළ සන්නස් පත්‍රය කියවීමෙන් පසු කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමග්‍රීධර්ම මහා සංඝසභාවේ මහානායක ආචාර්ය අතිපූජ්‍ය ඉත්තෑපාන ධම්මාලංකාර මාහිමියෝ ජනාධිපතිතුමා වෙත “ශ්‍රී ලංකාධීශ්වර පද්මවිභූෂණ” ගෞරව නාමය පිරිනැමූහ.

පිළිගැනීමේ අනුශාසනාව එම මහා සංඝසභාවේ නියෝජ්‍ය ලේඛකාධිකාරී, ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ වැඩබලන උප කුලපති මහාචාර්ය පූජ්‍ය නෙළුවේ සුමනවංශ නාහිමියෝ සිදු කළහ.

රට ගොඩනැගීම සඳහා ගත වූ කාලයට වඩා වැඩි කාලයක් ඉතිරිව ඇති බැවින් ඉදිරි වසර තුන මැනවින් කළමනාකරණය කර රට ගොඩනැගීමට මහා සංඝරත්නයේ ආශිර්වාදය පිරිනමන බව මෙහිදී ප්‍රධාන අනුශාසනාව සිදුකරමින් කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමග්‍රීධර්ම මහා සංඝසභාවේ ප්‍රධාන ලේඛකාධිකාරී, පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පාලි හා බෞද්ධ අධ්‍යයන අංශයේ අංශාධිපති අග්ගමහා පණ්ඩිත මහාචාර්ය අතිපූජ්‍ය කොටපිටියේ රාහුල අනුනාහිමියෝ පැවසූහ.

 

ජයග්‍රහණයක් ලැබූ විට එය බෙදාගැනීමට බොහෝ අය සිටිති. එහෙත් උත්සාහයක් වැරදි පරාජයක් ලැබූ විට එම වරද නායකයා වෙත ම පැවරෙනු ඇත. මෙය සාමාන්‍ය තත්ත්වයක් බවත් දේශපාලනයේ දී ලබන අමිහිරි අත්දැකීම් හමුවේ නොසැලී ඉදිරි කාලයේ රට ගොඩනැංවීමට ශක්තිය ප්‍රාර්ථනා කරන බවත් කොටපිටියේ රාහුල හිමියෝ සඳහන් කළහ.

මූලාසනයේ අනුශාසනාව සිදුකළ කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමග්‍රීධර්ම මහා සංඝසභාවේ මහානායක ආචාර්ය අතිපූජ්‍ය ඉත්තෑපාන ධම්මාලංකාර මාහිමිපාණන් වහන්සේ මෙම ආශිර්වාදාත්මක ගෞරව නාම ප්‍රදානය ජනාධිපතිතුමාගේ ජීවිතයට මහා ශක්තියක් සහ බලයක් වනු ඇතැයි පැවසූහ.

මහා සංඝරත්නයේ ආශිර්වාදය, ශක්තිය සහ ධෛර්යය ජනාධිපතිතුමා වෙත ලබාදීමට සැමවිටම ක්‍රියාකරන බව ද උන්වහන්සේ කියා සිටියහ.

මහා සංඝරත්නය, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා, කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා, කැබිනට් අමාත්‍යවරු, ආණ්ඩුකාරවරු, රාජ්‍ය අමාත්‍යවරු, පාර්ලිමේන්තු මන්ත්‍රීවරු, තානාපතිවරු, අමාත්‍යාංශ ලේකම්වරු සහ රාජ්‍ය නිලධාරීහු ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

 

 

“ශ්‍රී ලංකාධීෂ්වර පද්මවිභූෂණ” ගෞරව නාමය පිරිනැමීමේ උත්සවයේදී ජනාධිපතිවරයා කළ කතාව සම්පුර්ණයෙන් පහත පරිදි වේ.

කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමග්‍රී ධර්ම මහා සංඝ සභාව විසින් අද දින මා වෙත පිරිනැමූ ගෞරව නාමය මා නමස්කාර පුර්වක නිහතමානී ගෞරවයකින් පිළිගන්නා බව ප්‍රථමයෙන් සඳහන් කිරීමට කැමතියි. ඒ වගේම ඉදිරියට රටේ අනාගත වැඩ පිළිවෙළ සාර්ථකව කරගෙන යෑම උදෙසා මා වෙත කළ ආශීර්වාදය මා හට විශාල ශක්තියක් හා ධෛර්යක් වන බව මා විශ්වාස කරනවා.

ඒ වාගේම මා හට ලබා දුන් අනුශාසනාමය මග පෙන්වීම ඉමහත් ලෙස අගය කරනවා සේම, ඒ සියල්ල ගෞරවයෙන් පිළිගන්නවා. එය මගේ භාග්‍යයක් සේ ද සලකනවා.

දෙමාපිය උරුමයෙන් බෞද්ධයෙකුව උපත ලැබීමත්, මෙරට ප්‍රධාන පෙළේ බෞද්ධ පාසලක් වන කොළඹ ආනන්ද විද්‍යාලයෙන් ලැබූ ශික්ෂණයත්, කල්‍යාණ මිත්‍ර මහා සංඝරත්නයේ අවවාද අනුශාසනා පිළිපැදීමෙන් ලද ආභාෂයත්, හමුදා සේවයේ යෙදීම නිසා ලැබු විනයත් මාගේ දිවිය ඔප් නංවන්නට හේතු කාරණා වූ බව මේ මොහොතේ විශේෂයෙන් සඳහන් කරන්න කැමතියි.

අද ඔබ වහන්සේලා මට ගෞරවයන් ප්‍රදානය කරන්නේ රට වෙනුවෙන් මා හමුදා නිලධාරියෙකු වශයෙනුත්, ආරක්‍ෂක ලේකම් ලෙසත් රට වෙනුවෙන් කල සේවාව ද අගයමිනි.

මාගේ විසි අවුරුදු හමුදා ජීවිතයේ දී ඊලාම් යුද්ධයේ මුල් අවධියේත්, දෙවන ඊලාම් යුද්ධයේදීත් උතුරු නැගෙනහිර ප්‍රදේශවල ක්‍රියාන්විත රාශියක් කරනු ලැබුවා.

ඉන්දියානු සාම හමුදාව එන්නට ප්‍රථම, එවකට කල විශාලතම ක්‍රියාන්විතය වන වඩමාරච්චි ක්‍රියාන්විතයේ බළඇණි හතරෙන් එක් බළඇණියක් අණ දුන්නේ මමයි.

දෙවන ඊලාම් යුද්ධය ආරම්භ වූ අවස්ථාවේ යපනය කොටුව නිදහස් කර ගැනීමට මුල් වූ බළඇණි දෙකින් එකකට අණ දුන්නේ මමයි. වැලිඔය, වවුනියාව සහ ත්‍රිකුණාමලය වැනි ප්‍රදේශවල ක්‍රියාන්විත රාශියක් මා කරනු ලැබුවා. ඒ වෙනුවෙන් මට රණශූර සහ රණ වික්‍රම පදක්කම් සහ ජනාධිපති සම්මාන ලැබුණා.

ආරක්‍ෂක ලේකම් වශයෙන් අවුරුදු තිහක් පුරා පැවති යුද්ධය නිම කිරීම සඳහා සෘජුවම දායක වෙමින් කල සේවය ඔබ වහන්සේලා දන්නවා.

මා සිංහලයන් බහුතරයකගේ ඡන්දයෙන් තේරී පත් වූ ජනාධිපතිවරයෙකු බව එදා රුවන්වැලි මහා සෑය ඉදිරියේ ජනපති ධුරයේ දිවුරුම් දුන් දවසේ ප්‍රකාශ කළා.

මා මෙරට ප්‍රථම පුරවැසියා කිරීමට බොහෝ කැපවීම් කළ සිංහල බෞද්ධයන් හා එම උරුමය රැක බලා ගැනීම, මා හට පැවරී ඇති පරම වගකීමක් බව මා තරයේ විශ්වාස කරනවා.

ඒ වෙනුවෙන් මා නිරන්තරයෙන් කැපවෙන බවත්, මා ලබා ඇති බෞද්ධ ශික්ෂණය හා ආභාෂය නිසාම මෙරට අනෙකුත් සහෝදර ආගමික පුරවැසින්ට බියෙන් සැකෙන් තොරව නිදහසේ ජිවත් වීමේ පරිසරයක් මා උදාකර දී ඇති බවත් විශේෂයෙන් සඳහන් කළ යුතුයි.

ගෞරවනීය ස්වාමීන් වහන්ස,

මා ජනාධිපති ලෙස පත්වන්නට පෙර කූරගල පුදබිම, මුහුදු මහා විහාරය, දීඝවාපි පුදබිම ආදී අපගේ බෞද්ධ සිද්ධස්ථාන තිබූ ආකාරය, ඒවායේ වැඩ සිටි භික්ෂූන් වහන්සේලාට සැලකූ ආකාරය, එම විහාර ඉඩම්වලට අත් වූ ඉරණම ගැන අප කවුරුත් දන්නවා. එම විහාරස්ථානවල වර්තමාන තත්ත්වය ගැන අප සියලු දෙනාටම සතුටු විය හැකියි.

මාගේ පාලන කාලය තුළ අපගේ ඉපැරණි බෞද්ධ උරුමයන් සුරක්ෂිත බව අප ක්‍රියාවෙන් සහතික කර තිබෙනවා.

පුරා දෙවසරක් තිස්සේ ලෝකයම වෙලාගත් වසංගත තත්ත්වය සාර්ථකව පාලනය කිරීමට අපට හැකි වුනා. එහෙත් මෙරට ජනතාවට ඉන් ඇතිවූ යම් ආර්ථික හා සමාජ පීඩනයන් හේතුවෙන් පැන නැගුණු අපහසුතා නිසා ඇතැම් පුද්ගලයන් මා හට නින්දා අපහාස කළත්, මට එය උපේක්ෂාවෙන් විඳ දරා ගැනීමේ ශක්තියක් තියෙනවා.
ඒ වගේම මට අපහාස කරන කිසිවෙකුත් මගේ ජීවිත කාලය තුල මා රටට කල සේවාවෙන් බිදක්වත් කර නැති අයයි.

මේ ලෝකයේ නින්දා හෝ ප්‍රශංසා පමණක් ලැබූ පුද්ගලයෙක් සිට නොමැතිය යන උතුම් බුද්ධ දේශනාව ධම්මපදය ක්‍රෝධ වග්ගයේ සඳහන්ව තිබෙනවා.

මේ රටේ බෞද්ධ දර්ශනය ආරක්ෂා කොට පෝෂණය කිරීමට මම ඇප කැප වී සිටින බව මේ මොහොතේ විශේෂයෙන් සඳහන් කළ යුතුයි. වසර දහස් ගණනක ඉතිහාසයක් ඇති සිංහල සංස්කෘතිය හා උරුමයන් අප හැම විටම ආරක්ෂා කළ යුතුයි. ඒ නිසා අපේ සාරධර්ම පාරම්පරික සිරිත් විරිත් හා අපේකම ආරක්ෂා කිරීමට රාජ්‍ය අනුග්‍රහය ඉදිරියටත් නොකඩවා ලබා දෙනවා.

ඉතිහාසය පුරා මේ රටේ ප්‍රධාන සංස්කෘතිය හා බැඳී සාමයෙන්, සහජීවනයෙන් ජීවත් වූ සියලුම ශ්‍රී ලාංකික පුරවැසියන්ට, ආගමික, ජාතික අනන්‍යතාවන් රැකගෙන ගෞරවාන්විතව ජීවත් වීමට ඇති අයිතිය මම හැම විටම සුරකිනවා.

මෙතෙක් අප ගමන් මගේ දී මුහුණ දීමට සිදු වූ බාධක මග හරවා ගනිමින් නව ගමනක් යෑමටත්, මා මෙරට ජනපති ලෙස තෝරා පත් කළ ජනතාවගේ අභිලාෂයන් මුදුන්පත් කර දීමටත් මා සුදානම්.
ඒ සඳහා ගත යුතු දැඩි තීන්දු තීරණ ගන්නට සිදු වේ නම්, ඒ සඳහාත් මා සුදානම් බව මේ අති පූජනීය, ගෞරවනීය සංඝරත්නය ඉදිරියේ වගකීමෙන් ප්‍රකාශ කරනවා.

කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමග්‍රී ධර්ම මහා සංඝ සභාව විසින් අද දින මා වෙත පිරිනැමූ ගෞරව නාමය හා ආශීර්වාදය මා නමස්කාර පූර්වක නිහතමානී ගෞරවයකින් පිළිගන්නා බව මා නැවත සිහිපත් කරනවා.

මේ ලැබූවා වූ නව වසර අති පූජනීය මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ ප්‍රමුඛ ගෞරවණිය මහා සංඝරත්නයටත්, ඔබ සියලු දෙනාටත් සෞභාග්‍යයෙන් පිරි වාසනාවන්ත වසරක් වේවායි ඉත සිතින් ප්‍රාර්ථනා කරනවා.
තෙරුවන් සරණයි !

Post Views: 2
Previous Post

මා‍තලේ ට කුඩු බෙදාහරින ප්‍රධාන පෙළේ කුඩු ජාවාරම්කාරිය අත්අඩංගුවට

Next Post

රට රකින සිංදු කියාගෙන ආපු ආණ්ඩුව දැන් වැදගත් සම්පත් විකුණනවා – ජවිපෙ

editor

editor

Next Post

රට රකින සිංදු කියාගෙන ආපු ආණ්ඩුව දැන් වැදගත් සම්පත් විකුණනවා - ජවිපෙ

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

30 April 2025
ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

20 February 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
උතුරා ගැලූ ගඟුලක් අද වියැළිලා – මාලනිය දිවිමගට සමු දෙයි

උතුරා ගැලූ ගඟුලක් අද වියැළිලා – මාලනිය දිවිමගට සමු දෙයි

24 May 2025
තවත් භයානක අනතුරක් (photos)

තවත් භයානක අනතුරක් (photos)

22 May 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
ජල බිලට වෙන්න යන දේ

ජල බිලට වෙන්න යන දේ

22 May 2025

Recent News

උතුරා ගැලූ ගඟුලක් අද වියැළිලා – මාලනිය දිවිමගට සමු දෙයි

උතුරා ගැලූ ගඟුලක් අද වියැළිලා – මාලනිය දිවිමගට සමු දෙයි

24 May 2025
තවත් භයානක අනතුරක් (photos)

තවත් භයානක අනතුරක් (photos)

22 May 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
ජල බිලට වෙන්න යන දේ

ජල බිලට වෙන්න යන දේ

22 May 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

උතුරා ගැලූ ගඟුලක් අද වියැළිලා – මාලනිය දිවිමගට සමු දෙයි

උතුරා ගැලූ ගඟුලක් අද වියැළිලා – මාලනිය දිවිමගට සමු දෙයි

24 May 2025
තවත් භයානක අනතුරක් (photos)

තවත් භයානක අනතුරක් (photos)

22 May 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved